අමාත්‍යාංශය සතු බලතල හා කාර්යයන් සංශෝධනය කිරීම යටතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මෙම පවරාදීම සිදුකර ඇත්තේ 2011 දෙසැම්බර් 14 දින දරන අංක 1736/23 අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්ය.
ඒ අනුව පිටකොටුවේ පිහිටි චාමර්ස් ධාන්‍යාගාරයට අයත් දේපළ, පිටකොටුවේ හා නාරාහේන්පිට පිහිටි, ලංකා ට්‍රැක්ටර් ලිමිටඩ්ට අයත් දේපළ, කොල්ලූපිටියේ පිහිටි පෙර කජු සංස්ථාව පිහිටි දේපළ, බත්තරමුල්ලේ පිහිටි සුචිර් නෙබ් ප්‍රජෙක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ්, අයත් දේපළ, කොල්ලූපිටියේ පිහිටි සෙලින්කෝ ලෙෂර් ප්‍රොපටීස් ලිමිටඩ්ට අයත් දේපළ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධික්ෂණයට පවරා ඇත.
මීට අමතරව රජයට පවරාගත් ආයතනවලින් 29ක් සඳහා පත්කර ඇති නිසි බලධාරීන්ගේ ක්‍රියාකාරකම් මෙහෙයවීම් හා අධීක්ෂණය සඳහා ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයට පවරා ඇත. සෙවණගල හා පැලවත්ත සීනි සාමාගම් සඳහා පත්කර ඇති නිසි බලධාරීන්ගේ ක්‍රියාකාරකම් මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍යාංශයට පවරා ඇත.
රජයට පවරා ගත් මෙම ආයතනවල නිසි බලධාරීන් වශයෙන් එම දේපළ පිහිටි දිස්ත්‍රික්කයේ දිසාපතිවරුන් පත් කරනු ලැබූ අතර පනත යටතේ අදාළ දේපළ භාණ්ඩාගාරයේ ලේකම්වරයා යටතට පත්විය.
- රාවය