Chitika Smowtion 468x60


Monday, December 19, 2011

බැට් මෑන්ට චීන්නු පහර පිට පහර දීලා


පසුගිය දිනක චීනයේ සංචාරයක නිරත වුනු "ද ඩාර්ක් නයිට්"බැට්මෑන් චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතය කි‍්‍රස්ටෝෆර් බේල් එහිදිඅමිහිරි අත්දැකීමකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.බේල් ගේඅළුත් ම චිත‍්‍රපටය වන ’ද ෆ්ලවර්ස් ඔෆ් වෝ’ හි ප‍්‍රවර්ධනකටයුතු සඳහා චීනයේ සංචාරයක යෙදුනු බේල්, එරට ප‍්‍රසිද්ධකි‍්‍රයාකාරියෙකු වන චෙන් ග්වාන්චෙන් නිවාස අඩස්සියේරඳවා සිටින ලින්යී නගරයට ගොස් තිබේ.ඔහුගේ ගමනටසී.එන්.එන්. පුවත්සේවයේ මාධ්‍යවේදී කණ්ඩායමක් ද එක්වඇත.

චීනයේ ජනගහනය පාලනය කිරීමේ අරමුණින්බලහත්කාරයෙන් සිදුවන ගබ්සා පිළිබඳව හෙලි කිරීමෙන්අනතුරුවඅන්ධ කි‍්‍රයාකාරියෙකු වන චෙන් ග්වාන් චෙන් මෙලෙස නිවාස අඩස්සියේ රඳවාඇත.’ද ෆ්ලවර්ස් ඔෆ් වෝ’ රූගතකිරීම් සඳහා මීට කලින් චීනයට පැමිණි අවස්ථාවේදී චෙන්ග්වාන්චෙන්ගේ කතාපුවත පිළිබඳ දැනගැනීමෙන් අනතුරුව හැඟීම්බර වී ඇති බේල් හටචෙන් ග්වාන්චෙන් හමුවීමට තැමැත්තෙන් පසුවී ඇත.

කෙසේ වෙතත්චෙන් ග්වාන්චෙන් හමුවීමට මෙම පිරිසට එහි සිටි චීන ආරක්‍ෂක නිලධාරීන්අවසර ලබාදී නොමැති අතර, ඔවුන්ට මෙහිදී ආරක්‍ෂක නිලධාරීන් විසින් පහරදී ඇතැයි දවාර්තා වේ.එතැනින් නොනැවතී ඇති ඔවුන් බේල් හා සී.එන්.එන්. මාධ්‍යවේදීන් ගමන්කළවෑන් රථය පසුපස විනාඩි 40ක් පමණ ලූහුබැඳ ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.

Share this article with your friends