Chitika Smowtion 468x60


Thursday, December 15, 2011

බීමත් බිරිඳගේ හිරිහැර නොඉවසූ සැමියා පොලිසියේ පිහිට පතයි


සැමියා බීමත්ව පැමිණ බිරිඳට කරදර කිරීම අප සමාජයේ සාමාන්‍ය සිද්ධියක්‌ බවට පත්ව ඇත. එහෙත් බිරිඳ බීමත්ව පැමිණ සැමියාට සහ දරු දෙදෙනාට පහරදීමේ සිද්ධියක්‌ ඇසීමෙන් ඔබ විමතියට පත්විය හැකිය. එවැනි සිද්ධියක්‌ පසුගියදා ගොකරැල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශයේදී විභාග කෙරිණි.
තම බිරිඳ බීමත්ව පැමිණ තමාටත්, දරු දෙදෙනාත් පහර දෙන බවට පොලිසියට පැමිණිලි කර තිබුණේ මැල්සිරිපුරට නුදුරු ගම්මානයක 47 හැවිරිදි දෙදරු පියෙකු විසිනි. 


පොලිස්‌ නිලධාරියා - (කාන්තාව අමතා) ඇත්තද තමා බීමත්ව ඇවිත් සැමියාටයි දරුවන්ටයි පහර දෙනවා කියන්නේ.?
කාන්තාව - ඔය කියන තරම් දෙයක්‌ නෑ සර්. පොඩ්ඩක්‌ දාගත්තම අත පය එහාට මෙහාට හෙලවෙනවා තමයි එච්චරයි.

පොලිස්‌ නිලධාරියා - ඇයි. තමා මත්පැන් පානය කරන්නේ.

කාන්තාව - කුලී වැඩ කරල මහන්සියට හැන්දැවට පොඩ්ඩක්‌ බොනවා.

පොලිස්‌ නිලධාරියා - (සැමියා අමතා) - ඇයි තමා රස්‌සාවක්‌ කරන්නෙ නැද්ද.

සැමියා - ස්‌ථිර රස්‌සාවක්‌ කරන්නෙ නෑ සර්. ඔය කුලියක්‌ මලියක්‌ ලැබුණොත් කරනවා.

පොලිස්‌ නිලධාරියා - (කාන්තාව අමතා) මීට පස්‌සෙ ඔය වගේ වැඩ කරන්න එපා. බොන්නත් එපා බීලා කාටවත් හිරිහැර කරන්නත් එපා. ඔය ඔක්‌කොම වැරදි වැඩ.

කාන්තාව - හොඳමයි සර්.

පොලිස්‌ නිලධාරියා - මීට පස්‌සෙ මේ වගෙ පැමිණිලි ආවොත් උසාවියට යන්න වේවි. කූඩුවෙ ළගින්නත් වේවි.
යළි වැරදි වැඩ නොකරන බවට පොරොන්දු වූ කාන්තාව සිය දරු දෙදෙනාද සමග පොලිස්‌ භූමියෙන් පිටව ගියාය. සැමියා ඔවුන් පසුපස යනු දක්‌නට ලැබිණි.









Source : hotandfastnews.com

Share this article with your friends