Chitika Smowtion 468x60


Friday, December 30, 2011

සජිත් කරූ අතහැර දයාසිරි පෙරට ගනී


ලබන වසර මුල සිට කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් රට පුරා රැස්වීම් මාලාවක් සංවිධානය කිරීමට සජිත් කණ්ඩායම තීරණය කර තිබුණද, එම කි‍්‍රයාමාර්ගය අතහැර ජනපි‍්‍රය දේශපාලන චරිතයක් වූ දයාසිරි මන්තී‍්‍රවරයා පෙරට ගෙන රට පුරා යෑමට එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා යෝජනා කර තිබේ.
දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයාට එරෙහිව විනය පරීක්‍ෂණයක් සිදු කිරීමට නියමිත බවට මාධ්‍යවල පළ වී තිබූ ‘ප්ලාන්ට්’ පුවතක් දැකීමෙන් පසු පේ‍්‍රමදාස මහතා එම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ජයසූරිය මහතාට වඩා දයාසිරි මන්තී‍්‍රවරයා ජනපි‍්‍රය චරිතයක් බැවින් තම සටන ඉදිරියට ගෙන යෑමට දයාසිරි යොදා ගැනීම වැදගත් බව පේ‍්‍රමදාස මහතා පෙරේදා රාති‍්‍රයේ ඔහුගේ සමීප හිතවතුන් හා පවසා තිබේ.
දයාසිරි බේරා ගැනීම සඳහා සිය ජීවිතය වුවද කැප කිරීමට සූදානම් බව පේ‍්‍රමදාස මහතා මේ වනවිට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
කෙසේ වුවද, පේ‍්‍රමදාස මහතාගේ එම යෝජනාවට සජිත් කණ්ඩායමේ ප‍්‍රබලයින් වන රංජිත් මද්දුම බණ්ඩාර මහතාත් රෝසි සේනානායක මහත්මියත් විරෝධය පළ කර තිබේ.


Source: lankanewsweb.com

Share this article with your friends