Monday, July 9, 2012
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරියා මරා දමයි
කන්තලේ,මොල්ලිපතාන ප්‍රදේශයේ ඩෙංගු පරික්ෂාවට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ගෙහිමියා විසින් එල්ල කරන ලද මෝල්ගස් පහරක් හේතුවෙන් සෞඛ්‍ය පරීක්ෂකවරයා එම ස්ථානයේදීම මරුමුවට පත් වී ඇත. 09 දහවල් 11ට පමණ ඩෙංගු පරීක්ෂා කිරීම පිණිස නිලධාරීන් කණ්ඩායමක් මොල්ලිපතාන ප්‍රදේශයට ගොස් තිබේ. සිද්ධියට අදාළ නිවස වෙත පැමිණි පිරිස ගෙවත්ත පරික්ෂා කරන අතරතුර මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. පලීල් මහතා නිවසේ හිමිකරුවා කැදවා උපදෙස් දෙන්නට පියවර ගෙන ඇත. මෙම අවස්ථාවේදී කෝපයට පත් ගෙහිමියා එක්වරම නුදුරේ තිබූ මොල්ගස ගෙන පලීල් මහතාගේ හිස මතටම එල්ල කර ඇතැයි වාර්තා වේ.
එම පහර දීමෙන් ඒ මහතා එතැනම ජීවිතක්ෂයට පත් වී තිබේ. මියගිය පලීල් මහතා 52 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු දරුවන් පස් දෙනෙකුගේ පියෙකි. ඔහුගේ දේහය මේ වනවිට කන්තලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෛන් පරීක්ෂණ පවත්වන තඹලගමුව පොලිසිය සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මංගලනාත් ලියනාරච්චි - ත්‍රිකුණාමලය
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරියා මරා දමයි
2012-07-09T21:31:00+05:30
Admiral
අපරාධ|සමාජ|සෞඛ්‍යය|