ඒ අනුව එම පස්‌දෙනා මරණ දණ්‌ඩනය හිමි වූ සිරකරුවන්ගේ වැරැදිවලින් ඉවත්කර සාමාන්‍ය සිර මැදිරිවලට පෙරේදා (02වැනිදා) අනුයුක්‌ත කර ඇත.
විශේෂ සමාවක් යටතේ මෙම සිරකරුවන් පස්‌දෙනාට හිමිව තිබූ මරණීය දඬුවම විසි අවුරුදු දක්‌වා ලිහිල් කර ඇති අතර ඒ අනුව ඔවුන් දැනට ගෙවා ඇති දඬුවම් කාලය අනුව තවත් මාස තුනකදී පමණ මෙම පිරිස නිදහස්‌ව යනු ඇතැයිද බෝගම්බර බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් 'දිවයින 'පුවත්පත වාර්තා කරයි.
අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධව ඉකුත් 2007වසරේදී මොවුන්ට මරණීය දණ්‌ඩනය හිමිව තිබී ඇති අතර එහිදී ඔවුන් ඉදිරිපත් කළ අභියාචනයකදී ද එම දඬුවම යළි ඔවුනට නියම කිරීමට අභියාචනාධිකරණය පියවර ගෙන තිබී ඇත.
මෙසේ විශේෂ සමාවක් හිමිව ඇත්තේ වලපනේ හඟුරන්කෙත ප්‍රදේශයේ ඩාවිඩ්, බස්‌නායක, සුදුබණ්‌ඩා, අතුල සහ විඡේසේකර නමැති සිරකරුවන් පස්‌දෙනකුටය.
එස්.බි.දිසානායක මහතා අවස්ථා කිහිපයකදීම මෙම සිරකරුවන් බැලීම සඳහා සිරගෙදරට ආ ගිය බව පැවසේ.
Source - lankanewsweb.com