Sunday, September 16, 2012
වැඩිහිටියන්ට පමණක්වූ නිර්මාණ ඇර ඕන දෙයක් - අනර්කලී
පසුගියදා පැවති දෙරණ ලක්ස් සිනමා සම්මාන උළලේ ජනප්‍රිය නළුවා හා නිළිය වුයේ රන්ජන් හා අනර්කලිය.නමුත් ඉටිමල් නාට්‍යය රුගත කරන අතරතුර සිදුවූ සිදුවිඅම්ක් හේතුවෙන් අනර්කලී හා රන්ජන් විරසක වී ඇති බව පසුගියදා අප වාර්තා කල අතර නාට්‍යයෙන් ඉවත්වීමට ගියත් පසුව නැවත එම නාට්‍යයේ රඟපෑමට ඇය එකඟ වී තිබුණි.
ඉටි මල් නාට්‍යය අතරතුරදී සිදුවීම සැබෑවක් බවත් නමුත් ඉදිරියේදී රංගනයට දායක වන බවත් ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙසේය.
"ඉටිමල්" දර්ශන තලයේදී රන්ජන් රාමනායක සමඟ ඔබ කිසියම් කතාබහක් ඇතිවුණු බව වෙබ් අඩවි කීපයකම පළවුණා. එය සත්‍යයක් ද? ඇත්තටම මොකද වුණේ...?
’ඉටි මල්’ දර්ශන තලයේදී රන්ජන් සමඟ කිසියම් කතාබහක් ඇතිවුණු බව ඇත්ත. එහෙම දෙයක් සිදුවීම ගැන මට හරිම කනගාටුයි. ඒ සිදුවුණේ නොසිදුවිය යුතු දෙයක්. ඒ ගැන නැවතත් කතා කරන්න මම කැමැති නෑ.
ඒ වගේම එවැනි දෙයක් සිදුවීම හරිම අපරාධයක්. ඒ සිදුවීමෙන් ප්‍රයෝජන ගත්තේ ඕපාදූප සොයන වෙබ්අඩවි. ඔවුන් ඒ සිදුවීම පළකළේ වෙනස් වෙනස් විදිවලට. ඕපාදූප වෙබ් අඩවි මා සමඟ කතා කළේ නෑ.”
එම සිදුවීම අමතක කරල ඔබ දිගටම ටෙලිනාට්‍යයේ රඟපානවද?
රඟපෑම මගේ වෘත්තිය. රඟපානවිට මට ඕනෑම කෙනෙක් එක්ක රඟපාන්න පුළුවනි. ඉටි මල් ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ මම. ඉතින් මම නැතිව මේ ටෙලිනාට්‍ය කරන්න බැහැනෙ. මේවගේ ප්‍රශ්නයක් වුණා කියල මම චරිත අතහරින්නේ නෑ. එහෙම කරල නිෂ්පාදකවරු අධ්යක්ෂවරු අමාරුවෙ දමන කෙනෙක් නෙමෙයි මම.
මින් පෙර පලකල ලිපියකින් අප හෙළිකොට සිටියේ අනර්කලී ආකරෂා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වීමේ අපේක්ෂාවෙන් සිටින බවකි.ඒ බව සනාථ කර ඇති අනර්කලී තමා ඒ හේතුවෙන් චරිත තෝරා බේරාගෙන ඉදිරිපත් කරනබව පවසා තිබුනේ මෙසේය.
දකුණු පළාත් සභාව තුළ මම උපරිම අයුරින් ජනතාවට සේවය කරන්න මම උත්සාහ කරනවා. වැරැද්දක් පෙන්වන්න බැරි වෙන විදියට මම වැඩ කරනව. ඒ අරමුණ ඉටුවුණාට පසුව රටටම වැඩකරන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන්න මට අවස්ථාව ලැබේවි කියල මම හිතනව. එම අවස්ථාව නොලැබුණත් මම සමාජයට සේවය කරන්න සැමදාම ඉදිරිපත් වෙනවා.”
ඔබ දේශපාලනඥවරියක් නිසා රඟපෑමේදී චරිත තෝරා බේරා ගෙනද රඟපාන්නේ?
මම රංගනයට පිවිසුණේ දේශපාලනයට එන්න කලින්. මම වැඩිහිටියන්ට පමණක් සීමාවූ නිර්මාණ කිසිදිනෙක බාරගන්නේ නෑ. ඒ හැරෙන්න ඕනෑම චරිතයක් රඟපාන්න මම සූදානම්. දේශපාලනය කළා කියල මම චරිත තෝරා බේරා ගන්නේ නෑ.
ඕපාදුප වෙබ් අඩවි පිලිබඳ කලකිරීමට පත්ව සිටින අනර්කලී ඕපාදුප වෙබ් අඩවි පිලිබඳ හදුන්වා තිබුනේ මෙසේය.
පළවන දේවල්වලට වඩා පළකරන අය ගැනයි කනගාටු. ඔවුන් මතුකරන්න උත්සහ කරන්නෙ මඩ. ඒ වෙබ් අඩවි පවත්වාගෙන යන අය සතුටු වෙන්නෙ ජීවත්වෙන්න අනෙක් අයට මඩ ගහලා.
Source: http://www.gossip9.com/2012/09/blog-post_16.html#ixzz26cpZWxRt
වැඩිහිටියන්ට පමණක්වූ නිර්මාණ ඇර ඕන දෙයක් - අනර්කලී
2012-09-16T15:29:00+05:30
Admiral
කලා|දේශපාලන|