ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෛද්‍යවරයා වන එලියන්ත වයිට් පිළිබඳව බොහෝ දෑ පසුගිය කාලයේ මාධ්‍ය වල පළ වුණා.
ඔහු පිළිබඳව හෙළි කළ බැලුම්ගල වැඩසටහන්කින් හෙළි කර තිබුනේ දරුවන් නොමැති කාන්තාවන්හට දරු ඵල ලැබීමට ඔහුගේ ප්‍රතිකාරය වූයේ තමන්ගේ ශුක්‍රානු සිරින්ජරයකට දමා ඇතුලත් කිරීම බවයි.
එළියන්ත වයිට් සමඟ පසුගියදා රන්දිව පුවත්පත සාකච්ජාවක් පවත්වා තිබුණා. ඒහිදී බොහෝ දෙනෙක් නොදන්නා කරුණු රාශියක් එළියන්ත වයිට් විසින් හෙළිකර තිබුනේ මෙලෙසින්.
ඔබ පසුගිය කාලවකවානුවේ ක්‍රීඩකයන් ක්‍රීඩා පිටියේ ලබන ආබාධයන් සඳහා ප්‍රතිකාර කළා. ඒ හේතුවෙන් විශාල ජනප්‍රසාදයක් ලබා ගත්තා. කොහොමද ඔබ මේ ක්‍රීඩකයන් සමඟ ගනුදෙනුවට සම්බන්ධ වෙන්නේ?
මම අරලිය ගහ මන්දිරයේ ජනාධිපතිතුමා මුණගැසී සිටින අවස්ථාවක මන්දිරයට ආරංචියක් ආවා, ලසිත් මාලිංගගේ පාදයේ ඇතිවී තිබෙන ආබාධයක් නිසා ඔහුට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බාධාවක් ඇතිවී තිබෙන බව.
මේ වෙනකොටමම ජනාධිපතිතුමාගේ වෛද්‍ය කණ්ඩායමට සම්බන්ධවයි හිටියේ එවිට එතුමා කිව්වා ලසිත් මාලිංගගේ අර්බුධයගැන බලන්න කියලා. ඉන්පසු මාලිංග අරලිය ගහ මන්දිරයට පහුවදා ඇවිත් හිටියා. ඇත්තෙන්ම මේ සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරයා වන ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් යංග් පවා කියලා තිබුණා මාලිංගගේ ආබාධය නිසා ඔහුට යලි ක්‍රීඩා කරන්න බැහැ කියලා. මම දින හතරෙන් ඔහුගේ ආබාධය සුව කළා.
තිලාන් සමරවීරට ප්‍රතිකාර කිරීමෙනුත් ඔබ විශාල කීර්තියක් අත්කරගත්තා?
ඔව්. ඒ පකිස්ථානයේදී. තිලාන් ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වුණාට පස්සේ ඔහුගේ පාදයේ විශාල තුවාලයක් ඇතිවෙලා තිබුණා. ඒ අනුව ඔහුට සුවවූවත් ක්‍රීඩා කිරීමට අර්බුධයක් තිබුණා. නමුත් තිලාන් මගේ ලඟට යොමු කළාට පස්සේ අපි ඒ තත්තවය සියයට සියයක් සුව කළා. ඒ සඳහා මට ගතවුනේ පැය දහ අටක කාලයකුයි. ඒ ප්‍රතිකාරය සුවිශේෂී අවස්ථාවක්.
මොකක්ද මේ ප්‍රතිකාර ක්‍රමය? මේක අද්භූත බලයක්ද එහෙමත් නැත්නම් මොකක්ද?
මේක පුරාණ ක්‍රමවේදයක්. බලවේගයක් භාවිතා කරනවා. මේ වෛද්‍ය විද්‍යාව පවත්වාගන යන්න මට හැකියාවක් ලැබිලා තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ සහයෝගය හා ආශිර්වාදය නිසයි
මේ ප්‍රතිකාර ක්‍රමය ආයුර්වේද වෙදකමට නෑගම් කියන එකක්ද?
ඔව්. විවිධ ශාකමය හා ස්වභාවික අමුද්‍රව්‍ය වලිනුයි අපි මෙය කරන්නේ.
ඒ කියන්නේ මේ ප්‍රතිකාර ක්රමයේ ආබාධයක් නෑ කියලද?
ඇත්තෙන්ම නැහැ.
ඒත් ඇතැම් පුද්ගලයන් කල චෝදනාවක් වුනේ එලියන්ත වයිට් කියන්නේ ඉංග්‍රීසි බෙහෙත් කලවම් කරලා විජ්ජා බෙහෙත් හදන කෙනෙක් කියලයි. ඒ බෙහෙත් වලින් හරි ගියොත් හොඳයි, වැරදුනොත් සුන් කියලා මතයක් තියනවා.
ඒක බොරුවක්. මම රාජ්‍යය නායකයාගේ වෛද්‍ය මණ්ඩලයේ ඉන්න වෛද්‍යවරයෙක්. එහෙම ඉංග්‍රීසි බෙහෙත් කලවක් කරනවා නම් මම එතන ඉන්න පුළුවන්ද?
ඔබ කොහොමද ජනාධිපති වෛද්යමණ්ඩලය ඇතුලට යන්නේ?
මම රුක්මන් සේනානායක හිටපු මංත්රීතුමාව හොඳට අඳුරනවා. එතුමා මගේ දක්ෂතාවයක් පිළිබඳව මනා අවබෝධයක් තිබුන කෙනෙක්. ඔහු තමයි මාව ජනාධිපතිතුමාට හඳුන්වලා දෙන්නේ.
ඔබේ ප්‍රතිකාරය හොඳයි කිව්වාට චෝදනා කරන පිරිස් කියනවා ලෙඩේ හොඳ වෙනවා වගේම ආපහු හැදෙන ප්රවනතාවයක් තිබෙනවා කියලා. ඔවුන් උදාහරණයකට සචින් ටෙන්ඩුල්කාර්ව හඳුන්වනවා. සචින්ගේ කකුලේ අසනීපේ සුව කළාට ආයෙත් දෙගුණයකින් වර්ධනය වෙලා කියලා ඔවුන් කියනවා.
ඒක බොරුවක්. සචින් මේ ලඟදිත් ජනාධිපතිතුමාටත් , මටත් ස්තූති කළා. ඔහුගේ පාදයේ ආබාධයයි සෙසු ආබාධයි සියයට සියයක් සුවයි. වසර තුනකට පෙරයි මම ඔහුගේ දනිස් දෙක හැදුවේ.
ඔබ දෙන ප්‍රතිකාර අතරේ තහනම් උත්තේජකත් තිබෙනවා කියන චෝදනාව එල්ල වුණා. උපුල් තරංගට ඒ වෙනුවෙන් තරඟ තහනමකුත් ලැබුණා.
බොරුවක්. මම ලෝක කුසලානයේ වෛද්‍යවරයා වශයෙන් කටයුතු කළා. අනෙක මම මාලිංගට විශාල වශයෙන් ප්‍රතිකාර කළා. එතකොට එහෙනම් ඒ තහනම් උත්තේජක සිද්ධියට ඔහුත් ගෑවෙන්න ඕනෑ. මගේ ඖෂධ සියල්ල රජයේ රස ඖෂධායතනයෙන් පරීක්ෂා කළා
කොහොමද මේ ප්‍රතිකාර ක්‍රමයට තියන ඉල්ලුම?
මිලියන 27ක් විතර ලෝකෙන්ම ඉල්ලුමක් තිබෙනවා. පෝක් ලිෆ්ට් එකෙන් තමයි ලිපි එහා මෙහා කරන්නේ.
එතකොට කොහොමද කෙනෙක් ප්‍රතිකාර ලබාගන්නේ?
මේ වැඩේ ජනාධිපතිතුමා යොමුකරන පුද්ගලයන් වගේම ලොතරැයි ක්‍රමේට තමයි අපි ලෙඩුන්ව තෝරගන්නේ
කොහෙද මේ ලිපි හුවමාරුව තිබෙන්නේ?
අරලියගහ මන්දිරයට තමයි මේ ලිපි එන්නේ
ඒ කියන්නේ දුප්පත් මිනිසාට මේ ප්‍රතිකාරය වරම් නෑ?
නෑ. මම බොහෝ දුප්පත් රෝගීන්ට ප්‍රතිකාර කර සුවපත් කර තිබෙනවා. ජනාධිපතිතුමා දුප්පත් මිනිසුන් කෙරේ වැඩි සැලකිල්ලක් දක්වනවා.
වරක් ඔබ ඩේවිඩ් බෙකම්ගේ පාදයේ ආබාධයක් සුව කරන්න ආරාධනා කළා.
ඔව් ඇත්තෙන්ම ඔහු ආවානම් මට සුවපත් කරන්න හැකියාව තිබුණා. නමුත් එතැනදී බෙකම් රක්ෂණයෙන් දීමනාවක් අරගත්තා..
ඔබ ප්‍රතිකාර කළාට මොන වෛද්යසභාවෙද ලියාපදිංචි කියලා සමාජය ප්‍රශ්න කරනවා.
මම වෛකල්පිත වෛද්‍යවරයෙක්. ලංකාවේ 4000ක් මේ සභාවේ ඉන්නවා.
ඔබ ලංකාවෙන් පිට ගිහින් ප්‍රතිකාර කරනවද?
හුඟක් වෙලාවට මම ලංකාවට ගෙන්නලා තමයි ප්‍රතිකාර කරන්නේ. හැබැයි පසුගිය කාලයේ ඇතැම් ප්‍රභූවරුන් අපට ඒ රට වලට ආරාධනා කළා. උදාහරණයකට ඉන්දියාවේ අම්බානි පවුලට මම ප්‍රතිකාර කරනවා. ලෝකයේ විවිධ රාජ්‍යය නායකයන්ට පවා ප්‍රතිකාර කරනවා.
ඔබ ජනාධිපතිතුමාගේ වෛද්‍ය කණ්ඩායමේ ඉන්නවාය කිව්වට පසුගිය කාලයේ එලියන්ත වයිට් ට ආ චෝදනා හමුවේ එය ප්‍රතික්ෂේප වුනා නේද?
නැහැ. කවදාවත් එතුමා එහෙම කිව්වේ නැහැ. මට මාධ්‍ය පහර දෙනකොට ජනාධිපතිතුමාත්, එතුමාගේ ආර්යාව හා දරුවෝ පවා පුදුම ශක්තියක් දුන්නා. එතුමා මාව අතහැරියේ නැහැ.
ඔබ ගායකයෙක් වෙන්න ගිහිල්ලා මග වැරදිලා වෛකල්පික වෛද්‍යවරයෙක් වුනාය කියන චෝදනාවට මොකක්ද කියන්නේ?
ඒක මහා විකාර ප්‍රශ්නයක්. අද වෛද්‍යවරු වන ගායකයෝ කීයක් ඉන්නවද? මම ගායකයෙක් තමයි, මම විශාරද උපාධිය ලබාගන තියනව. සංගීතය් මගේ විනෝදාංශය. එය මුදල් හොයාගන සංගීතය හොයාගත්තා නෙවෙයි.
වෛද්‍යවෘත්තිය ඔබ නොමිලේ කරනවා නම් ඔබ මුදල් උපයන්නේ කොහොමද?
මම පාරම්පරික ව්‍යාපාරිකයෙක්. රතු පොතේ මගේ සීයාගේ නම ඇතුලත්. අපට ජපානයේ හා ශ්‍රී ලංකාවේ විශාල ව්‍යාපාර තිබෙනවා. මම ජැක්පොට් බිස්නස් කරන කෙනෙක් නෙවෙයි කියන එක අවධාරනය කල යුතුයි. මට වෛද්‍ය වෘත්තියෙන් මුදල් අවශ්‍ය නැහැ. මේ වැඩේ මම කරන්නේ සේවයක් හා රටට ගෞරවයක් ලෙසයි. එයට මට ධෛර්යය ලබාදෙන්නේ ජනාධිපතිතුමයි
එලියන්ත වයිට්ලාගේ මුල් ගම්බිම් කොහෙද?
අපේ මුල් ගම් බිම් නුවරඑළියයි. මගේ මුතුන්මිත්තෝ ස්කොට්ලන්තයෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වුන අය.
ආයුවර්ණ සැප ලබන්න ප්‍රතිකාර ඔබ ලඟ ඇති?
නිසැකවම. පසුගිය කාලයේ සලමන්ඛාන් තරුණ බව රැකගන්න ප්‍රතිකාර ලබාගන සාර්ථක ඵල ලඟා කරගත්තා.
ඔබට දැඩි ආරක්ෂාවක් සැපයෙනවා
ඔව්. මට හොඳ ආරක්ෂාවක් සපයලා තිබේනවා.
අවසන් වශයෙන් අපට, ඔබට යමක් ප්‍රකාශ අවස්තාක් කරගත හැකියි?
ජූනි 17 අපේ මේ වෛද්‍ය ක්‍රමය ලෝකයේ වෛකල්පික වෛද්‍ය සමුළුවේදී "වියානා වෛද්‍ය ක්‍රමය" වශයෙන් වෙනම වෛද්‍ය ක්‍රමයක් ලෙසට ලියාපදිංචි වෙනවා. පසුගිය කාලයේ ලොව වේගයෙන්ම රෝග හඳුනාගන සාර්ථකව ප්‍රතිකාර කරන වෛකල්පික වෛද්‍යක්‍රමය වශයෙන් මෙය සම්මානිතයි.
මා ගැන තියන වැරදි වැටහීම් සියල්ල යලිත් නිවැරදි වෙලා තියනවා. විපක්ෂය පවා එවැනි තැනක සිටියා. දැන් ඔවුනම් එය නොවැරදි බව අවබෝධ කරගත්තා. ජනාධිපතිතුමා ගිලන් වු පුද්ගලයන් යලි සුවපත් කරද්දී කිසිසේත් පටු දේශපාලනය ගැන හිතනේ නැහැ. එතුමා සැමවිට අපට උපදෙස් දෙන්නේ ඒ ආකාරයටයි. ඒ නිසා මගේ ප්‍රතිකාර ක්‍රමය පාට පක්ෂ බේදයකින් යුතුව කරන දෙයක් නෙවෙයි.
Source: http://www.gossip9.com/2012/06/blog-post_1007.html#ixzz1wXPeNHhV