Chitika Smowtion 468x60


Wednesday, December 21, 2011

ප්ලාස්ටික් කූඩ නිෂ්පාදකයින් ජොනීට එරෙහිව අවි ඔසවයි


ප්ලාස්ටික් කූඩ වෙනුවට හකුලන ප්ලාස්ටික් කූඩ මිලදී ගැනීමට කටයුතු කළහොත් තම සමාගම් සමග සිදු කළ සියලූ ගනුදෙනු ප‍්‍රසිද්ධියට පත් කරන බවට ප්ලාස්ටික් කූඩ නිෂ්පාදකයින් අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට තර්ජනය කොට ඇතැයි "Lanka News Web" වෙත වාර්තාවේ.

එළවලූ සහ පළතුරු ප‍්‍රවාහනය කිරීම සඳහා ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කරමින් වෙළෙඳ අමාත්‍යවරයා හඳුන්වා දුන් නව නීතියට රට පුරා ගොවීන්ගෙන් හා ප‍්‍රවාහකයින්ගෙන් නැඟ ආ විශාල විරෝධය හමුවේ, අදාළ නීතිය කි‍්‍රයාත්මක කිරීම ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් මසක කාලයකට කල් තැබිණ.
එම මසක කාලය ඉකුත්වීමෙන් පසු මෙම ප්ලාස්ටික් කූඩ වෙනුවට හැකිලිය හැකි ප්ලාස්ටික් කූඩ හඳුන්වාදීමට අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය ගෙන ඇති තීරණය හමුවේ ප්ලාස්ටික් කූඩ නිෂ්පාදකයින් එම තීරණයට තම විරෝධය අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා වෙත ඉතා දැඩි ආකාරයකින් දන්වා තිබේ.


මේ වනවිට ප්ලාස්ටික් කූඩ නිෂ්පාදකයන් විසින් ප්ලාස්ටික් කූඩ ලක්‍ෂ 08 කට අධික ප‍්‍රමාණයක් නිෂ්පාදනය කොට ඇති අතර, එයින් ලක්‍ෂ 05 ක ප‍්‍රමාණයක් වෙළෙඳ අමාත්‍යංශය යටතේ ඇති සමූපකාර තොග වෙළඳ සංස්ථාව විසින් මිලදී ගෙන තිබේ.
මෙම එක් ප්ලාස්ටික් කූඩයක් රුපියල් 1,500 කට මිලට ගෙන ඇති අතර, එම මිලෙන් 25% ක ප‍්‍රමාණයක් සහනාධාරයක් වශයෙන් රජය විසින් ප්ලාස්ටික් කූඩ නිෂ්පාදකයින් හට ලබාදී ඇති අතර, එකී සහනාධාරය මේ වනවිට නිෂ්පාදනය කොට ඇති සියලූම ප්ලාස්ටික් කූඩ සඳහා රජය විසින් වෙළඳ අමාත්‍යංශය හරහා ගෙවා තිබේ.
මෙම ප්ලාස්ටික් කූඩ නිෂ්පාදනයෙන් වැඩි ප‍්‍රමාණයක් වෙළඳ අමාත්‍යංශය විසින් ලබාදී ඇත්තේ ‘ෆීනික්ස් ප්ලාස්ටික්’ නිෂ්පාදන සමාගමටය. මේ සඳහා ‘නිල් කමල්’ සහ ‘නිපෝන්’ ප්ලාස්ටික් නිෂ්පාදන සමාගම්ද දායකවී තිබේ.
මෙම සමාගම්වල අභ්‍යන්තර ආරංචි මාර්ග "Lanka News Web" වෙත සඳහන් කර සිටියේ, වෙළඳ අමාත්‍යංශය හරහා සමූපකාර තොග වෙළඳ සංස්ථාව මිලදී ගත් සෑම ප්ලාස්ටික් කූඩයක් සඳහාම රුපියල් 200 ක මුදලක් තමන් අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට ගෙවන ලද බවත්, ඒ අනුව රජය තමන් වෙත ලබාදුන් සහනාධාරය ලැබුණේ තමන්ට නොව වෙළඳ අමාත්‍යවරයාට බවයි.
යම් හෙයකින් අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා තමන් වෙත ලබාදුන් පොරොන්දු කඩ කරමින් අනාගතයේ කටයුතු කළහොත්, ඉතිරි සියලූ විස්තර ජනමාධ්‍යයන්ට ලබාදෙන බව අප වෙත තොරතුරු ලබාදුන් සමාගම් ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


Source : LankaNewsWeb.com

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends