Chitika Smowtion 468x60


Monday, December 19, 2011

නිව්යෝර්ක්හි රිය අනතුරකට ලක් වූ රූකාන්තට අසාධ්‍යක් නැතිලු


ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය ගායක රූකාන්ත ගුණතිලක මහතාඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී රිය අනතුරකට භාජනය වී ඇතැයිවාර්තා වේ.නිව්යෝර්ක් නුවර ස්ටැටර්න් අයිලන්ඞ්හි ඇල්බාදේවස්ථානයේ පූජාවකට සහභාගී වී ආපසු යන අවස්ථාවේදී ඒමහතා මෙම අනතුරට ලක්වී ඇතැයි නිව්යෝර්ක් නුවර තානාපතිකාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රූකාන්ත ගුණතිලක මහතාගේ තත්ත්වය එතරම් අසාධ්‍ය නොවනබව වාර්තා වන අතර ඔහු මේ වන විට රිච්මන්ඞ් යුනිවර්සිටි මෙඩිකල් සෙන්ටර් හි ප‍්‍රතිකාරලබමින් සිටින බවද පැවසේ.එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතීව කටයුතු කිරීම හේතුවෙන්පීඩාවට ලක්වූ රූකාන්ත ගුණතිලක මහතා දේශපාලන රැකවරණ මත ඇමරිකාවේ ස්ටැටර්න්අයිලන්ඞ් හි කලක් වාසය කළේය.

පසුව මෑතකදී ජාතික රූපවාහිනියේ සංගීත අංශයේ ප‍්‍රධානියෙකු ලෙස කටයුතු කළ ඒ මහතාඉන් ඉවත්වී සියත මාධ්‍ය ආයතනයේ සේවයට එක් විය.

Share this article with your friends