Chitika Smowtion 468x60


Saturday, December 17, 2011

අර්ජුන හා අරවින්ද තරඟ පාවා දුන්නා - ගාමිණි ලොකුගේ


1996 දී ලෝක කුසලානය දිනාගනිමින් මෙරට ජනතාවගේ ප්‍රසාදයට ලක්වූ අර්ජුන රණතුංග හා අරවින්ද සිල්වා යන ක්‍රීඩකයන් දෙදෙනා තරඟ පාවා දී ඇති බව හිටපු ක්‍රීඩා ඇමතිවරයකු වන ගාමිණි ලොකුගේ මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ මෙම ක්‍රීඩකයන් දෙදෙනා මුළු ක්‍රීඩා ඉතිහාසයම අඳුරු කර ඇති බවත් ඒ අවස්ථාවේදී ඔවුන් බේරා ගත්තේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාව සිටි තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා බවත්ය. 

නමුත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර සිටින්නේ තරඟ පාවාදීමේ චෝදනාවලින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තමා නිදොස් කොට නිදහස් කර ඇති බවයි. 

ලොකුගේ අමාත්‍යවරයාගේ කතාව හා අර්ජුනගේ පිළිතුර පහතින් බලන්න 


"මේ ක්‍රීඩා ඉතිහාසයම බ්ලැක් ලිස්ට් කරපු දෙන්නෙක් ඉන්නවා..ඒ දෙන්නම ඉන්දියාවේ පරික්ෂා කරලා..වාර්තා කරලා..අපේ රටවල් වලට ඉදිරිපත් කරලා තියෙනවා..එදා ඒ දෙන්න බේරුවේ කව්ද තිලංග සුමතිපාල මන්ත්‍රීතුමා..බේරුවේ කොහමද..


ලෝක ක්‍රිකට් සභාව ඒ කාලේ ක්‍රිකට් ෆික්ස් කරන එක දඬුවම් කරන කරුණක් නෙවෙයි කියන කාරනාව උඩ..ලෝකේ අනිත් හැම රටම ඒ වාර්තාවේ ආපු අයට දඬුවම් දුන්නා..ඉතින් මම නම් කියන්න යන්නේ නැහැ..ඔව් නම් කියන්නම් ඕන නම්..තමුන්නාසේ එක්කෙනෙක්, අර්ජුන රණතුංග එක්කෙනෙක්.."






Read more: http://www.gossip9.com/2011/12/blog-post_16.html#ixzz1gjegV000

Share this article with your friends