Chitika Smowtion 468x60


Saturday, December 17, 2011

දරුවෙකු ලැබීම ජනප්‍රියත්වයට බාධාවක් නෙවෙයි - උදාරි



උදාරි වර්ණකුලසූරිය කියන විදිහට ඇය මේ දිනවල ගෙවන්නේ අතිශය කාර්ය බහුල ජීවිතයක්. තමගේ කාර්යබහුලත්වයට හේතුව උදාරි ඊයේ ලක්බිම පුවත්පතට පවසා සිටියේ මේ විදිහටයි.

දැන් මම දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්. මම දන්නවා මට ඉදිරියේදී රූගතකිරීම් වලට කාලය වෙන් කරන්න බැරි බව. ඒ නිසා මම භාරගත් ටෙලිනාට්‍ය දෙක වන වන්දනා හා සිහින පියාපත් නිසා මම කාර්යබහුලයි. රූගතකිරීම් දිගටම කරගන යනවා. ඒ වගේම චිත්‍රපටියකටත් දායක වුණා. ඉදිරියෙදීත් චිත්‍රපටයක් කරන්න ආරාධනා ලැබුණා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට වැඩ කටයුතු නිම කරන්න සූදානම් වෙනවා

බොහෝ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ජනප්‍රිය කාලයේදී දරුවන් ලැබීමට කැමැත්තක් දක්වන්නේ නෑ. උදාරි දරුවන් ලැබීම දකින්නේ මොන විදිහටද?

ඕනේම කෙනෙක් නිසි වයසේදී විවාහ වෙන්න ඕනේ වගේම දරුවන් හදන්නත් ඕනේ. මම විවාහ වෙද්දී බොහෝ දෙනක් කිව්වා විවාහ වුනොත් ජනප්‍රියතාව අඩුවෙයි කියලා. නමුත් මම විවාහ වුනාට පස්සේ තවත් ජනප්‍රිය වුණා. විවාහ වීම, දරුවන් ලැබීම නිසා අද රංගන ශිල්පිනියන්ගේ ජනප්‍රියත්වය අඩුවෙන්නේ නැහැ. 

ප්‍රේක්ෂකයන්ට රංගන ශිල්පිනියන්ගේ පෞද්ගලික ජීවිතය වැදගත් නැහැ. අද ප්‍රේක්ෂකයන් බුද්ධිමත් නිසා ඔවුන්ගේ නිර්මාණවලින් අපි කරන දේට පමණයි ආදරය කරන්නේ. එසේ පවසන උදාරි දරුවා ලැබීමෙන් පසු ටික කාලයක් ක්ෂේත්‍රයෙන් ඈත්වී සැමියා සමඟ විදෙස් ගතවීමටද බලාපොරොත්තු වෙයි.

තමන් විවේකීව සිටින කාලයේදී එතෙක් රූගත කළ නිර්මාණ විකාශණය වන නිසා තමන්ගේ ජනප්‍රියත්වය අඩු නොවනු ඇතැයිද උදාරි විශ්වාස කරයි

මගේ රංගන ජීවිතය සාර්ථක වුනේ මගේ පිටුපස මහත්තයා සිටිය නිසයි. පසුගිය කාලයේදී මට සෑගෙන්න පීඩන එල්ල වුණා. ඒ ප්‍රශ්ණ හමුවේ මට නොසැලී ඉන්න මට කියා දුන්නේ මගේ මහත්තයා.

සුමති සම්මාන උළෙලේදී ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනාගත්තේද උදාරි විසිනුයි. එය තමගේ රංගන ජීවිතයේදී ලැබුන වටිනාම සිහිවටනය බව පවසන උදාරි ඒ සතුට විස්තර කරන්නේ මේ විදිහටයි

ජනප්‍රිය නිළිය ගැන කියන්න කලින් මම ලබාගත්ත මනාප ප්‍රමාණය ගැන කිව්වා. ඒ මනාප ප්‍රමාණය ජනප්‍රිය නලුවා ලබාගත් මනාප ප්‍රමාණයට වඩා වැඩියි. ඒ මනාප ප්‍රමාණය ගැන කියද්දී මට හිතුණා ජනප්‍රියම නිළිය මම නොවේදෝ කියලා. මගේ හද ගැස්ම වැඩි වෙලා තියෙද්දී තමයි මගේ නම ඇහුණෙත්. ඇත්තතෙන්ම මේ සම්මානය ලැබුනේ මම නොහිතපු වෙලාවකයි. ඒ නිසා වෙන්න ඇති ඒ තිගැස්ම තවමත් මගේ හිතේ තියෙන්නේ


උදාරි රංගනයෙන් දායකවන "සිහින පියාපත්" ටෙලි නාට්‍යයේ ජායාරුප එකතුවක් පහතින් බලන්න 





Read more: http://www.gossip9.com/2011/12/blog-post_1263.html#ixzz1gjaRUJJN

Share this article with your friends