Chitika Smowtion 468x60


Tuesday, June 26, 2012

දිල්ශාන් ගැන නුපුර් මේතා සිදුකල හෙළිදරව්ව


පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව හා පකිස්ථානය අතර පැවති තරඟය පවා දී ඇති බවට මේ දිනවල චෝදනා නැගෙනවා. මෙයට මැදිහත්වී ඇත්තේ ඉන්දියානු බුකි කරුවෙක් වන අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මේ පිළිබඳව පරීක්ෂණයක්ද සිදුකිරීමට නියමිතයි.

මේ අතරම බුකි කරුවන් හෙළි කලේ ඉන්දියානු නිළියක්ද මෙයට සම්බන්ධ වී ඇති බවයි.බොලිවුඩ් නිළියක වන නුපුර් මේතා ඒ අනුව මෙම තරඟ පාවාදීමේ කතාවට සම්බන්ධ වන අතර ඇය ඒවා ප්‍රතික්ෂේප කරමින් තමා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වූ තිලකරන්ත දිල්ශාන් සමග පමණක් සම්බන්ධතාවයක් පැවැත්වූ බව හෙළි කර සිටියා.

පසුගියදා රේඩිෆ් වෙබ් අඩවියට නුපුර් මේතා දිල්ශාන් පිලිබඳ අපුරු විස්තරයක් හෙළිදරව් කර තිබුනා. පහතින් දැක්වෙන්නේ එහි පරිවර්තනයයි.

2009 වසරේ 20 යි 20 ලෝක කුසලානය අතරතුරදී ඔබ දිල්ශාන් සමග සම්බන්ධතාවයක් පැවැත්වූ බව කතාවක් පැතිරුනා? මොකද්ද ඒ?
මම හිතන්නේ මම ඒ ගැන වැඩි අවධානය යොමු කරන්න ඕන නැහැ.මොකද මට වැඩිපුර දෙයක් කියන්න නැහැ දිල්ශාන් සහ මාත් එක්ක පැවැත්වූ සම්බන්ධය ගැන.එක බොහොම කෙටි කාලින සම්බන්ධයක් වුනා.


මම ඔහු වෙනුවෙන් පවුම් 800 ක් පමණ වියදම් කලත් ඔහු ඒවා නැවත මා වෙත දුන්නේවත් නැහැ.ඔහුට කැසිනෝ ගහන්න උවමනා උනා, බුරියානි කන්න ඕන උනා..ෂොපින් යන්න ඕන උනා..ෂැම්පෙන් බොන්න ඕන උනා..මේ සේරටම සල්ලි වියදම් උනා..


ලන්ඩන් කියන්නේ වියදම් අධික නගරයක්.මට සිද්ධ උනා ඔහු වෙනුවෙන් මුදල් වියදම් කරන්න.දිල්ශාන් කියන්නේ කිසිම ආචාරශිලිත්වයක් නැති,අනුකම්පාවක් නැති, කෙලෙහි ගුණයක් නැති පුද්ගලයෙක්. IPL වෙනුවෙන් ඔහු ආපසු ආවත් මට මගේ මුදල් දුන්නේ නැහැ. 

කොහමද දිල්ශාන්ව අදුර ගත්තේ?
මම එක පැහැදිලිවම කියන්නම් , මම හිටියේ ලන්ඩන් වල. ඒ කාලෙම 20 යි 20 ලෝක කුසලානය තරඟාවලිය තිබ්බ.ඒ වගේම ෂොපින් මෝල් වල, පිසා කඩවල, රාත්‍රී සමාජ ශාලාවල ක්‍රිකට් ක්‍රීඩකයන් දකින්නට ලැබුනා.දවසක් මම පිස එකක් ගන්නකොට මගේ එහා පැත්තේ ෂේන් වොට්සන් හිටියා.


දිල්ශාන් විතරයි හෝටලේ ලොබි එකේදී මාත් එක්ක ඇවිත් කතා කලේ.මම එයා ලගට ගියේ නැහැ.කැසිනෝ එකේදී ඩිල්ෂාන්ට සල්ලි වියදම් කරන්න ඕන උන..ඉතින් මට එකට වියදම් කරන්න උනා..එයා තරඟාවලියේ වීරයා උනා කියල ෂැම්පෙන් බෝතලයක් අරින්න ඕන උනා..එක හින්ද එකටත් මම මුදල් වියදම් කරා..

ඉන්පසුව දිල්ශාන් ඔබව සම්බන්ධ කරගත්තාද?
ඔහු නැවත ඉන්දියාවට අවා IPL තරඟ සඳහා.මට අඩුගානේ කෝල් එකකවත් දුන්නේ නැහැ ලන්ඩන් වලදී මම සලකපුවට ස්තුති කරලා.මගේ සල්ලි ආපහු දුන්නෙත් නැහැ.මම පවුම් 800 ක් විතර ඩිල්ෂාන්ට වියදම් කළා..ඔහු කෙලෙහිගුණයක් නැති පුද්ගලයෙක්.


ඔහු 20 යි 20 ලෝක කුසලානයඉවර උනයි පස්සේ මාත් එක්ක ටික කලක් සම්බන්ධතාවයක් පැවැත්වුවා.ඔබ මේක ඇහුවම පුදුම වේවි.දිල්ශාන් මට ලංකාවේ ඉදන් කෝල් එකක අරන් කියනවා මට එයාට ගන්න එයාගේ බැලන්ස් එක ඉවරයි කියල.දිල්ෂාන් කියන්නේ මහ මසුරෙක්.


මම දන්නේ නෑ ඔහුට කෝල් එකක ගන්නවත් වියදම් කරන්නේ නැති පුද්ගලයෙක් ද ඇත්තටම ඔහුට සල්ලි තිබ්බේ නැද්ද කියල.

ඔහු මට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන දේවලුත් කිව්වා..අවරුදු දෙකකින් පඩි ගෙවල නෑ කියලත් කිව්වා..එක හින්ද මට ඔහු වෙනුවෙන් ෂැම්පෙන් අරන්දෙන්න උනා..
















Source: http://www.gossip9.com/2012/06/blog-post_7688.html#ixzz1ypgMpuSx

Share this article with your friends