Chitika Smowtion 468x60


Friday, December 30, 2011

යසෝදරා බාලිකා විදුහල විභාග ඇගයීම්වලට යොදා නොගැනේ


yasodara1
අ.පො.ස. (සා.පෙළ) විභාගයේ ඇගයීම් කටයුතු සඳහා ගම්පහ යසෝදරා බාලිකා විදුහල යොදා නොගැනීමට විභාග දෙපාර්තමේන්තු මඟින් කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පැවසීය.
මෙම විභාගයේ ඇගයීම් කටයුතු සඳහා මෙම පාසල යොදා ගැනීමට කලින් අදහස් කළ ද ප්‍රමාණවත් ඇගයීම් මණ්ඩල සංඛ්‍යාවක් නොතිබීම හේතු කොට ගෙන මෙවර ඇගයීම් කටයුතු සඳහා ගම්පහ යසෝදරා බාලිකා විදුහල යොදා නොගැනේ.

එමනිසා 2012 වර්ෂය පළමු වාරය සඳහා ජනවාරි 02 දින නියමිත පරිදි පාසල ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Share this article with your friends