රටේ තැන තැන බිහි වී ඇති "අලුත් බණ" කියන පුද්ගලයින් සහ කණ්ඩායම් ගැන මේ දිනවල බොහෝදෙනාගේ අවධානයට යොමු වී තිබෙනවා. තමන් විවිධ අදියරේ මාර්ගඵල ලබා ඇති බව පවසමිනුයි ඔවුන් ඉතා ප්‍රසිද්ධියේ රටපුරා සැරිසරමින් තම කටයුතු වල නියැලෙන්නේ.
මෙසේ රටේ විවිධ ප්‍රදේශ වලින් මතුවන එවැනි "අලුත් බණ" කියන්නන් හට රටේ නමගිය පුද්ගලයින් හා ඔවුන්ගේ බිරියන්ගේ නොමද ආශිර්වාදය සහ අනුග්‍රහය ලැබෙන බවත් වාර්තා වෙනවා.
මෙලෙස කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රදේශයට ආසන්නයේ ද මෙවැනි පුද්ගලයකු බිහි වී ඇති අතර ඔහුට ආණ්ඩුවට සම්බන්ධ, රට ජාතිය ගැන, විශේෂයෙන් දේශීය භාන්ඩ ගැන උදම් අනන ඇමති වරයකුගේ බිරියකගේ පූර්ණ අනුග්‍රහය සහ ආධාර ලැබෙන බවයි වාර්තා වෙන්නේ.
දේශීය බුදුන් ගැන බණ කියන මෙම පුද්ගලයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ප්‍රභලයෙක් බවත් දැනගන්නට ලැබෙනවා. මොහුගේ දේශීය චින්තනයට වශී වී ඇති ඇමති බිරිය ඔහුගේ අග්‍ර උපාසිකාව බවට පත් වී ඇති අතර කහවතින් සැරසී නිතර නිතර මේ පුද්ගලයා වටා සැරිසරන බවටද තොරතුරු ලැබෙනවා.
මෙලෙස දේශීය බුදුන් ගැන දේශනා කරන මේ පුද්ගලයා කෙරෙහි ඇමති බිරියගේ වශීවීම පිළිබඳව අපූරු කතා පවතින අතර ඒ සියල්ලම ඇමති ස්වාමිපුරුෂයා සම්බන්ධ ඒවා වීම ද විශේෂත්වයක්.
Source: http://www.gossip9.com/2012/07/blog-post_4830.html#ixzz20VFGlmK8