Chitika Smowtion 468x60


Tuesday, November 13, 2012

ලැම්බෝගිනි Murciélago රථයක් කොළඹ වරායේ

පසුගියදා රජය ඉදිරිපත්කල අයවැය මගින් රේසින් කාර් සඳහා රුපියල් මිලියන 160 ක පමණ බදු සහනයක් ලබා දුනි.

එනම් මිලියන 220 ක් පමණ මිල වූ රේසින් කාර් එකක් දැන් මිලියන 60 කට පමණ මිලදී ගැනීමට හැකිය.

එය කෝටි 22ක් වූ මෝටර් රථයකට කෝටි 16ක බදු සහනයක් දී කෝටි 6කට ලබාගැනීමට සැලැස්වීමකි.

මේ වනවිටත් කොළඹ වරායේ විවෘත නොකල කන්ටේනරයක් තුල ලැම්බෝගිනි Murciélago රථයක් ගාල් කර ඇති අප වෙත වාර්තා වේ. 


මෙම මෝටර් රථයේ හිමිකරු කව්රුද යන්න අප වෙත වාර්තා නොවුනත් ඉදිරියේදී අධිවේගී මාර්ග වල රේසින් කාර් ඉගිල්ලී යන යුගය වැඩි ඈතක නොවන බව සහතිකය.

මෙයට පෙර ලැම්බෝගිනි රථයක් තිබුනේ මෝටර් රථ ගූරී දිලන්ත මාලගමුවට පමණි. ඔහු එය ගෙන්වුයේ විශේෂ අවසරයක් මතය.

දිලන්තගේ ලැම්බෝගිනි ගලාඩෝ 550 නම් වූ මෝටර් රථය ඔහුට ලැබුනේ 2010 ආසියානු ශූරතාවය දිනාගැනීම නිසාය. එය දිලන්ත ලංකාවට රැගෙන ආවේ නම් බදු සහිතව ගෙවිය යුතු සම්පූර්ණ මුදල කෝටි 11කි.

නමුත් ජනාධිපතිවරයාගේ විශේෂ බදු සහනයක් මත එය ඔහුට බදු රහිතව ගෙනවා ගැනීමට හැකිවූයේ ඔහු රටට අත් කර දුන් කීර්තිය නිසාය.

දැනට වරායේ ඇති ලම්බෝගිනි Murciélago රථය අශ්වබල 630 කින් යුක්තය. ගියර් 6ක් ඇත.

රථයේ බිම සිට වහලයට ඇති උස අඩි 4කි. තත්පර 2.9 කදී 0 සිට 100 Km/h දක්වා වේගයක් ලබාගැනීමට පුළුවන. උපරිම ගියරයෙන් 338 Km/h ක පමණ වේගයක් ලබාගත හැකිය.

6 වන ගියරය සමඟ කිලෝමීටර් 100ක් ගමන් කිරීමට පෙට්‍රල් ලීටර් 29ක් අවශ්‍යය. එනම් ලීටරයකින් ගමන් කළ හැකි කිලෝමීටර් ගනන 3.5කි.

සාමාන්‍ය වේගයේදී කිලෝමීටර් 100ක් යාමට අවශ්‍යය වන්නේ ලීටර් 18ක් පමණි.

මෙවර අය වැය මඟින් මෙවැනි රේසිං කාර් සඳහා බදු සහන ලැබුනද අනෙකුත් සාමාන්‍ය මෝටර් රථ වල මිල රජය මඟින් තවත් වැඩි කර ඇත. ඒ පිළිබඳව වෙනම ලිපියක් ගෙන ඒමට 
අප වෙබ් අඩවිය බලාපොරොත්තුවේ.

ලැම්බෝගිනි ජායාරූප කිහිපයක් පහතින්.




























දිලන්ත මාලගමුව ලංකාවට ගෙනා Lamborghini Gallardo රථයේ ජායාරූප එකතුවක් පහතින්.








Source: http://www.gossip9.com/2012/11/murcielago.html#ixzz2C7NEUV00

Share this article with your friends