නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වී, කරූ ජයසූරිය මහතා සමග එක්වී එක්සත් ජාතික පක්‍ෂය නිවැරදි මාවතට ගෙන ඒමේ බහුජන ව්‍යාපාරයක් අරඹන්නැයි එම පිරිස කළ යෝජනාව හමුවේ සජිත් පේ‍්‍රමදාස මහතා එසේ ප‍්‍රකාශ කර ඇත.
තමා ඉල්ලා අස්වුවහොත් තමා සමග නියෝජ්‍ය නායක ධූරයට තරග කළ රවී කරුණානායක මහතා පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්වන බවත්, එවැනි තත්ත්වයක් තුළ රනිල් වික‍්‍රමසිංහ මහතා මියගියහොත් පක්‍ෂ නායකත්වය රවී කරුණානායක මහතාට හිමිවන බවත් සජිත් පේ‍්‍රමදාස මහතා මෙහිදී පැහැදිලි කර තිබේ.
එහෙයින්, නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තමාගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත්, එම ධූරයේ වරප‍්‍රසාද හා බලතල යොදා ගනිමින් රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි සටන ඉදිරියටම ගෙන යන බවත් ඔහු එහිදී අවධාරණය කර ඇත.
ඒ අනුව, එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස කරූ ජයසූරිය මහතා පාවිච්චි කළ නිල කාර්යාලය තමාට ලබාදෙන ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
තවද, තමාට සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ නිල කාමරයක් වෙන් කර දෙන ලෙසද සජිත් පේ‍්‍රමදාස මහතා, එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු වූ එම පක්‍ෂයේ හිටපු සභාපති මලික් සමරවික‍්‍රම මහතාගෙන්ද ඉල්ලීම් කර තිබේ.
මේ වනවිට අප වෙත වාර්තා වන පරිදි සජිත් පේ‍්‍රමදාස මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර පවතින ගැටුම් සමථයකට පත් කිරීම සඳහා මලික් සමරවික‍්‍රම මහතා සාකච්ඡා පවත්වමින් සිටී.
Source : lankanewsweb.com