කලිනුත් ගහලා තියන නිසා සූක්ෂම ආකාරයෙන් හැංගිලා- පොලීසිය
අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු පස් හය දෙනෙක් විසින් කළ යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දීමෙන් පසුව මාලක සිල්වා තවමත් නිදැල්ලේ හැසිරෙන අතර පොලීසිය විසින් තවමත් ඔහුව අඩංගුවට ගෙන නැහැ.
මෙම සිදුවීමෙන් පසුව දින හයක් ගෙවී ගොස් ඇතත් මාලක් සිල්වා ගේ රියදුරා විසින් ගිනි අවි පොලිසියට ගෙනත් බාර දුන් මොහාතේ වත් නිතිය ක්‍රියාත්මක වී නැහැ.
මේ පිළිබඳව මෙතෙක් කල් නිහඬව සිටි මාලක සිල්වාගේ පියා වන මර්වින් සිල්වා අමාත්‍යවරයා ඊයේ දිනයේ පැවැත්වූ මාධ්‍යය හමුවකදී මෙම සිදුවිම පිළිබඳව පැවසුවේ මෙවැන්නක්.
"දෙවුන්දරතුඩුවේ ඉඳන් පේදුරුතුඩුව දක්වා යාලුවෝ අතර පහරදීම් වෙනවා. හමුදා යුනිෆෝම් එකකින් සැරසුන කෙනෙකුට පහර දුන්නා නම් පුතා නෙවෙයි මොකා වුනත් මම ගන්නේ රණවිරුවගේ පැත්ත. මෙක රණවිරුවෙකුට පහරදීමක් නෙවෙයි. හමුදාවට පහරදීමක් නෙවෙයි, මේක සාමාන්‍ය යාලුවෝ අතර සාමාන්‍ය ඇඳුමෙන් සැරසිලා වුන ඝට්ටනයක්".
කැලණියේ ධාතු වන්දනාමාන කරන්න ආ මාලක සිල්වා අත්අඩංගුවට නොගත්තේ එම අවස්තාව උචිත නොවූ නිසා බව කෙහෙළිය අමාත්‍යවරයා ඊයේ දිනයේ හෙළිකර සිටි අතර ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ මෙවැන්නක්
"සිද්ධිය වුන දාට පහුවදා තමයි ඔහු කැළණියට ගිහින් තියෙන්නේ. කැළණියේ පොලිස් නිළධාරීන් 2,000ක් පමණ හිටියා ඒක ඇත්ත, ඔවුන් දන්නේ නැහැ මොහු මෙම සිද්ධියට අවශ්‍ය පුද්ගලයෙක්ද, අත් අඩංගුවට ගත්තද මුදා හැරියද කියළා. කොම්පඥ්ඥවීදීයේ පොලීසිය එතන ඉඳලා අත් අඩංගුවට ගත්තේ නැත්නම් එතන ප්‍රශ්නයක් තියනවා."
පහරදීම සිදුවී දින 6ක් ගොස් තිබියදීත් මාලක සිල්වා අත්අඩංගුවට නොගැනීමට හේතුව ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසන්නේ මෙවැන්නක්.
"මොහු මීට පෙරත් මෙවැනි ක්‍රියාකාරකම් වල යෙදිලා තියනවා. සමහර අවස්ථා වල සූක්ෂම ආකාරයට ක්‍රියාකිරීමට දන්න පුද්ගලයෙක්. එහි ප්‍රතිපලයක් වෙන්න පුළුවන් මේ ක්‍රියාවලිය."
නමුත් මර්වින් සිල්වා විසින් තම පුතා අත් අඩංගුවට නොගැනීම පිළිබඳව පවසන්නේ මෙවැන්නක්.
"පුතා මට වැඩිය උඩ මහතයි. ඕකා හංගන්න අඟහරු ලෝකෙට මං පිටත් කරන්න ඕනේ. පොඩ්ඩක් ඒ ලෝකේ පරීක්ෂා කරලා බලන්න කියන්න."
Source: http://www.gossip9.com/2012/09/blog-post_15.html#ixzz26ZLlABBP