Chitika Smowtion 468x60


Monday, July 9, 2012

සරත් ෆොන්සේකා නඩුව කල්යයි


හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් තම ජෙනරාල් ධුරය අහිමි කිරීම සිදුකරන ලද පළවෙනි යුද්ධාධිකරණයට එරෙහිව අභියාචනාධිකරණයේ විභාග වන නඩුව ඔක්තෝබර් 02 දින පස්වරු 1.30 කල් තැබීමට විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය 09 නියෝග කළාය.
හමුදා නිලධාරියකු වශයෙන් සේවයේ යෙදී සිටියදී දේශපාලන කටයුතුවල නිරතවීම හේතු කොටගෙන පළමු ‍යුද්ධාධිකරණය මගින් වරදකරු කරමින් සරත් ෆොන්සේකා මහතාගේ ජෙනරාල් ධුරය අහෝසි කෙරුණි. මෙහි වගඋත්තරකරුවන් ලෙස යුද හමුදාපති ඇතුළු පළමු යුද්ධාධිකරණයේ විනිසුරු මඩුල්ල නම් කර ඇත.

සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූවත් ජෙනරාල් ධුරය නැවත ලබා දී නොමැත. ඒ හේතුවෙන් ඔහු විසින් අභියාචනාධිකරණයේ පනවන ලද නඩු දෙකක් තවමත් විභාග වේ. එක් නඩුවක් මෙය වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට විරුද්ධව ඔහු විසින් පැවරූ නඩුව අනෙක වේ.


නිශානී ලසිතා හේරත් බන්නැහැක




Source - lakbima.lk

Share this article with your friends