Chitika Smowtion 468x60


Friday, January 4, 2013

සංගීත සංදර්ශනය බලා යමින් සිටි නිළියට හතර දෙනකුගෙන් අතවර (Actress Raped)

ගුවන් භටයන් දෙදෙනෙකුත් ඒ අතර

පසුගිය දෙසැම්බර් 31වනදා රාත්‍රියේ පැවති සංගීත ප්‍රසන්ගයක් අවසන්වී යමින් සිටි වේදිකා නාට්‍ය නිළියක පැහැරගෙන ගොස්‌ ඇයට අමානුෂික ලෙස හතර දෙනෙකු දූෂණය කර තිබෙනවා.

ඔවුන් අතර ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙකුද වේ.

තම නේවාසිකාගාරය අසල පැවැත්වූ වර්ෂාවසාන සංගීත සංදර්ශනය අවසන් වීමෙන් පසු ඇය නේවාසිකාගාරය බලා පිටත්ව ගොස් ඇත්තේ ජනවාරි 01 වෙනිදා (අවුරුදු දින) අලුයම අලුයම 1.00 ට පමණය.


වේදිකා නාට්‍ය නිළිය 28 හැවිරිදි එක්‌දරු මවකි. ඇයට නාට්‍යවල රඟපෑම පහසුවීම සඳහා නේවාසිකාගාරයේ නතර වී ඇත.

එදින ආපසු තම නේවාසිකාගාරය බලා හුදකලාව එමින් සිටි වේදිකා නාට්‍ය නිළිය මාර්ගය අතරමග රැක සිට ඇයට මරණීය තර්ජන එල්ල කොට පැහැරගෙන ගොස්‌ පලමුව දූෂණය කර ඇත්තේ ලක්‌මාල් ජයතිලක නම් ගුවන් හමුදා භටයාය.

ඉන් පසුව අනෙක් තුන් දෙනා ඇයව දූෂණය කොට ඇත. ගුවන් හමුදා භටයන් දෙදෙනාට අමතරව වඩු කාර්මිකයකු හා ඇය නැවතී ඇති නේවාසිකාගාරයේ හිමිකරුද වේ.

ඔවුන්ගේ නම් වනුයේ ගුවන් හමුදා භට ඉත්තෑපාන ලූල්බැද්දුම කුරුඳුවත්ත පදිංචි කේ. ඒ. උදිත ලක්‌මාල් ජයතිලක (26), ගුවන් භට මැදිරිගිරිය නව නගරය යාය 4 පදිංචි පී. ඩී. සුනිල් ශාන්ත (40), වඩුකාර්මික ශිල්පියකු වූ මීගමුව කිඹුලාපිටිය ගල්මන්කඩ පදිංචි එල්. බුද්ධික ප්‍රේමරත්න (32) සහ නේවාසිකාගාර හිමියකු වන කදිරාන පේෂකර්ම ගම්මානයේ පදිංචි කේ. පැට්‌රික්‌ ප්‍රනාන්දු (54) නමැත්තන්ය.

ඔවුන් ජනවාරි මස 15 වැනි දින දක්‌වා රිමාන්ඩ් භාරයට පැමිණවීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කර ඇති අතර අසාධ්‍ය තත්ත්වයට පත්වූ වේදිකා නාට්‍ය නිළිය මේ වනවිට ප්‍රතිකාර සඳහා මීගමුව දිසා රෝහලට ඇතුළත් කර තිබේ. 

ලංකාවේ වාර්තා වන බොහෝ මංකොල්ලකෑම් හා ස්ත්‍රී දූෂණයන් වාර්තාවන්නේ නිවාඩුවට පැමිණෙන හමුදා සෙබලුන්ගෙනි.

පසුගිය වසර කීපය තුළ ලංකාවේ වාර්තා වූ ස්ත්‍රී දූෂණ වාර්තා මෙසේය.
1990 වසරේ 365කි.
1995 වසරේ 542කි
2006 වසරේ 1,463කි.
2007 වසරේ 1,397කි.
2008 වසරේ 1,582කි.
2009 වසරේ 1,624කි.
2010 වසරේ 1,854කි.
2011 වසරේ මුල් මාස 11 තුළ වාර්තා වූ ස්ත්‍රී දූෂණ ගනණ 1,636කි.

මීට වඩා වැඩි කාන්තාවන් පිරිසක් දිනකට ලිංගික අතවරයට ලක්වෙන නමුත් ලැජ්ජාව, බිය, නොදන්නාකම, මරණීය තර්ජන, පහරදීම හා අල්ලස් ගැනීම් නිසා බොහෝ අපචාර පොලිසියට වාර්තා වෙන්නේ නැති බවයි පොලීසිය පවසන්නේ.

පසුගියදා ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කිරීමට විරුද්ධව දහස් ගණනක් ඉන්දියාවේ ජනතාව වීදි බැස උද්ඝෝෂණය කළ මුත් ලංකාවේ එවැන්නක් සිදුනොවේ.

මන්දයත් ලංකාව යනු මසකට ස්ත්‍රී දූෂණ සිය ගනනක් වාර්ත වන ස්ත්‍රී දූෂණ සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති රටක් නිසාය.

මෑතකදී ලංකාවේ සිදුවූයේ එහි අනිත් පැත්තය. 
දැරියක් දූෂණය කළ සාරුවා සුනිල් නිදහස් කරන ලෙස සිය ගනනක් පාරට බැස්සේය.


Source - http://www.gossip9.com/2013/01/blog-post_8679.html

Share this article with your friends