Chitika Smowtion 468x60


Tuesday, November 13, 2012

කහවත්ත පොලිස් ස්ථානාධිපති මාරු කළාට ජනතා අප්‍රසාදය




කහවත්ත පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නෙරංජන් ඒකනායක මහතාට හදිසියේම අද (13) දින ලබා දුන් මාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් කහවත්ත, කොටකෙතන අවට ජනතාව විරෝධතාවක යෙදීමට සූදානමක් පවතී. මේ අතර කහවත්ත නගරයේ සියලුම වෙ‍ළෙඳසල් වසා දමා පොලිස් ස්ථානාධිපතිවරයාගේ ස්ථාන මාරුවට එරෙහිව විරෝධය පළ කිරීටම ද කහවත්ත වෙළෙඳ සංගමය සැරසෙන බව වාර්තාවේ.



ස්ථානාධිපතිවරයා කහවත්ත පොලිසියේ වැඩ භාර‍ ගෙන දැනට මාස තුනකි. ඒ කාලය තුළ පොලිසිය හා කහවත්ත ජනතාව අතර විශ්වාසනීය සම්බන්ධයක් ගොඩ නැගීමට පොලිස් පරීක්ෂක නිරංජන් මහතා දිවා රෑ නොබලා කටයුතු කළ බව කහවත්ත, කොට කෙතන ජනතාව පවසති.



පොලිස් පරික්ෂක නිරංජන් මහතා පත් වීමට පෙර කහවත්ත පොලිසියේ සේවය කළ ඇතැම් ස්ථානාධිපති වරුන් හා නිලධාරින්ගේ ක්‍රියා කලාපයන් නිසා කහවත්තේ අපරාධ හා නීති විරෝධී ක්‍රියා ඉහළ යාමට රුකුලක් වූ බවද කහවත්තේ ජනතාව පවසති. කහවත්ත,කොටකෙතන ගම්වල මොහු ගෙයක් ගානේ ගොස් ඒවායේ තනිවම ජීවත් වන කාන්තාවන් ඇතුළු ජනතාවගේ තොරතුරු එකතු කර ගෙ උපරිම ආරක්ෂාව සැලසීමට පියවර ගත් බවත් ජනතාව කියති.





- බුද්ධික රත්නකුමාර - රත්නපුර



Source - http://lakbima.lk/index.php?option=com_content&view=article&id=4029:2012-11-13-08-47-59&catid=34:news&Itemid=62

Share this article with your friends