Chitika Smowtion 468x60


Wednesday, October 10, 2012

රාවණාගේ නැගනිය බව කියනා විශ්ව ශක්තියෙන් අනාවැකි කියනා කාන්තාව

කලින් කලට විවිධ අනාවැකි කරුවන් පහල වෙන අතර විශ්ව ශක්තිය උපයෝගී කරගෙන ලෙඩ සුවකරන්නන්ද පහල වේ.

අනතුරුව ඔවුන් කල මුදල් වංචාවන් හෙළිවීමෙන් පොලිස් අත් අඩංගුවට පත්වන අවස්ථා අප ඕනෑ තරම් අත්දැක ඇත්තෙමු.

තුන් කල් පෙනෙනා ඉන්දියාවේ සිට පැමිණි ශාස්තෘවරයෙකු විවිධ ලෙඩ සුවපත් කරන මුවාවෙන් කාන්තාවන් අතවරයට පත්කර පොලිස් අත් අඩංගුවට පත්වූයේ ඔවුනට තුන්කාල් තබා අරික්කාල් වත් නෙපෙනෙන නිසාය.

විශ්ව ශක්තිය මගින් පිලිකා රෝගය සුව කරන බව ප‍්‍රකාශ කරමින් විශාල මූල්‍ය වංචාවක් සිදු කළ වැලිගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකුවන ඞී.එන්. දළුවත්තද මීට පෙර අත් අඩංගුවට පත්විය.

මීට පෙර බොරලැස්‌ගමුව ප්‍රදේශයේ පිහිටි දේවාලයක කපු මහතෙකු විසින් ලෝක විනාසය හා රටේ අනාගතය ගැන අනාවැකි පල කළ පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආ අතර එහිදී ඔහු පැවසුවේ ජිනීවා නුවරදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක්‌ සිදු නොවන බවයි. නමුත් ඔහුගේ අනාවැකි බොරු කරමින් ජිනීවා යෝජනාවෙන් ලංකාව පරාජයට පත්විය.

මේ අතර කාශ්‍යප බුදුන්ගේ කාලයේ මෙරට විසූ පුලතිසි නම් සෘෂුවරයාගේ දියණියක්ව පෙර ආත්ම භවයකදී උපත ලැබ සිටි, එනම් රාවණාගේ රජුගේ නැගණිය වූ සුපර්ණිකා ලෙසින් පෙර ආත්ම භවයකදී උපතලබා සිටි බව කියන අනාවැකි කියනා හා විශ්ව ශක්තිය මඟින් ලෙඩරෝග සුව කරනා කාන්තාවක් පිළිබඳව වාර්තා වෙනවා.

ඇය නමින් ශාස්ත්‍රමාරිණී විශ්ව ශක්ති ගංගා සුදර්ශනී ය. විස්සයි විස්ස ලෝක කුසලාණය ලංකාවට අහිමිවන බවට ඇය විසින් අනාවැකි පල කල බව පැවසේ.

"විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරඟට මොනවා වෙයිද?" යනුවෙන් ඇගෙන් ඇසූ විට "මගේ හිතටත් දුකයි, ඒත් කරන්න දෙයක් නැහැ. අපි මොනවා කළත් පරදිනවා" යනුවෙන් ඇය කියූ බව සඳහන්ය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට නැරඹිය හැකි රූපවාහිනී සේවා හරහා මුදල්ගෙවා වැඩසටහන් ලබාගනිමින් ඔවුන්ගෙන් ලක්ෂ ගනන් මුදල් වංචා කළ මෙම කාන්තාව පිළිබඳව අද පුවත්පතින් සාකච්ජාවක් පවත්වා තිබෙනවා.මේ ඇය සමඟ කළ සාකච්ජාවයි

ඇත්තටම කුමක්ද මේ ඔබතුමිය සතු ශක්තිය?

මෙය කුඩා කල සිට මා තුළ තිබූ ශක්තියක්. යමක් සිදුවීමට පෙර වැටහීමේ නුවණ මට කුඩා කල පටන් තිබුණා. මම ඒ කාලයේ බොහෝ දේවල් කිව්වා. අපේ තාත්තා අයුර්වේද වෛද්‍යවරයෙක්. මම කුඩා කාලයේ ඔහු ලඟට බෙහෙත් ගන්න එන ලෙඩුන් ගැන යම් යම් දේ කියනවා. ඒවා හරියනවා. නමුත් අපේ දෙමාපියන් ඒවා එළියට යාමට දුන්නේ නැහැ. කුඩා කාලයේ මාව එහෙම ප්‍රසිද්ධියට පත් වීම කුඩා ළමයෙකු වශයෙන් මට බලපාන්න තිබුණ නිසා ඔවුන් එසේ කරන්න ඇති.

ඔබතුමිය කුඩා කාලයේ මෙසේ පල කළ ජනප්‍රියම අනාවැකිය කුමක්ද?

මම අවුරුදු හතේදී විතර සප්ත කන්‍යා ගුවන් අනතුර ගැන ප්‍රකාශ කළා. අවුරුදු දහය දොලහ වගේ වයස් වලදී තමයි මම සුනාමි අනතුර ගැන කියා තිබෙන්නේ. මේ සියල්ලම වගේ මගේ දෙමාපියන් සටහන් තබා තිබෙනවා

මෙය වෘත්තිය බවට පත්වන්නේ කෙසේද?

ඇත්තටම මට උවමනා වුණේ මිනිස්සුන්ට උදව් කරන්න. ඒ නිසා මම මගේ මේ හැකියාව යොදාගන මිනිස්සුන්ට උදව් කරන්න පටන් ගත්තා. එහිදී නිරායාසයෙන්ම මෙය මගේ වෘත්තීය බවට පත්වුණා.

විශේෂයෙන්ම කියන්න ඕනේ මම ජෝතිෂවේදිනියක් නොවේ. මම ඒ ගැන කිසිවක් දන්නේ නෑහැ. යමෙන් මම ලඟට ආවහම මට අනාවැකි පල කළ හැකියි. ඒ වගේම ඔවුන්ගේ රෝග ආදිය සුව කරදීමත්, වෙනත් ඇතිවිය හැකි නරකදේ සඳහා පිළියම් යෙදීමත් මම කරනවා.

ඔබ වෛද්‍යවරියක් නෙවෙයි. කොහොමද ඔබ ලෙඩ සුව කරන්නේ?

මෙය මට උරුමයෙන් ලැබුණ දෙයක්. මගේ පියාත් මගේ සහෝදරියත් වෛද්‍යවරුන් මම කුඩා අවධියේ ප්‍රතිකාර කළ යුතු ආකාරය මගේ පියාටත් කියා තිබෙන්වා. එයත් මගේ ශක්තිය හරහා මට දැනෙන දෙයක්. මම දැනට වසර 25ක පමණ කාලයක සිට බොහෝ ලෙඩුන් සුව කර තිබෙනවා.

මගේ පෙර ආත්මයේ සිට උපදවාගත් ගුණ දහමක බලයෙන් හා පෙර ආත්ම වල ගෙනා පිං දහමක බලයෙන් ගෙනාව ශක්තිය උපයෝගී කරගන තමයි මෙසේ ලෙඩ රෝග සුව කරන්නේ.

හරි. ලෙඩ රෝග නිකම්ම සුව කරන්න බැහැනේ. මොකක්ද ක්‍රමවේදය?

මගේ අධික ශක්තිය සහ බලය තමයි බොහෝ වෙලාවට යොදාගන්නේ. මෙහෙදී අපේ ආගම දහමටත් ලැබෙන ශක්තියකුත්, මට පිහිට වන තවත් ශක්තියකුත් සමඟ තමයි මේ කටයුත්ත කෙරෙන්නේ.

කුමන ආකාරයේ ලෙඩරෝගද ඔබ සුව කරන්නේ?

මම වෛද්‍යවරුන්ට සුව කරන්නට බැරි ලෙඩරෝග පවා සුව කර තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මම වෛද්‍ය විද්‍යාව හෙලා දකිනවා නෙවෙයි. පෙර කර්මයන් නිසා එන ලෙඩරෝග නවීන වෛද්‍ය විද්‍යාවට පෙන්නෙන්නේ නැහැ. නමුත් මට ඒවා පෙනෙනවා. ඉන්පසු මම ඒ කර්මයන් නැති කිරීමට පිළියම් යොදනවා. මේ නිසා තමයි එවැනි ලෙඩරෝග සුව කිරීමට මට හැකියාව් ලැබෙන්නේ.

ඔබේ මෙම ශක්තිය අර්ථගැන්වෙන්නේ විශ්ව ශක්තිය ලෙසද, නැත්නම් මානසික ශක්තිය ලෙසද?

මේ දෙකම ලෙස අර්ථගැන්විය හැකියි.

ඔබ නිතරම කියනවා ඔබ මේ කටයුත්ත කරන්නේ ජනතාවට උදව් කරන්න කියා. එසේ නම් ඇයි ඔබ එක් අයෙකුගේ හමුවීමක් සඳහා රු. 10,000/-ක මුදලක් අය කරන්නේ?

එය මම සෑම අයගෙන්ම ලබාගන්නේ නැහැ. මම මුදල් නොගෙන ප්‍රතිකාර කල බොහෝ දෙනෙක් ඉන්නවා. ඔබ මෙම දස දහස ගැන ඇසූ නිසා මම කියන්නම්, මෙම මුදලින් රු. 8,000කටත් වඩා වැයවන්නේ රෝගියා වෙනුවෙන් කරන පුණ්‍යකර්ම සඳහා ඒ වෙනුවෙන් මම රටේ සෑම දිශාවකම බොහෝ සිද්ධස්ථාන වෙත ගමන් කරනවා. මුදල් ගොඩ ගසාගන සැප විඳිමින් ගෙවූ ජීවිතය මම අහවර කරලයි තිබෙන්නේ.

ඔබ කිව්වා විශ්වයේ තිබෙනා යම් කිසි බලයක් ඔබට ලැබෙන බව. කුමක්ද මෙය?

ඒ කාශ්‍යප බුදුන්ගේ කාලයේ මෙරට විසූ පුලතිසි නම් සෘෂුවරයාගේ දුයණියක්ව මම පෙර ආත්ම භවයකදී උපත ලැබ සිටිනවා. එනම් මේ රටේ සිටි තේජසම රජෙකු වූ රාවණාගේ නැගණිය සුපර්ණිකා ලෙසින්. මම මේ පිළිබඳව පොඩි කාලෙත් කියා තිබෙනව. ඉතින් මේ රාවණා රජු සහ පුලතිසි සෘෂුවරයාගේ තේජ බලයේ ශක්තිය හා ආශිර්වාදය තමයි මට ලැබිලා තියෙන්නේ.

ඔබේ මේ ශක්තියෙන් සමස්ථයකට, මේ රටටම මීට වඩා සේවාවක් නැද්ද?

මම කළ හැකි සෑම දෙයක්ම කරනවා. ශාසනිකව, පෞද්ගලිකව සමස්ථයක් විදිහට ඒවා සිදුවෙනවා. ක්‍රීඩාවට, දේශපාලනයට, ආගමට, ජාතියට කියා වෙනස්ක් නැහැ.

අනෙක මම ඕනෑම අයෙකුට රට වෙනුවෙන් උදව් කිරීමට සූදානම්. මේ වෙලාවේ කියන්න ඕනේ අපේ ක්‍රිකට් අගාධයට වැටෙන්නටයි යන්නේ. ඒ සඳහා වුනත් යමෙක් මගෙන් ඉල්ලීමක් කළොත් සම්පූර්ණයෙන් නොමිලේම මම එම කටයුත්ත කිරීමට සූදානම්.

අවසන් වශයෙන් මේ සාකච්ජාව කියවන අයට ඔබ අනාවැකියක් කියන්න කැමතිද?

ඔව්. ඉදිරියේදී අපිට දරුණු සුළි සුළඟක්, භූ චලන කිහිපයක්, නැවත මුහුද ගොඩ ගැලීමක් සිදුවීමට තිබෙනවා. මේවා මර්දනය කිරීමට පිං දහම් රැස් කිරීම කල යුතුයි. මෙම තත්ත්වයෙන් ලංකාවට විතරක් නෙවෙයි ලෝකයටම බලපානවා. පිං ඇති අය පමණක් මේවායින් බේරේවි.

එම සාකච්ජාව මෙතනින්.

මේ අතර විශාල වශයෙන් විදෙස්ගත ජනතාවගෙන් මුදල් වංචා කර ඇති මෙම ගංගා සුදර්ශනී පිළිබඳව නෙත් එෆ් එම් බැලුම්ගල මඟින් මීට පෙර හෙළිකර තිබුණා. එම වැඩසටහන පහතින්.









Source: http://www.gossip9.com/2012/10/blog-post_2430.html#ixzz28uYD1zQq

Share this article with your friends