මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා හිටපු නීතිපති මොහාන් පීරිස් කැඳවීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.
අභියාචනාධිකරණ විනිසුරු රංජිත් ද සිල්වා මෙලෙස ප්‍රතික්ෂේප කළේ වත්මන් නීතිපතිනිය විසින් කරන ලද ඉල්ලීමකි. අද මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිපතිනිය හිටපු නීතිපතිවරයා රාජකාරි මට්ටමින් කළ ප්‍රකාශයක් සාක්ෂියක් වශයෙන් කැඳවීම ඔහුට කරන හිරිහැරයක් බව සඳහන් කර සිටියේ ය.
එහිදී විනිසුරුවරයා ප්‍රශ්ණ කළේ පුද්ගලයෙකු සාක්ෂියකට කැඳවීම හිරිහැරයක් වන්නේ කෙසේ ද යන්නයි. ජනාධිපතිවරයා හැර අන් වෙනත් ඕනෑම පුද්ගලයෙකු අධිකරණය හමුවට කැඳවීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලය පවතින බවත්, ඒ අනුව, මහේස්ත්‍රාත්වරයෙකුගේ කටයුතුවලට අභියාචනාධිකරණය මැදිහත්වීමට අදහස් නොකරන බවත් ප්‍රකාශ කළේය.
මේ අනුව, නීතිපතිනියගේ ඉල්ලීම ඉවත දැමූ අභියාචනාධිකරණය ජූලි මස 23 වැනිදා නඩුව යලි විභාගයට ගැනීමටයි තීරණය කළේය.
ප්‍රගීත් එක්නැලිගොඩ මහතා විදේශයක දේශපාලන රැකවරණ මත සිටින බව හිටපු නීතිපති මොහාන් පීරිස් මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කෙළේය. මේ පිළිබඳව තමාට කරුණු පැහැදිලි කරන්නැයි ඉල්ලා එක්නැලිගොඩ මහතාගේ බිරිඳ අධිකරණයට ගියා ය.
එක්නැලිගොඩ මහතා 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙර ලංකා ඊ නිව්ස් කාර්යාලයෙන් පිටත්ව යෑමෙන් අනතුරුව අතුරුදහන් කෙරිණ. මරා රෙජීමය පසුගිය පෙබරවාරි මාර්තු මාස දෙකට පමණක් 59 දෙනෙකු අතුරුදහන් කර තිබේ. මිනීමරු රෙජීමය විසින් අතුරුදහන් කරන ලද පුද්ගලයන්ගෙන් මළ සිරුරක් හෝ දකින්නට ලැබුනේ වත්තල සුදුසීයා නමැත්තාගේ පමණි. වත්තලින් අතුරුදහන් වන ඔහුගේ සිරුර සති කිහිපයකට පසු නැගෙනහිර වෙරළට ගොඩ ගසා තිබිණ. මේ කිසිවක් ගැන කිසිදු පරීකෂණයක් සිදු නොවේ.