Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

මර්වින්ගෙන් ධර්මාලෝක විදුහල්පතිට ලක්‍ෂ 50ක පොල්ලක්


කැලණිය බුළුගහ හන්දියේ විෂ්ණු කෝවිලේ වාර්ෂික පෙරහැර සඳහා මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කැලණිය ශී‍්‍ර ධර්මාලෝක විදුහලේ විදුහල්පති නිමල් ජයවීර මහතාගෙන් ණයට ලබාගත් රුපියල් ලක්‍ෂ 50 ක මුදලක් ආපසු නොගෙවීම හේතුවෙන් ජයවීර මහතා විශාල අපහසුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ.
ජයවීර මහතා මෙම මුදල අමාත්‍යවරයාට ලබාදී ඇත්තේ පාසල් සංවර්ධන අරමුදලේ ගිණුමෙන් බවද පැවසේ.
මෙම මුදල් එම විදුහලේ පිහිණුම් තටාකයක් ඉදි කිරීම සඳහා පාසල් සංවර්ධන සමිතිය මගින් එක් රැස්කරන ලද ඒවා බවද පැවසේ.
අමාත්‍යවරයා අදාල විදුහල්පතිවරයාගේ දුරකතන ඇමතුම් සඳහා ද මේවන විට පිළිතුරු නොදෙන බව වාර්තා වෙන අතරල ඔහු විදුහල්පතිවරයාට අවසන් වරට පවසා ඇත්තේ තමාගේ දුරකතනයට ආරක්‍ෂක අංශ විසින් සවන්දෙන බැවින් ඊට ඇමතුම් ලබා නොදෙන ලෙස යැයිද ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

දුරකථනයෙන් අදාල ගණුදෙනු සම්බන්ධයෙන් කතා කිරීමෙන් විදුහල්පතිවරයාද අමාරුවේ වැටීමට ඉඩකඩ ඇතැයි ඔහු අනතුරු ඇඟවූ බවද පැවසේ.
කැලණිය ශී‍්‍ර ධර්මාලෝක විදුහලේ කී‍්‍රඩා සංවර්ධන අරමුදලට ආධාර පිණිස යැයි සඳහන් කරමින් මුද්‍රණය කරන ලද ලොතරැයියක් හේතුවෙන් විදුහල්පතිවරයා දෙමවුපියන්ගේ උදහසට ලක්ව සිටි අවධියේදී ඔහු බේරා ගැනීමට කරන ලද උපකාරයකට ප‍්‍රතිඋපකාරයක් ලෙස මෙම මුදල ලබාදී තිබේ.


Source: lankanewsweb.com

Share this article with your friends