පසුගිය ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියෙන් පසු සියදිවි නිසාගැනීම් දෙකක් වාර්තා වූ අතර බොහෝ මාධ්‍ය විසින් පවසා තිබුනේ ඔවුන්ගේ සියදිවි නසාගණීම් වලට හේතුව ලෝක කුසලානය පැරදීම නිසා ඇතිවූ සිත් වේදනාව බවයි.
නමුත් පසුව කළ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ එම මරණ දෙකට හේතුව එම තරුණයින්ගේ තිබූ පෙම් සබඳතා බිඳියාම නිසා එලෙස සියදිවි නසාගන ඇති බවයි.
හැටන් කුඩා ඔය ප්‍රදේශයේ 26 හැවිරිදි මහේන්ද්‍ර සුරේන්ද්‍රන් හා 17 හැවිරිදි හංවැල්ලේ පදිංචි දේශාන් ලක්ෂිත යන තරුණයන් දෙදෙනායි එලෙස සියදිවි නසාගන් තිබුනේ.
මේ පිළිබඳව සුරේන්ද්‍රන්ගේ මව පවසා තිබුනේ "මගේ පුතා තාම අවිවාහකයි. ඔහු උදේ 8.30 ට විතර වැඩට ගිහින් හවස 1 ට විතර කෑමට ආවා. කෑමෙන් පස්සේ 2ට විතර ගිහින් ආපහු ගෙදර ආවේ 5ටයි. ඊටපස්සේ පුතා ලඟ ගෙදරකට රූපවාහිණිය බලන්න ගියා. ආපහු ආවේ 11.30ට විතර. එතකොට හොඳටම බීලයි හිටියේ. මාවයි මහත්තයයි ගෙයින් එලියට දාලා දොර වැහුවා. ඒ වෙද්දී එය කෑම කාලත් හිටියේ නැහැ. අපි දෙන්නා එළියේ ඉඳන් දොර අරින්න කිව්වත් දොර ඇරියේ නැති නිසා ජනේලෙකින් ඇතුලට ගියා. එතකොටයි දැක්කේ වහලේ ඒල්ලිලා මැරිලා කියලා."
පසුව මරණ පරීක්ෂන වලින් අනාවරණය වී තිබෙන්නේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟයට ඔහුගේ සියදිවි නසාගැනීමේ සම්බන්ධයක් නොමැති බවයි.
හංවැල්ලේ පදිංචි තරුණයාගේ මියයාම පිළිබඳව ඔහුගේ මව පවසා තිබුනේ මෙවැන්නක්.
"ලක්ෂාන් අපේ දෙවෙනි දරුවා. මට තව දුවලා දෙන්නෙකුත් ඉන්නවා. ඔහු සාමාන්‍ය පෙළ කලේ කලු අග්හල බොස්කෝ විද්‍යාලයේ. ඔහුට ස්ථිර රැකියාවක් තිබුනේ නැහැ. පුතා මත්පැන් පානය කරන්නේ නැහැ. ඒත් ඔහුට ආදර සම්බන්ධතාවයක් තිබුණා. එදා ලොකු දුවයි එයාගේ මහත්තයයි එක්ක හවස 6.30 ට විතර පුතා ගාලුමුවදොර පිහිටි විශාල පුළුල්තිරයෙන් ක්‍රිකට් තරඟය බැලීමට ගියා. ආවේ පාන්දර 2 ට විතර. ඒත් එයා ඇවිත් නිදාගත්තේ නැහැ.
පහුවදා උදේ මම නැඟිටලා කුස්සියට යද්දී දැක්කා ඒ අසල තිබුන අඹ ගහේ එල්ලිලා මැරිලා ඉන්නවා."
ඔහුට පසුගිය මාස 3ක කාලය තුල ආදර සම්බන්ධතාවයක් තිබූ බව සහෝදරිය පවසා තිබෙන බවත් ඔහුගේ සියදිවි නසාගැනීමට එය හේතුව බවයි ඔහුගේ සහෝදරිය පවසා තිබෙන්නේ.
පසුව පොලීසිය විසින් කල පරීක්ෂණ වලින්ද අනාවරණය වී තිබෙන්නේ එම සියදිවි නසාගැනීමට හේතුව බවට එම ආදර සම්බන්ධතාවය බිඳියාමෙන් වූ චිත්ත පීඩාව බවයි.
Source: http://www.gossip9.com/2012/10/t20.html#ixzz29Sw8Zg37