Chitika Smowtion 468x60


Sunday, January 6, 2013

කැලණිය උණුසුම් කල හසිත මඩවල ගේ ඝාතනය (Hasitha Madawala Killed)

කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී හසිත මඩවල (Hasitha Madawala) මහතා ඊයේ (05) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබේ. වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.

ඊයේ රාත්‍රියේ රාත‍්‍රී 7.30ට පමණ හසිත මඩවල සිය රථයෙන් නිවසට පැමිණ රථය නිවස ඉදිරිපිට නවතා එයට හේත්තු වී සිටියදී පසුපසින් ඔහුව හඹා ආ මෝටර් සයිකලයක සිටි සම්පුර්ණයෙන් මුහුණ ආවරණය කරගත් දෙදෙනකු විසින් ගිනි අවියකින් මඩවල මහතාට දිගට හරහට වෙඩි තබා තිබේ.

ඉන් වෙඩි උණ්ඩ හතරක් වැදුනු හසිත මඩවල හිසට වැදුන වෙඩි පහරින් බරපතල තුවාල ලබා එම ස්ථානයේම වැටී මරුමුවට පත්ව ඇත.

හසිත මඩවල ගේ දේශපාලනික පසුබිම

හසිත මඩවල දේශපාලනයට හදුන්වා දෙන්නේ ශ්‍රී පති සුරියආරච්චි ව්සිනි. ඉන් පසුව මර්වින් සිල්වාගේ කැළණි ආගමනයෙන් පසුව මර්වින් සිල්වාට සමීප වුනු හසිත මඩවල මෑතක් වනතුරු මර්වින් සමග සහයෝගයෙන් ප්‍රාදේශීය සභාවේ වැඩකටයුතු කරගෙන ගියේය.

2011 වසරේ හසිත මඩවලගේ නිවසට යන එන ලඟම හිතවතෙකු වන කුඩු චින්තක පොලිසියට හසු වුයේ කුඩු කිලෝ දෙකක් සමගය. ඔහු එහිදී පොලිසියට අනාවරණය කර ඇත්තේ එකල මර්වින්ගේ සමිපමතයෙකු වන හසිත මඩවල හා මර්වින්ගේ අරාක්ෂාව මත මෙය සිදුකරන ලද බවයි.

මර්වින් සිල්වාට එරෙහිව යුධ ප්‍රකාශ කිරීම
පසුගිය කාලයේ කැලණියේ පුංචි යුද්ධයක් බවට පත්වුයේ කැලණියේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් මර්වින් සිල්වාට එරෙහිව කැරැල්ලක් ගැසීමත් සමගය. එහිදී මර්වින් අසරණ වූ අතර කලක් පසු බැස සිටි මර්වින් කරලියට පැමිණියේ මෑතකදීය.

දෙපාර්ශවය අතර ගැටුම තිබු කාලයේ මර්වින් විසින් මන්ත්‍රීවරුන්ගේ දුෂණ ක්‍රියාද, ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් විසින් මර්වින්ගේ දුෂණ ක්‍රියාදා හෙළි කරනු ලැබිය. එහිදී පසක් වූ කරුණ වුයේ එම පාර්ශව දෙකම මිට ඉහතදී එක්ව කරන ලද දුෂණ ක්‍රියා දෙපිල බෙදී චෝදනා කරන බවයි.

හසිත මඩවලට තිබු මරණ තර්ජන

පසුගිය කාලයේ හසිත මඩවලට සිරගත කිරීමේ කුමන්ත්‍රණ හා මරණ තර්ජන දිගින් දිගටම එල්ලවී තිබුණි. ඒ අනුව පසුගිය වසරේ මැයි  මාසයේ අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය හිතවතෙකු යොදවා බොරු පැමිණිල්ලක් දමා අධිකරණය නිඩාඩු දිනයකදී තමා අත්අඩංගුවට ගෙන සිරගත කිරීමේ කුමන්ත‍්‍රණයක් ඇතැයි හසිත මඩවල විසින් ලිපියක් මගින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා පොලිස් පතිවරයාට දන්වා තිබු අතර එම පැමිණිල්ලට වූ දේ ගැන හසිත මඩවල මහතා මාධ්‍යයට අදහස් ප්‍රකාශ කර තිබුනේ මෙලෙසිනි

"මර්වින් ඇමතිතුමා මාව හොඳින්හරි නරකින් හිරි ගෙන්නගන්න උත්සාහා කරනවා. කැලණියේ ඕ.අයි.සී. මට කිව්ව පරණ තරහමරහ අත්ඇරල ආයෙත් ඇමති තුමා එක්ක සම්බන්ධ වෙන්න කියල. නැත්නම් වැඩ වරදියි කියලත් තර්ජනය කරා. කොහොම වුනත් මම කප්පම් කාරයෝ එක්ක ආයෙත් සම්බන්ධවෙන්නේ නෑ කියල ඔහුට කිව්වා. ඊට පස්සෙ ඔහු සමග බහින්බස්වීමකුත් වුණා."

ඉන්පසුව ආමාත්‍ය මර්වින් සිල්වාගේ පුතු මාලක සිල්වා හා ඔහුගේ ගෝලයන් දෙදෙනෙකු විසින් හසිත මඩවලට මරණ තර්ජන සිදුකො තිබු අතර ඒ පිලිබඳ පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

හසිත මඩවල ෆේස්බුක් සමාජ ජාල අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන අතර පසුගිය කාලයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ දියණියගේ ජායාරුපයක් පළකිරීම සම්බන්ධයෙන් රහස් පොල්සියෙන් ප්‍රශ්න කිරීම් වලටද ලක්ව තිබුණි.

මර්වින්ගෙන් මරණ තර්ජන තිබු බවට ඇති වීඩියෝ සාක්ෂි 
පසුගිය කාලයේ මර්වින්ට යුධ ප්‍රකාශ කිරීමත් සමග තමාට මර්වින් ඇමතිවරයාගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවට හසිත මඩවල මාධ්‍ය හමුවකදී කල ප්‍රකාශයකින් හෙළි වේ. එය පහතින් දැක්වේ

"දැන් මේ වෙනකොට අපි කීපදෙනෙක් මරන්න කොන්ත්‍රාත්තු  දීලා..වැදගත් නායකයෙක් කරන්නේ නෑනේ...එතුමා කියන්නේ එයා ජාතික තලයේ ඉන්න නායකයෙක් කියලනේ.ඒ වගේ කෙනෙක් මරන්න කොන්ත්‍රාත්තු දෙනවද..මන් දන් නෑ එහෙම දෙනවනම් දෙන්නේ මේ ගරු අමාත්‍ය ගොන් තඩියම තමයි..වෙන කව්රුත් නෙවෙයි .."

එහි වීඩියෝව බලන්න පහතින්.



හසිත මඩවල ඝාතනය කිරීමෙන් පසුව එක්රැස්වූ ඔහුගේ ආධාරකරුවන් නොසන්සුන්වී ඇති අතර හසිත මඩවල ට වෙනත් මරණ තර්ජන තිබුනේ නැති බවත් තිබුනේ දේශපාලනික ගැටළු පමණක් බව පවසමින් මෙම මරණයට වගකිව යුත්තේ මර්වින්ගේ පාර්ශවය බව කියමින් යුධ ප්‍රකාශකොට ඇත.

මේ අනුව පොලිසිය විසින් එම ප්‍රදේශයට විශේෂ ආරකෂාවක් දීමටද කටයුතු කිරීමට සුදානම් බව අප වෙත වාර්තා වේ.

ඝාතනය කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ දර්ශන පහතින් බලන්න










-




























Source - http://www.gossip9.com/2013/01/blog-post_6.html

Share this article with your friends