Chitika Smowtion 468x60


Saturday, July 28, 2012

මැෂින් තුවක්කු දෙක බාර දීල පෝයට සිල් ගන්න - මිනීමැරුම් සැකකරුට උසාවියෙන් දුන් අපූරු නියෝගය


මිනිමැරුම් වෝදනාවක් සම්බන්දයෙන් වසර හතක් පොලීසියෙන් කට්ටි පනිමින් සිට බාරවූ මැරවරයෙකුට තමා ළඟ ඇති ටී 56 මැෂින් තුවක්කු දෙක පොලීසියට බාර දී පෝයට සිල් ගන්නැයි අධිකරණ තීන්දුවක් දෙන රටක් ලෝකයේ ඇති ද?


ඒ රට ශ්‍රි ලංකාවය. මැරවරයා වෙනින් කව්රැත් නොව 2010 මහා මැතිවරණයේ දී නාමල් රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ යෝධයකු වූ ජුලම්පිටියේ අමරේ ය. තීන්දුව දුන් විනිසුරැ මහාධිකරණ විනිසුරැ චන්ද්‍රෙස්න රාජපක්ෂය. පොලිස් කොට්ඨාශය හම්බන්තොට මිද්දෙනිය ය. දිනය 2012 අප්‍රෙල් 23 දා ය.



දීර්ඝ පොලිස් ක්‍රියාවළියකින් පසු අධිකරණයට බාරවූ සැකකරැ පොලීසියෙන් කට්ටි පනිමින් සිටි නිසා නඩුව විභාග වන තුරු රැඳවුම් බාරයට පත් කරන්නැයි පොලීසිය ඉල්ලා සිටියේ ය. සැකකරැ චන්ඩියකු මෙන් පුදේශයේ හැසිරෙන බවත් සාමයට බාධාවක් බවත් පොලීසය තවදුරටත් දැනුම් දුන්නේ ය.


" සැකකරැ 2002 සිර ගෙදර කැරැල්ලකට නායකත්වය දී තිබෙනවා. එවැනි පුද්ගලයෙක් යළි සිරගත කිරීම බන්ධනාගාර නිලධාරීන්ට අනවශ්‍ය ප්‍රශ්ණ ඇති කිරීමක්. " යැයි ප්‍රකාශ කළ විනිසුරැ රාජපක්ෂ " සැකකරැ වැරදි වැඩ කරන්නේ නරක අදහස් නිසා බැවින් ඔහු යහ මඟට ගැනීම රටට වැඩ දායක බැවින් හතර පෝයටම සිල් සමාදන් වන ලෙස" ජුලම්පතී අමරේට නියෝග කොට නිදහස් කළේ ය. එළෙස සිල් නොගත හොත් එය අධිකරනයට අපහාසයක් සේ සළකන බවත් ඒ සඳහා පන්සලේ ලොකු හාමුදුරැවන් සාක්ෂයට කැදවන බවත් ප්‍රකාශ කළේ ය.


එපමණක් නොවේ. මේසා වැරදිකරැවකු වූ අමරේ නිදහස් කළේ මුලින් තබා තිබූ ඇපයක් මතය . අමරේ සිය මැෂින් කුවක්කු බාර දුන්නේ ද නැත. පසුව පසුගිය දා ජවිපෙ රුස්වීමට වෙඩි තැබීමට යොදා ගත්තේ එම මැෂින් තුවක්කු බව කියනු ලැබේ.


අමරේට ඉහළම පෙළේ දේශපාලන සමබන්ධකම් තිබුණි. 2002 සරගෙදර කුරැල්ලේ දී එවකට විපක්ෂ මංත්‍රීවරයකු වූ මහින්ද රජපක්ෂ සිර ගෙරට ගොස් " අමරේ මම මහින්ද රාජපක්ෂ" යැයි කියා ඔහු ගෙන්වාගෙන සාකච්ජාවක් ද කළේ ය.


රටෙහි සාමන්‍ය පුරවැසියකු ගල්කටස් එකක් සමඟ අත් අඩංගුවට ගත්ත ද ඇප ලැබෙන්නේ නැත. මාස ගනන් රිමාන්ඩ් බාරයේ සිටිය යුතු ය. නිමලරූබන් සිදුවීමෙන් පෙනී ගිය අන්දමට හිර ගෙදර කැරළි ගසන දෙමළ සිරකරැවන් යවන්නේ මිනී කාමරයට ය.


එහෙත් දේශපාලන මිනිමරැවන්ට නීතියක් නැත. සිල් ගන්නට උපදෙස් දී ගෙදර යවනු ලැබේ.


මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නීතියේ පාලනය ඇති කරන්නේ එළෙස ය.


(සන්ඩේ ලිඩර් පුවතක් අසුරිණි)

2.yukthiya.com

Share this article with your friends