Chitika Smowtion 468x60


Saturday, July 7, 2012

සුපර් සික්ස් ආදායම විජය කුවේණි බිඳ හෙලයි?


ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ ප්‍රථම වරට ලක්ෂ 990 කට ආසන්න මුදලක් වැයකොට තැනු චිත්‍රපටය වන්නේ උදාර පල්ලියගුරුගේ අධ්‍යක්ෂණය කල ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර් විසින් නිෂ්පාදනය කරනු ලැබූ සුපර් සික්ස් චිත්‍රපටය වේ.

චිත්‍රපටය රුගත කිරීම් වල සිට විවිධ අවස්ථාවන්හි ජායාරූප එකතුවන් අප වෙබ් අඩවිය ඔස්සේ පළවූ අතර බොහෝ දෙනෙක් සුපර් සික්ස් නැරඹීමට උනන්දුවෙන් සිටියා.නමුත් පසුගිය 17 වනදා සිට තිරගත වීම ආරම්භ කෙරුණු සුපර් සික්ස් චිත්‍රපටයට එල්ලවන ප්‍රේක්ෂක ප්‍රතිචාර එතරම් යහපත් නොවන බව අප වෙත වාර්තා වුවා.

සුපර් සික්ස් චිත්‍රපටය නිර්මාණය වන්නේ ඉන්දියාවේ තිරගත වූ චෙන්නායි 600028 චිත්‍රපටය ඇසුරු කරගනිමිනි.

කෙසේ නමුත් සුපර් සික්ස් තිරගත වීමට ප්‍රථම ඇරඹුන විජය කුවේණි චිත්‍රපටය සුපර් සික්ස් ආදායම් මට්ටම ආසන්නයට පැමිණීමට මේ වනවිට සමත්වී තිබෙනවා.


ලක්ෂ 500 ක් වැය කරමින් තනු විජය කුවේණි චිත්‍රපටය දින 60 සපුරන විට ලක්ෂ 750 ක ආදායමක් උපයා ඇති අතර ලක්ෂ 990 ක් වැය කරමින් තැනු සුපර් සික්ස් චිත්‍රපටය දින 42 ක් තුල උපයා ඇත්තේ ලක්ෂ 609 ක් පමණි.

ඒ අනුව විජය කුවේණි චිත්‍රපටයේ දිනක දල ආදායම ලක්ෂ 12.5 පමණ වන අතර සුපර් සික්ස් දිනක දල ආදායම ලක්ෂ 14.5 කි.

සුපර් සික්ස් චිත්‍රපටය ජුලි 25 වනදායින් තිරගත වීම අවසන් වීමට නියමිතය.












Source: http://www.gossip9.com/2012/07/blog-post_06.html#ixzz1zs95w9qU

Share this article with your friends