Sunday, July 15, 2012
දියණියට අතවර කල සැකකාර පියා අධිකරණ මහලින් බිමට පනියි
සිය (16) හැවිරිදි දියණිය අපයෝජනයට ලක්කල (54) හැවිරිදි පියා (14) වැනිදා පෙරවරුවේ මහනුවර අධිකරණ ගොඩනැගිල්ලේ පලවෙනි මහලෙන් බිමට පැන බරපතල තුවාල සහිතව මහනුවර රෝහලට ඇතුලත්කර තිබේ. මෙම පුද්ගලයා මහනුවර ගොහාගොඩ පදිංචිකරුවෙකි. (13) වැනිදා මෙම දැරියගේ මව නිවසින් පිටතට ගොස් සිටියදී මෙම පුද්ගලයා විසින් සිය දියණිය අපයෝජනයට ලක්කර ඇතැයි කටුගස්තොට පොලීසිය කියයි.
අසල්වාසින් විසින් සිද්ධිය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව දැරිය මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත්කොට සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව මෙම සැකකරු (14) පෙරවරුවේ මහනුවර අධිකරණය හමුවට පමුණුවා ඇත. එහිදී සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ. සැකකරු අධිකරණයේ පලවෙනි මහලේ සිට පහලට රැගෙන එන්නට සූදානම් වූ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලවෙනි මහලෙන් බිමට පැන තිබේ. සැකකරු පොලීසියෙන් මිදී පලායාමට සූදානම් වූවාද, නැත්නම් සියදිවි නසාගන්නට තැනුවාද පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.
එන්. බණ්ඩාර මහනුවර සහ අශෝක එරමිණිගම්මන
දියණියට අතවර කල සැකකාර පියා අධිකරණ මහලින් බිමට පනියි
2012-07-15T02:38:00+05:30
Admiral
අපරාධ|විවිධ|සමාජ|