වසර 2003 ඔක්තෝබර් 15 වැනිදා සම්මත කරගත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට්හි තනතුරු දරන්නන් සම්බන්ධයෙන් වන 11 වැනි වගන්තියේ එහි ප්‍රධාන තනතුරු දැරීමට සමුපූර්ණ කළ යුතු සුදුසුකම් කිහිපයක් තිබේ.
එම වගන්තියට අනුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට්හි ප්‍රධාන නිල පහට ඉල්ලූම් කරනු ලබන පුද්ගලයින් පළමු පෙළ කි‍්‍රකට් කී‍්‍රඩා කර තිබීම අනිවාර්ය වන අතරම, අවසන් වසර 15 ඇතුළත ශී‍්‍ර ලංකා කි‍්‍රකට්හි විධායක කමිටුවේ සමාජික ධූරය දැරීම ද අනිවාර්ය වේ.
ජයන්ත පාර්ශවයෙන් උප සභාපති තනතුරක් සඳහා ඉදිරිපත්ව සිටින අසංග සෙනවිරත්නටද, උපලේකම් ධූරය සඳහා ඉදිරිපත්ව සිටින ජෙරාඕ හිරන්ත පෙරේරාටද එම අවස්ථාව අහිමි වනු ඇතැයි පැවසේ.
ඒ අනුව උප සභාපති තනතුරු දෙනෙක් එකක් තිලංග පාර්ශවය නියෝජනය කරනු ලබන ජයන්ත පරණාතලට හෝ මොහාන් ද සිල්වාට හිමි වනු අතැයි වාර්තා වේ.
එසේම භාණ්ඩාගාරික ධූරයට ජයන්ත පාර්ශවය නියෝජනය කළ ඊස්ට්මන් නාරංගොඩ මහතා සිය නාමයෝජනාව ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් එම ධූරය නිතරගයෙන්ම තිලංග පාර්ශවය නියෝජනය කරනු ලබන නුස්කි මොහොමඕට හිමිවීමට නියමිතය.
මේ අතර ස්වාධීනව තරග කරමින් නිතරගයෙන් තේරීපත්වීමට සිතා සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂගේ අස්සයා වන නිශාන්ත රණතුංගටද තිලංග පාර්ශවය විසින් තරගකරුවෙකු යෙදවීමෙන් නිශාන්තගේ හීනය සැබෑ නොවන තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.
නිශාන්තට එරෙහිව තිලංග පාර්ශවය නියෝජනය කිරීමට තීරණය කර ඇත්තේ රවින් වික්රමරත්නය.
කෙසේවවුද නිශාන්ත දිනවීමට පෙනී සිටින නාමල් මේ දිනවල නිශාන්තට ජනමාධ්‍ය ප්‍රචාරය ලබාදීමේ කටයුත්තට අතගසා ඇති බවද වාර්තා වේ.
ඒ අනුව එම මාධ්‍යවේදීන් ගොනු කිරීමේ කාර්ය කාරියවසම් දෙසොහොයුරන්ගෙන් කෙනෙකුට පවරා ඇතැයිද පැවසේ.
Source : lankanewsweb.com