Chitika Smowtion 468x60


Saturday, November 10, 2012

සිරගෙදර ගැටුමෙන් සිරකරුවන් 16ක් මරුට





තුවාලකරුවන් 43ක් ජාතික රෝහලේ!
ගිනි අවි 50ක් අතුරුදහන්!


වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ (09) සිදුවූ ගැටුමෙන් පුද්ගලයන් 16 දෙනෙක් මියගොස් විශාල දේපොල හානියක් සිදු වී තිබේ' ඊයේ රාත‍්‍රි 11 පමණ වනවිටත් යුද හමුදාව සහ සිරකරුවන් අතරේ වෙඩි හුවමාරුව සිදුවෙමින් තිබිණ' මෙම වෙඩි හුවමාරුව රූපවාහිණී නාලිකා මගින් සජීවී ලෙස විකාශය කළ අතර පැය හයකටත් අධික කාලයක් තිස්සේ එක දිගට සිදු වූ පිපිරුම් හ`ඩ සහ වෙඩි හ`ඩ ජනතාවට යළි සිහිපත් කර දුන්නේ උතුරේ බිහිසුණු යුද අවස්ථාවන්ය' මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිරකරුවන් 23ක්" විශේෂ කාර්්‍ය බලකා සෙබලූන් 13ක්" යුද හමුදා සෙබලූන් 04 ක්" පොලිස් නිලධාරියෙක්" ජේලර්වරයෙක්" සිවිල් පුද්ගලයෙක් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවෙති'.

ඊයේ රාත‍්‍රියේ විටින්විට ගිලන් රථ හරහා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත තුවාලකරුවන් රැගෙන එද්දී ඉන් පුද්ගලයන් 16 දෙනෙක් මරුමුවට පත් වී සිටි බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ මහතා පවසයි' ඔවුන් සියලූ දෙනා මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් සිදු වූ බරපතල තුවාල හේතුවෙනි' දැඩි සත්කාර ඒකකයේ විශේෂ කාර්්‍ය බලකායේ සෙබලූන් තිදෙනෙක් සහ එම බලකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්'ඩබ්'එම් රණවන මහතා ද ප‍්‍රතිකාර ලබමින් සිටී' ඒ මහතා ඊයේ සවස සැත්කමකට ද ලක් කෙරිණ' වැලිකඩ බන්ධනාගාරයේ රු`දවියන් ඊයේ මේ ආකාරයට ප‍්‍රචණ්ඩ ලෙස හැසිරීමට හේතු වූයේ විශේෂ කාර්්‍ය බලකා සහ බුද්ධි නිලධාරින් එක්ව කළ හදිසි සෝදිසි මෙහෙයුමක් හේතුවෙනි' මෙම මෙහෙයුම ඉතා රහසිගතව සංවිධානය කළ එකක් වුවත් කිසියම් ක‍්‍රමයකින් මෙදින සෝදිසි මෙහෙයුමක් ක‍්‍රියාත්මක වන බව බන්ධනාගාරයේ රැු`දවියන් දැන සිටි බවට තොරතුරු ලැබී ඇත'.

මේ නිසා මෙම සිරකරුවන් විශේෂ කාර්්‍ය බලකා සෙබලූන්ට පහර දිය යුතු පිළිවෙල සහ කළ යුතු විනාශ මොනවාදැයි යන්න ගැන කල් වේලා ඇතිව සූදානමින් සිටින්නට ඇතැයි සැක කෙරේ' පළමුව ගල්මුල්වලින් පහර දුන් රු`දවියන් පසුව ගිනි අවි ද යොදා ගෙන වෙඩි තබන්නට පටන් ගත්තේය' මීට ප‍්‍රතිප‍්‍රහාර වශයෙන් මුලින්ම විශේෂ කාර්්‍ය බලකා සෙබලූන් ක`දු`ථ ගෑස් එල්ල කළ අතර සිරකරුවන් වෙඩි තබන්නට පටන් ගැනීමත් සමග යුද හමුදාව ද කැ`දවා ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය' මේ අතර මෙම සිරකරුවන් අතට ටී'56 ගිනිඅවි පත් වූයේ ඔවුන් විසින් බන්ධනාගාරයේ ගිනිඅවි ගබඩාවට සම්න්ධ බිත්තියක් කඩා එතුළින් ගබඩාවට ඇතු`ථ වී ගිනිඅවි පැහැර ගැනීමෙන් පසුව බව වැලිකඩ බන්ධනාගාරයේ කොමසාරිස් පී'ඩබ්' කොඩිප්පිලි මහතා පවසයි' එම ගබඩාවේ ගිනිඅවි පනහකට වැඩි ප‍්‍රමාණයක් තිබූ බව ඒ මහතා ස`දහන් කරයි' එම තොගයම සිරකරුවන් විසින් පැහැර ගෙන ඇත' මේ වනවිට එම ගිනිඅවිවලින් කිහිපයක් සොයා ගෙන ඇතැයි ස`දහන් කළ ඒ මහතා ඉතිරි ගිනිඅවි අද පෙරවරුවේ සොයා ගැනීමට බලාපොරොත්තු වන බව පවසයි'.

මේ අතර මෙම ගැටුම මැද්දේ සිරකරුවන් කිහිප දෙනෙක් පළා ගොස් තිබේ' එසේ පළා ගිය සිරකරුවන්ගෙන් තුන් දෙනෙක් මේ වනවිට බොරැුල්ල පොලිස් අත්අඩංගුවේ පසුවන බව දැන ගන්නට ඇත' බන්ධනාගාරයේ දේපොලවලට සිදුකර තිබෙන අලාභහානිය ගණනය කරන්න තරම් අසීරු හානියක් යැයි කොමසාරිස් කොඩිප්පිලි මහතා පවසයි' කෙසේ වෙතත් බන්ධනාගාර කාර්්‍යාලයෙ තිබූ වටිනා ලියකියවිලි කිසිවකට හානියක් කරන්නට සිරකරුවන්ට නොහැකි වී ඇත' මන්ද ගැටුම සිදු වූ කාලයේදී බන්ධනාගාර නිලධාරින් තිහකට ආසන්න පිරිසක් මෙම කාර්්‍යාලයේ කොටු වී සිටි බැවින් ය' මොවුන්ට පිටතට යන්නට රැු`දවියන් ඉඩ දී නැති අතර ඒ හේතුවෙන් ලියකියවිලි කිසිවකට හානියක් සිදු කරන්නට අවස්ථාවක් ලැබී නැත'.

කෙසේ වෙතත් මෙවැනි බිහිසුණු ප‍්‍රහාර ඉදිරියේ දී වෙනත් බන්ධනාගාරවල ද සිදුවන්නට ඉඩ තිබෙන බවට සැකයක් බන්ධනාගාර නිලධාරින් තුළ පවතී' මන්ද බන්ධනාගාර තුළ හි`දමින් පිටත සිටින ධනවතුන්ගෙන් කප්පම් ගැනීම්, මත්කුඩු ජාවාරම් මැඩලා මොවුන් ස`ගවා ගෙන සිටින ජංගම දුරකතන අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඉදිරියේදිත් සිදු කරන බැවිණි' මේ නිසා විශේෂ ආරක්ෂක සැලැස්මක අවශ්‍යතාව පෙනී ගොස් තිබේ' ඉදිරි දින කිහිපය තුළ බන්ධනාගාරවල ජ්‍යෙෂ්ඨ නිලධාරින්" අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු උසස් නිලධාරින් " ආරක්ෂක ලේකම්වරයා සහ බන්ධනාගාර ඇමැතිවරයා සාකච්ජා කොට ගත යුතු ක‍්‍රියා මාර්ග මොනවාදැයි නිගමනය කරනු ඇත'




Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=3925:---16-&catid=42:2012-05-31-04-01-44&Itemid=90

Share this article with your friends