Chitika Smowtion 468x60


Saturday, November 10, 2012

ටිරාන් සමඟ අර්ජූනත් ෆොන්සේකාගේ පක්ෂයෙන් ඉල්ලා අස්වෙයි




ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස් හා අර්ජූන රණතුංග යන මහත්වරුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දැරූ ප්‍රධාන ලේකම් ධූරයෙන් හා නියෝජ්‍ය නායක ධූරවලින් ඉල්ලා අස්වී තිබේ. 

ටිරාන් අලස් මහතා සිය ඉල්ලා අස්වීම ඉකුත් සැප්තැම්බර් මාසයේ බාර දී තිබෙන අතර අර්ජූන රණතුංග මහතා ඊයේ (09) සිය ඉල්ලා අස්වීම භාර දී තිබේ. මේ බව ලක්බිම කළ විමසුමකදීද ටිරාන් අලස් මහතා තහවුරු කළේය. කෙසේවෙතත් ඉල්ලා අස්වීමට හේතුව දැනට හෙළිකළ නොහැකි බවත් ඉදිරියේදී මේ පිළිබදව හෙළි කරන බවත් ඒ මහතා පැවසීය.

- කමණි හෙට්ටිආරච්චි



Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=3911:2012-11-09-09-31-55&catid=34:news&Itemid=62

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends