Chitika Smowtion 468x60


Wednesday, July 25, 2012

මේ රට දවසින් දවසම ප්‍රජාත්‍රන්ත්‍රවාදයෙන් බැහැරවෙනවා - සෝභිත හිමි


මේ රට දවසින් දවස ප්‍රජාත්‍රන්ත්‍රවාදයෙන් බැහැරව යන බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රකාශ කලා.

උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කළේ සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරය අද පස්වරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ජාවකදී

"මේ රට දවසින් දවසම ප්‍රජාත්‍රන්ත්‍රවාදයෙන් බැහැරවෙනවා. ඒ වගේම අධිකරණය දවසින් දවසම හෑල්ලුවට ලක්වෙනවා. ඒ වගේම සාධාරණය, යුක්තිය, නීතිය දවසින් දවසම ජනතාවගෙන් ඈත්වෙනවා.

පාර්ලිමේන්තුව නිෂ්ක්‍රීය කරලා, අධිකරණය නිෂ්ක්‍රීය කරලා, සෑම තැනකම පිළිකාවක් සේ ආයතනයක්ම, හැමතැනක්ම දේශපාලනීකරණය වෙලා.

ඒ නිසා මේ විනාශයෙන් ගොඩ එන්න අපි සියළු පක්ෂ වල, සියළු ජාති වල, සියළු ආගම් වල සියල්ලෝම එකතුවෙලා සාධරණය වෙනුවෙන්, යුක්තිය වෙනුවෙන් කටයුතු කරමු.
"

එම වීඩියෝව පහලින්.



මෙම සංවිධානයේ එකම සාමාජිකාව වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සිය අදහස් පළ කරමින් පවසා ඇත්තේ යුදමය වාතාවරණයක් පැවති කාලයේ බෝම්බ පිපිරීම් සාමාන්‍ය සිදුවීමක් වූ අතර වර්තමානයේ දූෂණය හා අපරාධය එවැනි සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇති බවයි.








මෙම පුවත හා සම්බන්ධව අප වෙත ලැබුණු ඊමේලයක් අප පාඨක සැමගේ දැනගැනීම පිණිස පහතින් පළකරමු.






අවසර ගරු ස්වාමින්වහන්ස......රාජපක්ශ පිලිකාව මුලු රටම වෙලාගෙන පෑතිරිලා ඉවරයි. ඔබ වහන්සෙට හෝ මට කලහක්කක් නොමෑත. 
නිදන් හාරන්නෙ කවුද? 
කුඩු විකුනන්නෙ කවුද? මිනී මරන්නෙ කවුද? 
පොලිසියට බලපෑම් කරන්නෙ කවුද? 
උසාවියට බලපෑම් කරන්නෙ කවුද? 
ස්වමින්වහන්සෙලට තර්ජනය කරන්නෙ කවුද? 
රටේ සල්ලි තියෙන්නෙ කා ලගද? 
ආර්ථිකය විනාශ කලේ කවුද? 
අධ්‍යාපනය විනාශ කලෙ කවුද? 
සංස්කෘතිය විනාශ කලෙ කවුද? 
විපක්ශ සියල්ල විනාශ කලෙ කවුද? 
මාධ්‍යය නිදහස විනාශ කලෙ කවුද? 
කුඩු කරයො රකින්නෙ කවුද? 
සල්ලි දීල මන්ත්‍රිවරු ගන්නෙ කවුද? 
සකලවිද බොරු කියන්නෙ කවුද? රාජපක්ශ සහ සමාගම 

සියලුම ඈමති මන්ත්‍රි පඩි, බලය සහ පහසුකම් අරගෙන රටවසියාට හෙන ගෑහුවත් නොපෙනෙනෙ ලෙසට වෑජබෙනව. සියලුම විපක්ශ නයකවරු මෙකගෙ ගෑටවලට අහුවෙලා කොදු කඩාගෙන ඉන්නෙ. හෙලකරුමයො සාසනය විකුනමින් රජයෙ සියලු දුස්චරිත නොදුටුවාසෙ ඉන්නව. චන්දය දිනන්නෙ කම්ප්පුටර් ජිල්මාර්ට් වලින් බව සහතිකයි. ඒකනෙ ඉස්සරහට තියන චන්ද තිනනවම කියල දෑන්ම කියන්නෙ. එනිසා මුන්ට චන්ද දයකයො අවශ්ය නෑහෑ. මිනිස්සුන්ට අපා දුක් දෙන්නෙ ඒකඉ. අදට තියන එකම ගෑලවුම සරත් ෆොන්සෙකා ගෑන ඈති බලාපොරොත්තුව පමනඉ. එයා වටේට අනික් විපක්ශ සියල්ල එකතු වුනොත් රට බෙරා ගන්ට පුලුවන්. හාඅමුදුරුවනෙ නිවන් දකින පිනක්. ඔබ වහන්සෙට ඒක කරන්ට පුලුවන්නම්. මල්වතු හාමුඩුරුවොත් උදව් කරඉ නේද?







------------------------------------------
ආශ්චර්යමත් අධීකරණය 
----------------------------- 
රටේ සමස්ත අධිකරණ පද්දතියම විනාශ කොට දමා ඇත. ඇමතිවරුන් දුරකතනයෙන් විනිසුරුවන්ට තර්ජනය කරන යුගයක් නිර්මාණය කොට ඇත. එයිනුත් බැරිනම් ආරක්ෂක ලේකම්ගේ සහයෝගය මත හමුදා කදවුරු වල සිට උසාවිවලට ගල් ගැසීමේ මෙහෙයුම්ද හදුන්වා දී ඇත. පක්කලි කම් කරන්නවුන්ට විනුසුරුකම් දීමත් එසේ නැතිවුන් විශ්‍රාම යැවීමත් හදුන්වා දී ඇත. භාරත ලක්ෂ්මන් ඝාතක දුමින්දව වින්දිතයෙකු කිරීමට සමත් නීතිපති දෙපාර්තමේන්තුවක් ඇති කොට ඇත. ජනාධිපතිවරයාගේ දරුවට නීති විභාග වෙන්කළ ශීතකළ කාමරවල සිට දුරකතනයෙන් අසා පිළිතුරු ලිවීමටත් උපරිම ලකුණු ලබා උසාවි යනවිට විනිසුරුවන් පුටුවෙන් නැගිට ආචාර කිරීමටත් උගන්වා ඇත. නීතියෙන් විවාහ වීම එක පුද්ගලයෙකුට එක වුවද එය තුනක් බවට නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමෙන් ඔප්පු කොට ඇත. 

ආශ්චර්යමත් බලශක්තිය 
--------------------------- 
ලංකාව පූරා පුරාජෙරුවට හදන ඉන්ධන බලාගාර කොමිස් මත ඉදිකල බැවින් විදුලිය උද්පාදනය කළනොහැකි ලෙස සංවර්ධනය වී ඇත. ජනතාවගේ විදුලි බිලට ඉන්දන ගැලපුම් ගාස්තුත් ගාසා දිනකට පැය තුනක් විදුලිය කැපිමටත් හැකි වී ඇත. ලෝකයේ ඉන්දන බොරතෙල් මිල අඩුවෙද්දී ලංකාවේ එකම මිල ගණන් එක තැනක රැදවීමට තරම් හැකියාවක් උදා කර දී ඇත. චීනයේ තුන්වරක් මාසයකදී ඉන්ධන අඩුකලත් ලංකාව පිහිට ඇත්තේ පෳතුවියේ නොවන බව විමල් බලුවංශ මගින් ඔප්පු කොට ඇත. රටේ සංවර්ධනය සදහා විදුලිය කැපීම අනිවාර්ය කොට ඇත. මෙමගින් ආයෝජකයන් ලංකාවට ඇදී එම වර්ධනය වී ඇත. 

ආශ්චර්යමත් යුද්ධය 
--------------------------- 
යුද්ධය පැවැති 30 වසරක කාලයට පවා මිලදී ගත් එම්.අයී ප්‍රහාරක හෙලිකොප්ටර 15 වූ බැවීන් එම වාර්තාව බිදීමට යුද්ධයක් නොමැති වුවද කොලඹ කැරලි මර්දනය සදහා රුසියාවෙන් එම්.අයී 117 ප්‍රහාරක හෙලිකොප්ටර 14 ක් රුසියාවෙන් ඇනවුම් කිරීම එය සදහා රුපියල් කෝටී 4050 ණයට ගෙන කොමිස් වශයෙන් කෝටී 405 ක් ලබා ගැනීම. යුද්ධය අවසන් වී වසර තුනක් ගියද යුද්ධයට වියදම් කල මුදල් සංවර්දනයට නොදී රාජපක්ෂවරුන් අතර බෙදී යමට සැලැස්වීම. යුද්ධය කල වීර සෙබළුන් කම්කරුවන්, මුරකරුවන් තත්වයට පත්කොට ඔවුන්ගෙන් මුදල් හම්බකිරීම සොල්දාදුවන් මානසිකව වැට්ටටීම. 

ආශ්චර්යමත් ආර්ථිකය 
--------------------------- 
මාසිකව ලෝකයෙන් ණය ලබා ගනිමින් මාසික අදායම වන 3% කොමිස් මුදල සැන් මරිනෝ රටේ බැංකුවල තැන්පත් කිරීම. වාහනයක් ගැනීමට දුප්පතාට තිබු අවස්ථා අහුරවා තමන්ගේ පරපුරේ එවුන්ට වාහන දහය විස්ස ලබාගැනීමට අවස්ථා උදා කර දීම. ඩොලරය අභ්‍යාවකාෂ ගත කිරීමේ මුලිකයා වීම. රටේ ජීවත් වීමට හැකි වාසනාවන්ත කාලය එලබ ඇතිබවීන් නිතර ලංකාවෙන් සියගණන් ඔස්ට්‍රේලියාව බලා බෝට්ටු සංචාර සදහා යැවීම. ලලිත් කොතලාවලගේ සියලු ධනය, කුමාර පද්මනාදන්ගේ ධනය රාජපක්ෂ පරපුර සතුකොට ගැනීම. උම්බලකඩ කිලෝව රුපියල් 3000 ට යැවීම එළවලු සහ මාළු මස් කෑමට නොහැකි පරිදි සුඛෝපභෝගි භාණ්ඩ බවට පත්කොට ඉහළ දැමීම. සාමාන්‍ය පාන් රාත්තලක් රුපියල් පනහක් කිරීම. වතුර ලීටරයක් රුපියල් 50 ක් කිරීම. 

ආශ්චර්යමත් අපේකම සහ බුද්ධාගම 
------------------------------------------------------ 
රටේ සියලු නිදන් වස්තු නිධන් නාමල් සතු කිරීම. ඒවා හැරීමට හමුදාව යෙදවීම රට පූරා පන්සල් බුදුපිළිම කැඩීම. කෞතුකාගාරයෙන් ඉපැරණි කඩු සොරකම් කිරීම. ඒවා මහින්දගේ අපල දුරු කරන භාණ්ඩ බවට පත්කිරීම සහ සඟ බේදය ඇති කිරීම සදහා බෞද්ධ භික්ෂූන් දුශ්ශීල කිරීම භීක්ශූන්ට මත්පැන් බලපත් ලබා දීම. දරුවන් දැරිවියන් දුෂණය කරන භික්ෂු නිකායක් මහින්දනිකාය ලෙස අනුරපුරෙන් ආරම්භ කිරීම භික්ෂූන්ට අල්ලසට බෙන්ස් කාර් රථ ලබා දීම. රාජපක්ෂවරුන් වෙනුවෙන් භික්ෂූනට බොරුකීමට උගැන්වීම. 

ආශ්චර්යමත් කාන්තා සහ දරුවන්ගේ නිදහස 
------------------------------------------------------ 
වයස 5 හේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයන්ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දක්වා දැරියන්ට දුෂණය වීමට අවස්ථාව සලස්වා දීම. තරුණියන්ට මව්වරුන්ට ගැබිනියන්ට මහලු කතුනට නිවසේදීම දුෂණයට ලක්වී මියයාමට සුදුසු පරිසරයක් උදාකරදීම දිනකට අවම වශයෙන් ස්ත්‍රී දුෂණ වාර්තා හතක් ලෙස රට සංවර්දනය කිරීම. ලංකාවට පැමිණෙන විදේශීය කතුන් දුෂණයට ලක්කොට පිළිගැනීම. පෙම්වතා සමග පැමිණෙන්නේනම් ඔහුව ඝාතනය කර දීම. දුෂණයට ලක්වූවන්ට ලංකා හොස්පිටල් මගින් නොමිලයේ කන්‍යාභාවය ලබා දීම. 

ආශ්චර්යමත් සංදර්ශන 
---------------------------- 
ලංකාවට කිසිදා හිමිනොවන පොදුරජ්ජය මණ්ඩල වැනි උත්සව වෙනුවෙන් රජයේ මුදල් යොදවා නිධන් නාමල්ගේ බැංකු ගිණුම් වලට ඩොලර් මිලියන ගණන් ලබා දීම. රගර් සංදර්ශන සදහා ඉන්දියානු නිලියන් වෙනුවෙන් මිලියන් 400 ක් වියදම් කිරීම. රටේ වටිනා ආර්ථික සමාගම් වන බැංකු සහ රක්ෂණ සමාගම් වල මුදල් කොල්ල කෑම. ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් වැනි සුදු ක්‍රීඩා ඇතිකිරිම 

ආශ්චර්යමත් සංවර්ධනය 
----------------------- 
මංතීරු තුනේ අධිවේගී මාර්ග මංතීරු දෙකක් කොට මුදල් සොරකම් කිරීම. රටේ සංවර්ධනය මනින නිර්ණායකය ලෙස නව නිර්ණායක තුනක් හදුන්වා දීම. 
නිර්ණායක අංක එක : රටේ සමස්ත කාපට් පාරවල්වල දුර රටේ ජනගහනයෙන් බෙදා ලැබෙන අගය 
නිර්ණායක අංක දෙක : රාජපක්ෂ වරුන්ගේ විදේශීය ගිණුම් වල ඩොලර් මිලියන ගණන රටේ ජනගහනයෙන් බෙදා ඒකපුද්ගල අදායම ඩොලර් වලින් පැවසීම 
නිර්ණායක අංක තුන : රටේ සිදුවන බාල අපචාර සහ ස්ත්‍රී දුෂණ ප්‍රමාණය 

මෙම සියලු කරුණු අනුව පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවට ආශ්චර්යක් උදා කොටදී ඇති බවය එබැවින් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් තවදුරටත් පෙනි සිටින්න.








Source: http://www.gossip9.com/2012/07/blog-post_3033.html#ixzz21ebJ9tCI

Share this article with your friends