Chitika Smowtion 468x60


Thursday, December 15, 2011

මන්ත්‍රී ජයසූරියගෙන් ක්‍රිකට් කණ්ඩායමට කණේ පාරක්!


වත්මනේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබැසීමට ජනාධිපතිවරයාට, ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට දොස් පැවරීමෙන් පලක් නොවන බවත් ක්‍රිකට් කණ්ඩායම එම තත්ත්වයට වගකිව යුතු බවත් හිටපු ක්‍රිකට් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය කියයි.අද පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යංශයට අදාළ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව පැවසූ අතර මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය වී නොමැති බව කීය.
නමුත්, ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පවත්නා දේශපාලනය නැවතිය යුතු බවට හෙතෙම අවධාරණය කළේය. මෑතකාලීනව ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිවී තිඛෙන පසුබෑම්වලට හේතුව ක්‍රිකට් කණ්ඩායම තුළට දේශපාලනය රිංගා ඇතැයි කීම අසත්‍යයක් බවත් වර්තමාන කණ්ඩායම තුළ සිටින ක්‍රීඩකයින් කිහිපදෙනෙකු හැරෙන්නට අන් අය ලෝක කුසලාන තරඟාවලිය සඳහා ක්‍රීඩා කල ක්‍රීඩකයින්ම බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වාදුන්නේය.



Source : hotandfastnews.com

Share this article with your friends