Chitika Smowtion 468x60


Sunday, July 15, 2012

කඩේ කතට කෙළ හැලූ අනංගයා පොලිස් දැලේ


මහනුවරට නුදුරු එක්තරා ප‍්‍රදේශයක පෙරහරක් පැවැත්වුණ දිනයකි.  මේ සඳහා  රටේ විවිධ පෙදෙස්වලින් විවිධාකාර පුද්ගලයෝ  පැමිණියහ.
එසේ පැමිණි එක්තරා පුද්ගලයකු පෙරහර පසෙක දමා අසල තිබූ පුංචි තේ කඩයකට ගොඩ වුණේ, කඩේ කාන්තාව දෙස ද හොරැහින් බලමිනි.  කාන්තාව හැර කඬේ වෙනත් කිසිවකු නොවූයෙන් ඔහු කඩ හිමි කාන්තාවගේ රූසිරි නෙත් සිත් පුරා වින්දේය.
ඇයගේ  රුවින් ඔහු මුසපත්ව සිටියේය. එහෙයින්ම ඔහුට  දැනුණේ අප‍්‍රමාණ ලෝභකමකි. ඇයගේ ඉඟි බිඟි ආලවන්තකම්වල හැටියට ඇය තමන්ට කැමතිය. එහි නම් කිසිම සැකයක් නැත.
ඊළඟ වතාවේ ඇය ළඟට එන විට ඔහු  පුංචියට තම අදහස ඇයට කීවේය.
”ඔයාව හම්බවෙන්න බැරිද?” ඇය බියෙන් වටපිට බලා හිස සැලූවේ ”පුළුවන්” යැයි හැගෙන අයුරිනි.

”කොහේදි ද?” ඔහු ඇසුවේය. ඊට පිළිතුරු දීම වෙනුවට ඇය කළේ එතැනට  නුදුරුව ඇති  නවාතැන්පලක් (ගෙස්ට් හවුස්)  දෙස බලා දෑසින් එය දැක්වීමයි.
ඔහුට දැනුණේ අපමණ සතුටකි.
කොයි වෙලාවේ කොතැනක හමුවිය හැකිදැයි ඇයගෙන් විමසූ විට ඇය ඒ මොහොතේම හෝ එන්නට කැමැත්ත පළ කළාය.
”ඔව් ඔයා ගිහින් විනාඩි දහයකින්  විතර මං එන්නං  ගිහින් මට ෆෝන් කරලා කාමරේ නොම්රේ කියන්නැයි” ඇය ඔහුට ජංගම දුරකථන අංකය ද දුන්නාය.
ඔහු ඇය කී විදිහටම ගෙස්ට් හවුසියට ගොස් කාමරයක් වෙන්කරවා ගෙන මධුවිතෙන් සප්පායම්වී මග බලා සිටියේ, තව ටික වේලාවකින්  කාමරයට එන ඇයගේ රුව සිතින් දකිමිනි.
විනාඩි දහය, පහළොවක් විය ඔහුගේ ඉවසීම ද කෙටි විය. නැවත නැවත ඔහු ඇයට ජංගම දුරකථනයෙන්   කතා කළේය. කඩේ සෙනග බවත් ඉක්මනින් එන බවත් එවිට ඇය කීවාය. නමුත් විනාඩි  විස්සක්  යන්නට පෙර කාමරයේ දොරට  තට්ටු කරනු ඇසුනෙන් ඔහු සතුටු විය. ඔහු දොර ඇරියේය.
පුදුමයකි. කාමරයට ආවේ කාන්තාවක් නොව මහනුවර පොලිස් හදිසි ඇමතුම් අංශයේ නිලධාරීන් පිරිසකි. පොලිස් නිලධාරීහු බීමතින් සිටි පුද්ගලයා කැඳවාගෙන ගියහ.
ඒ වනවිට එතැනට රැස්වූ විශාල පිරිස කඩ හිමි කාන්තාවට මේ පිළිබඳව  බෙහෙවින් ප‍්‍රශංසා කළේ අන් කිසිවක් නිසා නොව මේ අපූරු අනංගයා ශ‍්‍රමණවේශධාරියකු බැවිනි.

Share this article with your friends