Chitika Smowtion 468x60


Saturday, May 26, 2012

පාර්ලිමේන්තුවට නාමල්ගේ මිතුරියක් කැන්දන් ඒම හෙළිවීමෙන් කෙහෙවළු පැටලේ


පාර්ලිමේන්තු සහකාර ලේකම්ධූරයට හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සමීපතම මිතුරියක් වන හරිප්‍රියා ජයසුන්දර නමැත්තිය සාධාරණ තෝරා ගැනීමකින් තොරව පත් කිරීමට යාම ලංකා ඊ නිව්ස් වෙතින් හෙළිදරව් කිරීම නිසා අනෙක් සුදුසුකම් ලත් අයැදුම් කරුවන් අතර මහත් කලබගෑනියක් ඇතිවී ඇතැයි දැන ගන්නට තිබේ. ඉහත තනතුරට 85 දෙනෙකු අයදුම්කර තිබිණ. අවසානයේ එයින් තේරී පත් වූ 11 දෙනා මෙසේ ය.

එස්.එච්. ජයසුන්දර
ඒ.එල්.බී. වික්‍රමසුරිය
කේ.ඒ.ඩී.කේ. ජයතිලක
ජී.පී.අයි. පෙරේරා
ඩී.ඩී.අයි. නෙළුමිනි (මහජන පෙත්සම් කාරක සභාව)
කේ.කේ.ඩී. කැටවලක්කුඹුර
පී.සී.කේ. පතිරගොඩ
පී.සී. ද සිල්වා
කේ.කේ. රෝහණධීර
එන්.සී. කලන්සූරිය
ඒ.කේ. බ්‍රෙන්ඩන්
යූ.එල්.එම්. අනාර්

සහකාර මහා ලේකම් ධුරය නාමල් රාජපක්ෂගේ මිතුරිය වන හරිප්‍රියා ජයසුන්දරට ලබා දීමට කටයුතු යොදා ඇති බව ප්‍රචාරය වීමත් හරිප්‍රියා විසින් තැන තැන කට මැද දෙඩවීමත් නිසා ලැයිස්තුවේ සිටින කාන්තාවන් කිහිප දෙනෙක් අතර සටනක් ආරම්භ වී තිබේ. හරිප්‍රියා යනු අගමැති දිමු. ජයරත්නගේ අක්කාගේ පුත්‍රයා වූ නාමල් රත්නායකගේ විවාහක බිරිඳය.

සටනට ප්‍රධාන වී ඇත්තේ ඩී.ඩී.අයි. නෙළුමිනි සහ කේ. කේ. රෝහණධීර යන සුරූපිනියන් දෙදෙනාය. මෙයින් නෙළුමිනි යනු රාජපක්ෂ රෙජීමාධිපතිවට මහත් සේ කඩේ යන විනිශ්චකාරවරයෙකුගේ බිරිඳකි. රෝහණධීර යනු මහාචාර්ය මැන්දිස් රෝහණධීරගේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ආ ඔහුගේ පුත් හරිගුප්තා රෝහණධීරගේ බිරිඳයි. කෙසේ වෙතත් රෝහණධීර මේ තරඟයෙන් පස්ස ගසා සිටින අතර ඈ පවසන්නේ "මට ඔය එක එකාට රෙද්ද උස්සලා පුරුද්දක් නෑ" කියා ය.
නමුත් නෙළුමිනි සහ හරිප්‍රියා අතර තරඟය උග්‍ර අතට හැරී ඇති අතර හරිප්‍රියා නෙළුමිනිවත්, නෙළුමිනි හරිප්‍රියාවත් තැන තැන විවේචනය කරමින් සිටී. මේ අතර හරිප්‍රියා සහ හොර පෙරකදෝරු නාමල් අතර ඇති සම්බන්ධය ආරංචි වී ඇති ශිරන්ති රාජපක්ෂ ඒ ගැන සෙවීමට කිහිප දෙනෙක් යොදවා ඇති බව අරලිය ගහ ගෙදර ආරංචිමාර්ග පවසයි.

කෙසේ වෙතත් මෙවැනි භාරදූර රාජකාරියක් රාජපක්ෂ පවුලේ ඕනෑ එපාකම් මත නොව රටේ පාර්ලිමේන්තුවේ ඕනෑ එපාකම් මත ඉතාම සුදුස්සා පත් කළ යුතු බවත් නොඑසේ නම් අනෙක් ආයතනයන්ට මරාවාදීන් පත් කිරීමෙන් සිදුවී ඇති හානියට නොදෙවෙනි හානියක් මෙහිදී ද සිදුවන බවත් මේ සම්බන්ධයෙන් උනන්දුවන්නෝ පවසති.

Share this article with your friends