Chitika Smowtion 468x60


Tuesday, October 16, 2012

බදු වැඩිකීරිම නිසා විකිණීම අඩාලවීමෙන් ගෙන්වූ වාහන ආපසු පටවයි

පසුගිය මාර්තු මාසයේ වාහන බදු වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමඟ අලුතින් මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවී තිබෙන බව මීට පෙර ලිපියකින් ඔබවෙත ගෙන ආවා..

මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවීමට අමතරව ත්‍රී රෝද ලියා පදිංචිය 54%කින්ද, යතුරුපැදි ලියාපදිංචිය 46%කින්ද අඩුවී ඇති අතර මේ අනුව සමස්ථ වාහන ලියාපදිංචියේ අඩුවීම 46%ක් බවයි එයින් කියවුනේ.


මසුගිය මාර්තු මාසයේ වූ බදු වැඩිකිරීම අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මරුටි 800 සිසි මෝටර් රථයක් අවම වශයෙන් රුපියල් ලක්ෂ 3 කින්ද, හයිබ්‍රිඩ් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10 කින්ද, ටොයෝටා ඇලියන් මෝටර් රථයක් ලක්ෂ 15 කින්ද , ටොයෝටා විට්ස් මෝටර් රථයක් ලක්ෂ 12 කින්ද, වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 4 කින් පමණද, ත්‍රිරෝද රථයක් ලක්ෂයකින්ද , යතුරුපැදියක් රුපියල් 50,000 කින්ද ඉහළ ගියා

පෙට්‍රල් කාර් 120% සිට 200% දක්වාද, ඩීසල් කාර් 180% සිට 250% දක්වාද, ත්‍රීවීල් 51% සිට 100% දක්වාද, මෝටර්සයිකල් 61% සිට 100% දක්වාද බදු වැඩි වීම නිසා වාහන විකිණීම අඩුවීම නිසා වාහන විකිණුම් සමාගම් බලවත් අපහසුතාවයට පත්වී සිටිනවා. එබැවින් ගෙන්වූ වාහන නැවත එම රටවලට යැවීමටයි ඔවුන් පෙළඹී තිබෙන්නේ.

මෙලෙස ආපසු හරවා යැවීමට නියමිත වාහන ප්‍රමාණය 5,000ක් පමණ වන අතර ඉල්ලුම් කිරීමෙන් පසුව තවමත් ලංකාවට නොපැමිණි වාහනද ඒ අතරවේ.

වාහන ප‍්‍රතිඅපනයනය කිරීමේදී වාහන අනායනයකරුවන් විසින් වාහන ගෙන්වීමේදී තීරු බදු වශයෙන් ගෙවූ මුදල් නැවත ලබාගැනීමට මේ වනවිට ඉල්ලිම් කර තිබෙන අතර එම ඉල්ලීම මේ වනවිට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කර ඇති බවයි රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය නෙවිල් ගුණවර්ධන මහතා පවසන්නේ.

ප‍්‍රති අපනයනය කිරීමේදී කලින් ආනයනය සඳහා පැනවූ රේගු බදු සියයට 90 ක් නැවත ලබාදිය හැකි වුවත් ආනයනයේදී පැනවූ සියළු බදු ඔවුන්ට නැවත ලබා දීමේ හැකියාවක් දැනට නැති බවද ඔහු පවසනවා.

වාහන ආපහු පටවා යැවීමෙ මෙම ගැටළුවට ස්ථිර පිළියමක් නොවන නිසා ස්ථිර පිළියමක් ලෙස වාහන ආනයනය කරුවන් විසින් ලබන මාසයේ පැවැත්වෙන අයවැයෙන් හෝ රජයෙන් සහනයක් බලාපොරොත්තු වෙනවා.








Source: http://www.gossip9.com/2012/10/blog-post_15.html#ixzz29Suu8kbv

Share this article with your friends