'සෝම සාමි' විසින් සිදු කළ එම පූජාව සඳහා තම ඥාතියකුවන මලික් සමරවික්‍රම මහතා ආධාර කළ බවත් රනිල් වික්‍රමසිංහ මහතා අත ගැසූ ප~ුරු රැගෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පැමිණි බවත් විශේෂ පූජාවට ඔහුද සහභාගිවූ බවත් ඇමතිවරයා පවසා ඇත.
තවද සිරිකොතට ගල් ගැසූ පිරිස බේරා ගැනීමට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මැදිහත් වූ බවද ප්‍රකාශ කොට ඇති මර්වින් සිල්වා අමාත්‍යවරයා, බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයේ 'නක්සලයිට්' කණ්ඩායම සමඟ සමීප ගනුදෙනුවක් පවත්වන බවත් පවසා තිබේ.
සිරිකොත ගැටුමේදී ජනාධිපතිවරයා දෙපාර්ශවයටම උදව් කොට එම දෙපිරිසම සතුට කළ බවත් වැඩි දුරටත් පවසා තිබේ.
Source : lankanewsweb.com