Chitika Smowtion 468x60


Sunday, December 25, 2011

ටිරාන්ගේ ප‍්‍රකාශ බාධාවක් - එජාප නායකයින් ජෙනරාල්ට කියයි


ජෙනරාල් ෆොන්සේකාට ජනාධිපති සමාවක් ලබා ගැනීමට තමාට ජනාධිපතිවරයා සමග මාස දෙකක් තිස්සේ සාකච්ඡුා කරමින් ඔහු හා එකඟතාවයක් ඇති කර ගැනීමට උත්සාහ කරන බවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් මහතා මාධ්‍ය වෙත කර ඇති ප‍්‍රකාශ ජෙනරාල් නිදහස් කර ගැනීමේ සටනට උරදී සිටින පිරිස්වල කි‍්‍රයාමාර්ගවලට බරපතළ බාධාවක් වී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂයේ නායකයින් පිරිසක් ඊයේ (23) පස්වරුවේ සරත් ෆොන්සේකා මහතාට ප‍්‍රකාශ කර ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
එසේම, ජෙනරාල් ෆොන්සේකා ජනවාරි මාසයේ නිදහස් වන බවට මාධ්‍ය ඔස්සේ පළ වී ඇති වාර්තා හේතුවෙන්, ජෙනරාල් නිදහස් කරන ලෙසට රජයට බල කරමින් දෙසැම්බර් 10 වනදා ආරම්භ කළ අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයද අඩපණ වී ඇතැයි එම නියෝජිතයින් පිරිස පවසා තිබේ.


බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ දුක සැප සොයා බැලීම සඳහා විපක්‍ෂ නායක හා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාත්, එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් වන රවී කරුණානායක සහ වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතාත් ඊයේ පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් කරුණු ජෙනරාල්වරයාට පැහැදිලි කර තිබේ.
කෙසේ වුවද, තමා කිසිදු වරදක් කර නොමැති හෙයින් නිදහස ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයාගෙන් තමා හෝ තම පවුලේ කිසිවෙකු ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු නොවන බව අවධාරණය කර ඇති ජෙනරාල්වරයා, ඒ සම්බන්ධයෙන් විපක්‍ෂ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් සිදු කරනු ලබන ඉල්ලීමකට තමා විරෝධයක් නොමැති බවද, ඒ සම්බන්ධයෙන් දක්වන මැදිහත්වීම තමා අගය කරන බවද පවසා ඇත.
මෙහිදී ගංගාරාමාධිපති ගලබොඩ ඥානේස්වර හිමියන්ගේ මැදිහත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජෙනරාල්වරයා, උන්වහන්සේගේ මැදිහත්වීම තමා අගය කරන නමුත්, උන්වහන්සේ තමාගේ බිරිඳට අවමන් වන ආකාරයෙන් කළ ප‍්‍රකාශය පිළිබඳව දැඩි ලෙස කණස්සල්ලට පත් වූ බවද පවසා ඇත.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවත්, එක්සත් ජාතික පක්‍ෂයේ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳවත් මෙම හමුවේදී ඔවුන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වී තිබේ.


Source : lankanewsweb.com

Share this article with your friends