Chitika Smowtion 468x60


Thursday, August 23, 2012

කොළඹ ඉඩම චීනයට වික්‌කාට ඉන්දියාවෙන් නෝක්කාඩු

කොළඹ නගරයේ පිහිටි කෝටි 200ක් පමණ වටිනා ඉඩමක් වෙනුවෙන් ඉන්දියාව සහ චීනය රාජතාන්ත්‍රික වශයෙන් ගැටුමක් ඇතිකරගන්නා තත්ත්වයට පත්වී තිබෙනවා. පෞද්ගලික ආයතනයකට අයත් මෙම ඉඩම පිහිටා තිබෙන්නේ කොළඹ ඩුප්ලිකේශන් පාරේ ය.

පර්චස් 287 කින් යුත් මෙම ඉඩමේ පර්ච් එකක් මිලියන 7 බැගින් මුළු ඉඩමම මිලියන 2,009 කට ඉන්දියාවට විකිණීමට රජය මුලින් පොරොන්දු වී තිබෙනවා.



ඉඩම මිලදී ගැනීමෙන් පසු එහි සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ ඉදිකිරීමටයි ඉන්දීය රජය විසින් මුලින් ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලබාගෙන තිබුණේ. එහෙත් පසුව රජය විසින් එම ඉඩම චීනයේ ගුවන් යානා නිශ්පාදනය කරන කැටික්‌ සමාගම වෙත විකිණීමට එකඟ වී තිබෙනවා.

මේ පිළිබඳව දැඩි කළබලයට පත් ඉන්දීය රජය ඒ පිළිබඳව විදේශ අමාත්‍යාංශය වෙත දැඩි විරෝධය දක්වා තිබෙනවා.







Source: http://www.gossip9.com/2012/08/blog-post_8161.html#ixzz24Lj54btR

Share this article with your friends