Chitika Smowtion 468x60


Friday, July 13, 2012

ඇමැති චම්පික මහජනයාට කරන්ට් වද්දන හැටි


විදුලි අර්බුදයකට මුහුණ දී සිටින ආණ්ඩුව හොර රහසේම විදුලි බිල වැඩි කළාදැයි ජනතාව දන්නේ නැත. නමුත් මේ මාසයේ විදුලි බිල වැඩි වී තිබේ. ඊට හේතු දැක්වීමක් ද නැත. එපමණක් නොව රටේ ස්ථාන දෙකකදී විදුලි බිල වෙනස් ය. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය රටේ එක එක ප්‍රදේශවලට එක එක නීති පවත්වාගෙන යනවාදැයි දන්නේ නැත. මේ සම්බන්ධයෙන් අප ඉදිරිපත් කරන සාක්කි වලට ඇමැතිවරයා හෝ වගකිව යුත්තෙකු හෝ පිළිතුරු දිය යුතුය.


මෙහි ඉහල ඇති විදුලි බිල්පත් දෙක මාලබේ ප්‍රදේශයේ නිවැසියෙකුගේ ය. ඔහු ජුනි මාසයේ දී විදුලි ඒකක 128 ක් භාවිතා කර ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් 1869.84 ක බිලක් ඉදිරිපත් කර ඇත. එම පුද්ගලයාම ජුලි මාසයේදී විදුලි ඒකක 117 ක් එනම් ඒකක 11 ක් අඩුවෙන් භාවිතා කර ඇති නමුත් ඒ වෙනුවෙන් රුපියල් 2069.48 ක බිලක් ඉදිරිපත් කර තිබේ. රුපියල් 199.64 ක් වැඩි වී තිබේ. ඒ කෙසේද?

එපමණක් නොව ඊට හාත්පසින් වෙනස් බිලක් මොරටුව ප්‍රදේශයෙන් ලැබී තිබේ. එහි විදුලි ඒකක 117ක් සඳහා අය කර ඇත්තේ රුපියල් 1680. 28 කි. මාලබේදී එකම ඒකක ගණනකට රුපියල් 2069 ක් අයකරද්දී මොරටුවේදී එම ඒකක ගණනටම අයකරන්නේ රුපියල් 1680 කි. මාලබේ ප්‍රදේශයේ බිල් අය කරන්නේ විදුලි බල මණ්ඩලයයි. මොරටුව ප්‍රදේශයේ බිල් අයකරන්නේ විදුලි සමාගමයි. මණ්ඩලයට වඩා සමාගමේ ගාණ අඩුද? මාලබේට එක නීතියකි. මොරටුවට තවත් නීතියකි. ආශ්චර්යයකි.

විදුලිබල ඇමැති ලෙස විදුලි ඉංජිනේරුවෙකු පත්ව තිබේ. ඔහුට ඕනෑම දෙයකට තර්කද ඇත. ඔහු විදුලිය ප්‍රමිතිකරණය කිරීමට ද අඩිය ගසා තිබේ. නමුත් විදුලි බිලට ප්‍රමිතියක් නැත. නීතියක් නැත. මහජනයා පීඩාවට පත් කිරීම පමණක් සිදුවේ. මන්ද යත් විදුලි බිල වැඩි වුනේ ඇයි දැයි ප්‍රශ්න කිරීමට තැනක් නැත. නොගෙවා සිටියහොත් විදුලිය විසන්ධි කිරීම නම් අවියෙන් පහර දේ. මේ නම් මරා රෙජීමයටම ගැලෙපෙන වාහෙලා රොත්තකි.



Source - http://www.facebook.com/lankaenews

Share this article with your friends