Thursday, July 19, 2012
එළියන්ත වයිට් වෙදකම් කරන්නේ කුන්ඩලිනි ශක්තියෙන් හා අදෘෂ්‍යමාන බලවේග වලින් ?
මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා වන එළියන්ත වයිට් සමඟ කළ සාකච්ජාවක් පසුගියදා පුවත්පතක පලවී තිබුණා.
එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ලෙඩ වලට බෙහෙත් සොයාගැනීම් ඔහු විසින් කරන්නේ ඔහු සතුව ඇති කුන්ඩලිනි ශක්තියෙන් බවත්, කනට කොඳුරන අදෘෂ්‍යමාන බලවේග වලින් ලෙඩ සුවපත් කිරීමට උපදෙස් ලබාගන්නා බවත්ය.
එම සාකච්ජාව පහතින්.
ඔබ "වෛද්‍ය එලියන්ත වයිට්" කියල තමයි සමාජ ගත වෙන්නේ? කොහොමද මේ වෛද්‍ය කැල්ල එන්නේ?
කුඩා කලේ ඉදන්ම මාත් එක්ක කිසියම් ශක්තියක් තිබ්බා. එක මට දැනෙන්න ගත්තේ අවුරුදු දහය එකොළ කාලේදී විතර .ඒ නිසා මම කල්පනා කරා මේ පැත්ත හොයා ගෙන ගියොත් හොදයි කියලා, ඒ අනුව මම පාරම්පරික වෛද්‍ය ක්‍රම වේදය හැදැරුව. 1990-1991 වගේ කලේ අපි හිටියේ කළුබෝවිල සුනන්දරමේ කහතුඩුවේ ප්‍රසිද්ද සුවාමින්වහන්ස නමක් හිටියා . ඒ හාමුදුරුවෝ මව හදුන්වා දුන්න මහාචාර්ය ඇන්ටන් ජයසුරිය මහත්තයට, "මෙයත් නිල සම්බන්දව කරන වෛද්‍ය ක්‍රමයක් හදාරනවා, ඔබතුමාලත් ඔය අකියුපන්චර් (චීන කටු චිකිත්සාව) කරනවනේ, පුලුවන්නම් මෙයාටත් උදව් කරන්න" කියලත් කිව්වා,
ඊට පස්සේ ඇන්ටන් ජයසුරිය මහත්තය මාව වැල්ලවත්තේ ඒගොල්ලොන්ගේ විශ්වවිද්‍යාලයට සම්බන්ද කරගෙන, මට කටු චිකිත්සාව උගන්වන ගමන්ම මගේ වෛද්‍ය ක්‍රමයත් එතුමා පරික්ෂාවට ලක්කරමින් පොතකට ගත්තා. ඊට පස්සේ මට ඒ විශ්වවිද්‍යාලයෙන් ඔල්ටනෙටිව් මෙඩිසින් (වෛකල්පිත වෛද්‍ය විද්‍යාව) වෛද්‍ය සහතිකය ලබා දුන්නා, ඒ ක්‍රමයට තමයි මට වෛද්‍ය කියන කැල්ල එන්නේ .
ඔබ කිව්වා ඔබට යම්කිසි ශක්තියක් දැනුන කියලා. අපි දන්නවා සමහර කට්ටඩිත් ඉන්නවා විවිද ශක්තියන්ගෙන් වැඩ කරන. සමහරු මල පෙරේතයෝ බදවාගෙන කරනවා. සමහරු කියනවා මට දේව අරුඩයෙන් විවිධ දේ කරන්න පුළුවන් කියලා , මේ ආරුඩ දෙකෙන් ඔබට තියෙන්නේ මොන අරුඩේද ?
නෑ, නෑ , ඕක වරදවා පටලව ගන්න එපා මම කපුරාලෙක් ගානට වැටෙන්න කැමති නැ. මේ වෛද්‍ය ක්‍රමයට අවශ්‍ය බෙහෙත් හොයාගන්න විතරයි මම ඒ ක්‍රමය පාවිච්චි කරන්නේ.
මොකක්ද ඒ ශක්තිය?
කුන්ඩලිනි ශක්තිය කිව්වොත් එක නිවැරදි මොකද මේක පුරන ක්‍රම වේදයකට තමයි අපි මේක කරගෙන යන්නේ. යම් රෝගයකට බෙහෙත් සොයාගත්තට පස්සේ අපි කරන්නේ ඒ ඖෂධ පුරාණ ක්‍රමයට ස්ත්‍රෝත්‍ර කියලා "බල" කරනවා. ඊට පස්සේ තමයි බෙහෙත රෝගියාට දෙන්නේ.
දැන් කාටහරි ප්‍රශ්නයක් එන්න පුළුවන් එලියන්ත වයිට් කියන බ්‍රිතාන්‍ය සම්බවයක් තියෙන මිනිසා කොහොමද යන්තර, මන්තර දන ගත්තේ කියලා ?
මං මුලින්ම ඔයාට කිව්වනේ, මට කුඩා කලේ ඉදන් කොදුරන්න ගත්තනේ කියලා. ඊට පස්සේ මම පාරම්පරික වෛද්‍ය ක්‍රමය ඉගෙනගත්තා. ඉගෙනගත්තේ මට මේකෙන් ප්‍රයෝජන ගන්න ඕන හින්ද. එතකොට අපි ලෙඩෙක් නාඩි අල්ලලා පරීක්ෂණ පවත්වලා මේකයි ලෙඩේ කියලා හොයා ගත්තට පස්සේ, අපි ටක්ගාලා අර සම්බන්දතා වලින්, ඒ කිව්වේ මම අර කනට කොදුරනවා කියලා. ඒ විශ්වයේ සම්බන්දතා වලින් අපි එකට අදාල ඖෂධ මොකක්ද කියලා හොයාගන්නවා. අපි හිතමු කස්තුරි,සාදික්කා, තිප්පිල කුඩු, සංජිවනි වගේ හතර කොන පාවිච්චිකරලා ඒ හතරකොනට මේ ස්ත්‍රෝත්‍රයෙන් පාවිච්චි කරන්න කියලා . එතකොට ඒ ස්ත්‍රෝත්‍රයෙන් කියන ප්‍රමාණයක් තියෙනවා. එක කිව්වට පස්සේ මේකෙ බෙහෙත් බලයක් ඇතිවෙනවා. ඇතිවුනාට පස්සේ තමයි මේක අපි ඒ ලෙඩට දෙන්නේ .
කවුද ඔබේ කනට කොදුරන්නේ ? නැතිනම් සන්නි වේදනය කරන්නේ ?
මේකෙ අපිට කියන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය විතරයි මං ඔයත් එක්ක කතා කරන්නේ. අපි මේකට "බලවේගයක්" කියලා කියමුකෝ. ඒ බලවේගෙත් එක්ක තමා මම සනිවේදනය කරන්නේ .
ඒ කියන්නේ ඔබ අදෘශ්‍යමාන බලවේගත් එක්ක සනිවේදනය කරනවා ?
ඔව්. සන්නිවේදනය කරනවා .
වයිට් මහත්තය, අද කව්රු, මොනදේ කිව්වත් එක ජනතාව පිළිගන්නේ විද්‍යාත්මකව සසඳලා. ඔබ ඔය 'බලවේග' ත් එක්ක සන්නිවේදනය කරමින් කරනවා කියන වෛද්‍ය ක්‍රමය 100% ක් ජනතාව පිළිගනී කියල හිතන්න බෑ. මේ තවත් බොරුකාරයෙකුගේ බොරුවක් කියල ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවනතාවය වැඩියි. මොකක්ද ඔබේ ඔය වෛද්‍ය ක්‍රමයට ලැබිල තියෙන විද්‍යාත්මක සහතිකය?
මම රාජ්‍ය නායකයා ගාව ඉන්න වෛද්‍යවරයා. රාජ්‍ය නායකයෙක් ගාවට සාමාන්‍යයෙන් මොන මොන වගේ කට්ටියක් එන්න පුළුවන්ද? එක එක වර්ගයේ කපුරාලලා එන්න පුළුවන්, එක එක ශක්තින් තියෙන කට්ටිය එන්න පුළුවන්. ඇයි මං විතරක් රැඳිලා ඉන්නේ එතැන. ඇයි රටේ රාජ්‍ය නායකයා ලෝකෙට කියන්නේ මෙතනට ඇවිල්ල බෙහෙත් ගන්න කියල.
වෙන වෛද්‍යවරුන්ට වගේ නෙවෙයි, රාජ්‍ය නායකයාගෙන් අවසරයක් ගන්න ඕනේ මගෙන් බෙහෙත් ගන්නනම්. ඒ තැනට මේක ගෙනාවේ, මේකේ වටිනා දෙයක් තියෙන බව රාජ්‍ය නායකයත් පිළිගත්තා නිසා. ඊට පස්සේ අපි පොඩ්ඩ පොඩ්ඩ ජාත්‍යන්තරයට ගිය. ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට බෙහෙත් කළා. ඉන්දියාවේ නළු නිළියන්ට බෙහෙත් කළා. ඒ විතරක් නොවෙයි විදේශ රාජ්‍ය නායකයන් පවා මගෙන් ප්‍රතිකාර ගන්නවා. එතකොට ඒ මට්ටමට ගියේ මේ ඖෂධවල කිසිම අහිතකර දෙයක් නැති හින්දා.
ඔබතුමා ඇහුවනේ මොකක්ද මේකට තියෙන විද්‍යාත්මක සහතිකය කියලා. ස්ත්‍රෝත්‍රයක් මනින්න තාම මීටරයක් නෑ. ඔය ප්‍රශ්නේ අහන කට්ටියට ලෙඩක් දුකක් හැදිලා කරදර උනාට පස්සේ පන්සලකට ගිහිල්ල බාරයක් වෙනවා. බෝධිපුජා කරනවා. එතකොක එතැන මොකක්ද තියෙන විද්‍යාත්මක සහතිකය. ඒ හැම දෙයක්ම තියෙන්නේ විශ්වාසය මත. විශ්වාසය උද තමයි අපි ඒ තැන වලට ගිහිල්ලා, ඒ දේවල් කරන්නේ ඒ දේවල් කරන්නේ. එතකොට ඒ දේවල් වැටෙන්නේ විකල්ප ක්‍රම ගොඩට. ඒ වගේ මේකත් විකල්ප ක්‍රමයක්.
අයි.පී.එල්. තරගය වෙලාවේදී සචින්ගේ ඇඟිලි දෙකක් කැඩුණා. ඒ කියන්නේ ලිගමන්ට් එක ගීයා. වෛද්‍ය විද්‍යාවට අනුව ලිගමන්ට් එක සාමාන්‍යයෙන් සනීප වෙන්න් සති තුනක්- හතරක් යනවා. ඒ අවස්ථාවේදී මමත් හිටියේ ඉන්දියාවේ. මේ වෙලාවේ මුකේෂ් අම්බානි ජනාධිපතිතුමාට කතා කරලා අහල තිබුන පුලුවන්ද බෙහෙත් කරන්න කියලා. ඒ වෙලාවේ ජනාධිපතිතුමා කියලා තිබුණා, 'ඩොක්ටර් ඉන්දියාවේ ඉන්න එක හරි, හැබැයි සචින්ට කියන්න ලංකාවට අවොත් ඉරිදා මැච් එක ගහයි කියලා මට ගරන්ටියක් දෙන්න පුළුවන් කියලා. මොකද අපේ පොලවේ තමයි අපි බෙහෙත් කරන්නේ. මොනවා උනත් අපේ රටේ ශක්තිය අපි ලෝකෙට පෙන්නන්න ඕන'
මේක වෙන්නේ සිකුරාදා. මම හිටියේ බැන්ගලොර්වල. එතකොට, එදා රෑ සචින් මවත් බැන්ගලොර්වලින් අරගෙන ප්‍රයිවට් එයාක්‍රාෆ්ට් එකක ඇවිල්ලා ලංකාවේ එයාපෝර්ට් එකේදී තමයි මම බේත් කලේ. ප්‍රතිකාර ලබාගෙන යන අතරතුරේ ෆ්ලයිට් එකේදිම එයා සනීප වුණා. ඇඟිලි වැඩකරන්න ගත්තා. ඊට පහුවද සෙනසුරාදා, ඉරිදා තමයි මැච් එක තිබුනේ. රෑ 8 ට මැච් එක පටන් ගන්න තියෙද්දී සවස 6 ඉඳන් එන්.ඩී.ටි.වී. එකේ සජීවී අයි.පි.එල් එක ගැන විස්තර ප්‍රචාරය කරනවා. අද සචින් තෙන්ඩුල්කාර් ෆයිනල් එකේ ගහන්නෑ කියල තමයි ප්‍රචාරය ගියේ. මන් දන්නෑ ඒ දවස් වල ඒ රුප රාමු ඔයගොල්ලන්ට ගන්න පුළුවන්නන් බලාගන්න පුළුවන්.
මේගොල්ලන් කාටුන්ස් පවා හැදුවා සචින්ගේ ඇඟිලි තුනක් බැන්ඩේජ් කරලා තියෙනවා. එතකොට කොහොමද මේ ග්ලව්ස් එක දන්නේ, ඒවා පෙන්න පෙන්න එන්.ඩී.ටි.වී. එක කිව්වා, අද සචින් තෙන්ඩුල්කාර් ග්ලව්ස් එකත් දාල, බැට් කරොත් හරි, ෆීල්ඩ් කරොත් හරි වෛද්‍ය විද්‍යාව වෙනස්වෙන්න විය යුතුයි කියල. අන්තිමට හත හමාරට කිව්වා සචින් ගහන එක 50/50 තමයි කියල.
ඊට පස්සේ අටට පහක් තියෙද්දී සචින් ටොස් එක දන්නා ආවා. මං හිතන්නේ එදා ඔහු ලකුණු 48 ක් ගැහුවා, කැචස් දෙකක් ඇල්ලුවා, ෆීල්ඩ් කරා, කිසිම අමාරුවක් ඔහුට තිබ්බේ නැහැ. මේවා වෙන්නේ කොහොමද කියල විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වල නෑ මම. ජනාධිපතිතුමා කියන්නේ මේක විශ්වාසයෙන් ගන්න කියල. අනික තව කියන්න ඕන දෙයක් තියෙනවා. මම මේක සල්ලි හම්බකරන්න කරන දෙයක් නෙමෙයි.
ඔබ කිව්වා ඔබේ ඖෂධ වල කිසිම අහිතකර දේවල් නෑ කියල. නමුත් ඔබට චෝදනාවක් ආවා නේද ඔබෙන් බෙහෙත් බීපු ක්‍රීඩකයෙක් තහනම් උත්තේජක ලබාගත් වරදට හසුවුණා කියලා?
වර්ල්ඩ් කප් එකේදී ටීම් ඩොක්ටර් හැටියට නිකන් කපුරාල කෙනෙක්ව ගන්නේ නැනේ. මම අවුරුදු 4 ක් ලංකාවේ ක්‍රිකට් වලට බෙහෙත් කළා. ජාත්‍යන්තර ක්‍රීඩකයන්ටත් බෙහෙත් කළා. අද සචින් තෙන්ඩුල්කාර් ලෝක වාර්තා තියන හැම අවස්ථාවේදීම ලංකාවට ස්තුති කරනවා. එතකොට ඒ ගොල්ලන්ගේ අන්ගේ තහනම් උත්තේජක තිබුනානම්, අද අපේ රටත් නෑ.
එතකොට මේක වුනේ මෙහෙමයි, අපි වර්ල්ඩ් කප් එකේදී අපේ ක්‍රමවේදයට ටීම් එකට බෙහෙත් කළා. උත්තජක වර්ග ගත්තොත් පාවිච්චි කරන්න පුළුවන් ඒවත් තියෙනවා. බැරි ඒවත් තියෙනවා. ඉතින් ඒ නිර්දේශ වලට අනුකුලව පරීක්ෂණවලට භාජනය කරලා තමයි අපි වර්ල්ඩ් කප් එකක් වගේ එකක් කලේ. මං වැඩියෙන්ම බෙහෙත් කරලා තියෙන්නේ මාලිංගට, මැතිව්ස්ට, ඒ වගේම මුරලිට. ඔබට මතක ඇති එක වෙලාවක මුරලිගේ කකුලේ මස්පිඬු ඉරිලා දරුණු ආබාධයක් ආවා. ඒ වෙලාවේ වෛද්‍යවරු කිව්වා මුරලිට සෙල්ලම් කරන්න බෑ කියලා. ඒ වෙලාවේ ෆිසියෝ තෙරපි විදියට හිටියේ ටොම් කියලා ඕස්ට්‍රේලියන් ජාතිකයෙක්. එයා කිව්වා හෙට මැච් එකට දාන්න මටනම් කරන්න දෙයක් නෑ, ඩොක්ටර් වයිට්ට ට්‍රයි එකක් දාන්න කියන්න කියලා. අන්තිමට මුරලි ෆයිනල් එකට ගැහුවේ මගෙන් බෙහෙත් අරගෙන. ඔබට ඕනනම් මුරලිලාගෙනුත් අහගන්න පුළුවන් මේක සත්‍යක්ද කියලා.
එතකොට උපුල් තරංගට අපි බෙහෙත් කලේ පෙබරවාරි 1,2,5. ඔය ප්‍රශ්නේ වුනේ 26,27,29. එතකොට පෙබරවාරි 1,2,5 කරපු බෙහෙතක් එච්චරකල් ඇඟේ තියෙයිද? 26,27 අපි ඔයිල් ට්‍රිට්මන්ට් කළා ඔය ක්‍රීඩකයෝ ඔක්කොටම. එහෙම බැලුවහම ඔය කියන ජාතියේ බෙහෙතක් කවදාවත් මොන විදිහකින්වත් යන්න විදියක් නෑ. අනිත් එක ඒක ඉංග්‍රීසි බෙහෙතක්. ඊට පස්සේ අපි පාවිච්චි කරපු බෙහෙත් රස පරික්ෂණේට යවල 'බී සාම්පල්' වාර්තාව ගත්තා. අන්තිමට මොකද වුනේ, ඒවල කිසිම දෙයක් අඩංගු නෑ කියලා ඔප්පු වුණා. ඒක පාර්ලිමේන්තුවෙන් හැන්සාඩ් ගතකලා. නමුත් හුඟක් අය උත්සහ කලේ අර පොඩි කතාවක් ගියාට පස්සේ පුළුවන්තරම් එකට ගහල මේක යට කරන්න.
ඔබ සමග ඉන්දියාවේ ගිවිසුමක් තියේද?
වාචිකව. කිසිම තැනක අත්සන් කරලා ගහගත්ත එකක් නෑ. මේක අපි හිතවත්කමට කරන්නේ.
ඔබ ජනාධිපතිතුමාගේ පෞද්ගලික වෛද්‍යවරයාද ?
මම පෞද්ගලික වෛද්‍යවරයා.
නමුත් පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ඒ ප්‍රශ්න අහපු වෙලාවේ ආණ්ඩුව කිව්වේ එහෙම කෙනෙක් ඇත්තෙත් නෑ එහෙම කෙනෙක් දන්නෙත් නෑ කියලනේ.
ඒ ප්‍රශ්නේ ඇහුවේ මෙහෙමයි. ජනාධිපති උපදේශක වරයෙක් ඉන්නවද එලියන්ත වයිට් කියල. නැත්නම් ජනාධිපතිගේ වෛද්‍යවරයෙක් ඉන්නවද එලියන්ත වයිට් කියල. මේකේ හරිම කතාව දැනගන්න පුළුවන් ඔයාට අපේ දිනේෂ් ගුණවර්ධන මහත්තයගෙන් ඇහුවොත්. මොකද එතුමා ඒ අපැහැදිලි වෙච්ච ප්‍රශ්නේ පැහැදිලි කරලා දුන්නා. එදායින් පස්සේ තමයි මට තවත් ප්‍රහාර එල්ල වෙන්න ගත්තේ. මොකක්ද ජනාධිපතිතුමාම කියනවා එලියන්ත වයිට් මගේ වෛද්‍යවරයා කියලා.
නමුත් පාර්ලිමේන්තුවේදී කියනව එහෙම කෙනෙක් නෑ. හේතුව වුනේ ජනාධිපති මන්දිරේ ඉන්න අනිත් වෛද්‍යවරු ඔක්කොටම සැලරි එකක් හම්බවෙනවා. නමුත් මම ඒ පඩි ලිස්ට් එකේ නෑ. විපක්ෂය ගත්ත මේ ලිස්ට් එක ලිස්ට් එක බලන කොට උපදේශක ලිස්ට් එකෙත් මම ලිස්ට් එකෙත් නෑ. ඒ ලිස්ට් එක එවල තිබුණා පාර්ලිමේන්තුවට. මේක බලලා ඇමතිතුමා කිව්වා එහෙම කෙනෙක් නෑ කියල . ප්‍රශ්නේ උඩ කෑල්ල විතරනේ එතන පෙන්නන්නේ, යට කෑල්ල පෙන්නන්නේ නෑ. ඉතින් ගැඹුරත් එක්ක බලනකොට මේ කිව්වා එකේ වෙනසක් නෑ හැබැයි කියපු ක්‍රමය වැරදියි.
විපක්ෂය තමයි පාර්ලිමේන්තුවේදී ඔබ ගැන ප්‍රශ්න කරන්නේ. ඒවගේම පසුකාලයකදී විපක්ෂයම තමයි ඔබට ප්‍රශස්ත ගයන්නෙත්. ඔබ හොදය, ඔබ මෙහෙම කෙනෙක් . ඔබ ආරක්ෂා කරන්න ඕනේ ආදී වශයෙන් . කොහොමද මේක වුනේ?
ඇත්තටම ඒ අවස්ථාව වෙනකල් අපි බලාගෙන හිටියා. සාමාන්‍යයෙන් මට ප්‍රහාර එල්ල වුනාම ජනාධිපතිතුමාටත් ඒ ප්‍රහාර එල්ල වෙනවා. අයි මේ වගේ එක්කෙනෙක් ජනාධිපතිතුමා තියාගේනේ ඉන්නේ කියලා. ජනාධිපතිතුමාම දවසක් මට කිව්වා ඔයාට ගහනකොට මමයි ගුටි කන්නේ කියලා. දැන් අපි ලිං කටින්ම ගොඩ එන්න ඕන කියල එතුමා කිව්වා. ඉතින් කොහොමහරි දවසක් විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ජනාධිපතිතුමා හම්බවෙලා අහල තියෙනවා " ඔබතුමා ගාව ඉන්නවද එලියන්ත වයිට් කියලා එක්කෙනෙක්" කියලා .
එතුමා එවෙලේම කියලා තියෙනවා " ඔව් ඉන්නවා මොකක්ද කෙරෙන්න ඕන" කියලා. " නෑ නෑ අපේ දරුවෙකුටත් අසනීප වෙලා තියෙනවා. අපිටත් අවස්ථාවක් ලබා දෙන්නකෝ එයාගෙන් බෙහෙත් කරගන්න" කියලා ඉතින් ඒ අවස්ථාවේ ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතා කරලා කිව්වා, මෙහෙම පාර්ලිමේන්තු කණ්ඩායමක් ඉන්නවා. අන්න හොද අවස්ථාවක්. ඔයාට මේ ප්‍රශ්න ටික විසදාගන්න. ඒගොල්ලන්ට ඒ අවශ්‍ය දේවල් කරන්න. අවශ්‍ය ඖෂධ තියෙනවා නම් මට කියන්න. මම ඒ ටික අරන් දෙන්නම් කියලා.
එතකොට මට ඒ වගේ අභියෝගයක් දෙනකොට ඔබතුමා හිතන්න කොයි වගේ ලෙඩ්ඩු ටිකක් දෙයිද කියලා. නිකන් හෙම්බිරිස්සාව, කැස්ස තියෙන ලෙඩ්ඩු ටිකක් දෙයිද? බරපතළ රෝගීන් පහළොස්දෙනෙක් මට දුන්නා. ඒ 15 දෙනා දෙන කොට ඔවුන් මට මෙහෙම කතාවක් කිව්වා . ඔබතුමා මේදේ කලොත් ඔබතුමා ගැන ඔය කියන දේවල්වලට අපි උත්තර දෙන්නම් කිව්වා. එතකොට මම දින කිහිපයක් ඇතුලත අර ලෙඩ්ඩු ටික සුව කලා. විපක්ෂයේ වුනත් කියූ පොරොන්දුව ඉෂ්ට කළා. එක තමයි පාර්ලිමේන්තු ඉතිහාසයේ මං හිතන්නේ වැඩිම මන්ත්‍රී ප්‍රමාණයක් කල් තැබීමේ විවාදයට ආපු අවස්ථාව.
ඔබට කොහොමද ජනාධිපතිතුමා මුණ ගැහුණේ ?
ජනාධිපතිතුමාට මව සම්බන්ද කරලා දුන්නේ මගේ හිතවත් නෝනා කෙනෙක් . දවසක් ජනාධිපතිතුමා මට එන්න කියලා විනාඩි 45 ක් විතර අරලියගහ මන්දිරේ කතා කළා. එතුමා එදා මගෙන් මට මොනවද කරන්න පුළුවන් කියලා ප්‍රශ්න 10ක් ඇහුවා.මම ප්‍රශ්න 10ටම උත්තර දුන්නා මට මේවගේ දේවල් කරන්න පුළුවන් කියලා. ඒ හැම එකක්ම අසාමාන්‍ය දේවල්. එතකොට එතුමා "ආ ඇත්තද ? ආ ෂෝක්නේ, කාටවත් එහෙම කරන්න බැනේ. කොහොමද කරන්නේ ඒක" කියලා එතුමා මට හොද ප්‍රතිචාර දැක්කුවා. ඕන නම් එතුමාට තිබුනා මට යන්න හැරලා ඇයි මේ මගේ කාලය නාස්ති කරන්න මේවගේ අය ගේන්නේ කියන්න. නමුත් එතුමා එහෙම කලේ නැ.
අන්තිමට ජනාධිපතිතුමා මට කිව්වා, මම විවේක වෙලාවක ඔයාට එන්න කියන්නම්. ඔය කියූ කරන 10 අපි එකින් එකට බලමු නේද කියලා. ඒ කිව්වා වගේම මට වැඩි දවසක් යන්න කලින් මට එන්න කියලා අර කියපු 10 කරලා පෙන්නන්න කිව්වා. මම කීපයක් කරලා පෙන්නුවට පස්සේ ජනාධිපතිතුමා කිව්වා මේක බොහොම වටිනා ශාස්ත්‍රයක්, මේක කවදාවත් විකිනෙන්න දෙන්න හොඳ නෑ. මේක මගේ ගාවට ගමුද කියලා ඇහුව. එහෙම වුනොත් මේකෙන් ඔයත් රැකෙයි, අපේ රටටත් දවසක හොඳක් වෙයි කියලත් එතුමා කිව්වා. එහෙම තමයි ජනාධිපතිතුමා මාව ලඟට ගත්තේ. අදටත් රටේ ලෝකේ මිනිස්සු මට මොනදේ කිව්වත් අදටත් මම ජනාධිපති පවුලට බෙහෙත් කරනවා. ජනාධිපති පවුල විතරක් නෙමෙයි ජනාධිපතිගේ සුරතල් සතුන්, එතකොට අශයන් ඒ සියලුදෙනාම පුරුදුවෙලා තියෙන්නේ මේ ක්‍රමවේදයට.
ඔබ කැමතිද ජනපති ඉදිරියේ පෑ ඒ විස්මිත ක්‍රියා 10 මොනවද කියලා කියන්න?
ඒක මම හිතන්නේ නෑ සුදුසුයි කියලා.
ඔබෙන් බෙහෙත් ගන්නවා නම් ජනාධිපති නිර්දේශයක් අවශ්‍යද?
ඔව්, ඒක තමයි දැන් තත්වය. දැන් අපි මෙහෙමයි කරන්නේ. ගොඩක් කට්ටිය ලිපි එවනවනේ, මට අවස්ථාවක් ලබාදෙන්න මම සැහෙන කලක් බලා හිටියා ආදී වශයෙන් ලියල. අපි මේ ලිපි ඔක්කොම එකතු කරලා අර ලොතරැයි ක්‍රමයට කීප දෙනෙක් තෝරාගන්නවා. මම නම් කියන්නේ මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ වාසනාව අනුව. පෙර කුසල් අකුසල් අනුව තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඒක හින්ද සමහර වෙලාවට පෙර කුසලක් තිබ්බොත් මේ ක්‍රම වේදයට එන්න පුළුවන් වෙයි. දැනට ලක්ෂ 250 කට ඒක පැත්තේ ආපු ලියුම් ප්‍රමාණයක් තියෙනවා.
සාමාන්‍යයෙන් අද කෙනෙක් ලියුමක් එව්වොත් ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ කොයි කාලේ වගේද?
දැනටත් 2021 තමයි කලින් ආපු ලියුම් වලටත් දින තියෙන්නේ. මොකද මමත් සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න ඕන. මගේ ව්‍යාපාරය කරගන්න ඕන.
මොනවද ඔබේ ව්‍යාපාර?
මම හිතන්නේ, අපි තමයි ලංකාවේ ඉන්න පරණම වාහන අමතර කොටස් ගෙන්වා බෙදාහරින්නෝ. ලංකාවේ විවිධ ප්‍රදේශවල අපේ ව්‍යාපාරයේ ශාඛා තියෙනවා. ඒ ඇරුනම අපේ අනිත් ව්‍යාපාර ඔක්කොම තියෙන්නේ ජපානේ. ඒ වගේම අපට නැව් සමාගමක් තියෙනවා. අපේ කන්ටෙනර්ස් මුළු ලෝකේ පුරාම ගමන් කරනවා.
රටේ ප්‍රධාන පුරවැසියාට ප්‍රතිකාර කරන්නේ ඔබ. ඔබ කියන විදියට එතුමාගේ පෞද්ගලික වෛද්‍යවරයාත් ඔබ. කටකතාවක් තියෙනවා ජනාධිපතිතුමා බරපතල රෝගාබාධයකින් පෙළෙනවා කියලා. ඔබ ඒක පිළිගන්නවාද?
අමුලික බොරුවක්.
මෙච්චර කල් ලෝකේ තිබ්බේ වෛද්‍ය ක්‍රම දෙකයි. ඒ තමයි හොමියිපති සහ ඇලපති කියන ක්‍රම දෙක. නමුත් ඔබේ මුලුකත්වයෙන් තව අලුත් ක්‍රම වේදයක් "විනපති" කියල මේ මෑතකදී ලෝකයක හඳුන්වා දුන්නා. මේ ක්‍රම වේදය ලෝකයට හඳුන්වා දෙන්න කැකිල් මොකක් හරි පරීක්ෂණයකට බඳුන් වුනාද? කොහොමද ඒක වුනේ?
පරීක්ෂණයට බඳුන් වුණා කියන්නේ මෙහෙමයි. මෙච්චර කල් අපට සහතික ලැබුනේ අපෙන් බෙහෙත් ගත්ත අයගෙන්නේ. බෙහෙත්වලින් හොඳ වුනාම එක එක්කෙනා අපව අගය කරනවා. ජනාධිපතිතුමා හොඳයි කියනවා. ඇමතිගොල්ලො හොඳයි කියනවා.
නමුත් කව්රුහරි මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මේ ක්‍රමය මොකක්ද කියලා මට කියන්න තියෙන්නේ ආයුර්වේදයට නෑකම් කියනවා කියලා. ඉතින් ජනාධිපතිතුමාත් දවසක් කිව්වා අපි ඕකට යමක් කරමු, හැබැයි ඉතින් ලේසි නෑ කියලා. ලෝක විවෘත විශ්වවිද්‍යාලයේ තියෙනවා වෛකල්පිත වෛද්‍ය සභාවක්. එතකොට අපේ මහාචාර්ය ගීතාංජන මෙන්ඩිස් මහත්තයා තමයි ඒ විවෘත විශ්වවිද්‍යාලයේ සභාපති. එතුමා කතාකරල කිව්වා අපිට පුළුවන් මේක ලෝක විවෘත විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි කරන්න, හැබැයි මේකට අපි පරීක්ෂණ කරන්න ඕන කියලා.
ඊට පස්සේ එතුමා තුන් මාසයකට කිට්ටු වෙන්න මාව විශේෂ පරීක්ෂණයකට භාජනය කළා. ඊට පස්සේ එතුමාම තමයි මේක හඳුන්වා දුන්නේ ලෝක විවෘත විශ්ව විද්‍යාලයට. ගිය මාසේ 20 වැනිදා මැලේසියාවේදී. තුන් මාසයක් එක දිගට මත එක්ක මම ලෙඩ්ඩු බලනකොට එයා අනිත් පුටුවේ වැඩිවෙලා මාව පරික්ෂ කළා, මම කොහොමද ලෙඩ්ඩු බලන්නේ කියලා. මේක දැක්ක සමහර කට්ටිය ප්‍රචාරයක් යැව්වා අන්න ගීතාංජන මෙන්ඩිස්ටත් අසනීප වෙලා මගෙන් බෙහෙත් ගන්න එනවා කියලා. ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වුනේ. එක මම පැහැදිලිවම කියන්න ඕන.
Source: http://www.gossip9.com/2012/07/blog-post_9279.html#ixzz213bNqjyd
Comments

Post a new comment
Comments by IntenseDebate
එළියන්ත වයිට් වෙදකම් කරන්නේ කුන්ඩලිනි ශක්තියෙන් හා අදෘෂ්‍යමාන බලවේග වලින් ?
2012-07-19T14:31:00+05:30
Admiral
ආරක්ෂක|සමාජ|සෞඛ්‍යය|