Chitika Smowtion 468x60


Sunday, December 25, 2011

රණ විරුවන් කළ කැප කිරීමට මුළු ජාතියේ ම ප‍්‍රණාමය හිමි විය යුතුයි


kaluthara War_Heroes_Shelteredජනාධිපති ලේකම්
කළගුණ සැලකීම අපේ මුළු ජාතියේ ම ලක්‍ෂණයක් වන බැවින්, රට රැක ගැනීම සඳහා උදාර රණ විරුවන් දිවි හිමියෙන් කළ කැප කිරීමට රණ විරුවන් වෙනුවෙන් සමස්ත ජාතියේ ම ප‍්‍රණාමය පිරිනැමීම සැමගේ යුතුකම බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි.

ජනාධිපති ලේකම්තුමා මේ බව පැවසූවේ, රට වෙනුවෙන් දිවි පිදූ උදාර රණ විරුවන් උදෙසා රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීම මත ක‍්‍රියාවට නංවා ඇති “අපි වෙනුවෙන් අපි” රණවිරු නිවාස ව්‍යාපෘතියේ 07 වැනි අදියර යටතේ කළුතර දිස්ත‍්‍රික්කයේ ඉදිකළ රණ විරු නිවාස 29ක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රණ විරු පවුල්වලට පිරිනැමීම වෙනුවෙන් කළුතර රජවත්ත ක‍්‍රීඩාංගණයේ අද (24) පැවැති උත්සවයට එක් වෙමිනි.


kaluthara War_Heroes_Sheltered_PS_LW
රණ විරු ජයග‍්‍රහණයන්ගේ ඉතිහාසය අමතක කර දමා වර්තමානය හා අනාගතය පමණක් සිතන්නේ නම් එම පිරිස් පැහැදිලි ජාතියක් නොවන බව ද ජනාධිපති ලේකම්තුමා මෙහි දී අවධාරණය කළේය.

පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙතෙක් අය-වැයක දී මුදල් අමාත්‍යවරයෙක් ඉදිරිපත් නොකළ ආකාරයෙන් ආරක්‍ෂක සේනාවන්ට උපරිම සහන සලසා රණ විරු සුබසාධනය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් මුල් තැනක් ලබා දී ඇති බව සඳහන් කළ වීරතුංග මහතා, එදා පාර්ලිමේන්තුවේ දී විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් මෙන් ම විපක්‍ෂ නායකවරයා වශයෙන් රණ විරුවන් වෙනුවෙන් විශාල හඬක් නැගූ බව ද මෙහි දී සිහිපත් කළේය.

අප රට තුළ සාමකාමී වාතාවරණයක් ඇති වූ නිසා අද වන විට ආර්ථික සංවර්ධන වේගය 8.4% දක්වා වැඩි වී ඇති බවත්, විරැකියා තත්ත්වය 5% දක්වා අඩු වී ඇති බවත් පෙන්වා දුන් ජනාධිපති ලේකම්තුමා, අපේ රට මේ ආකාරයෙන් සංවර්ධනය වී ඇත්තේ රණ විරුවන්ගේ උදාර කැප වීම හා රජයේ ප‍්‍රතිපත්තීන් නිසි ලෙස ක‍්‍රියාවට නැංවීම නිසා බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කළුතර දකුණ ග‍්‍රාමයේ රජවත්තේ ඉදිකළ රණ විරු නිවාසවලින් වන්නි මානුෂික මෙහෙයුමේ දී දිවි පිදූ යුද හමුදාවේ සාමාන්‍ය සෙබළ කේ.පී.ආර්. සඳරුවන් රණ විරුවාගේ බිරිඳ වන පී.බී. සඳමාලි මහත්මියට හිමි නිවස විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් මෙහි දී සිදු විය.

ඉතුරු රණ විරු පවුල් 28 හි නිවාසවල යතුරු ප‍්‍රදානය, ගෘහ උපකරණ කට්ටල හා රණ විරු පවුල්වල දරුවන්ට ත්‍යාග පිරිනැමීම ජනාධිපතිතුමා අතින් මෙහි දී සිදු වූ අතර, කළුතර නාගොඩ නවෝද්‍යා පාසලේ දූ දරුවන් 200 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.

මේ අවස්ථාවට එක් වූ ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අදහස් දක්වමින් කියා සිටියේ, රජය කිසි විටෙකත් රණ විරුවන් වෙනුවෙන් කළ යුතු මෙහෙවර අමතක නොකරන බවත්, රණ විරුවන් වෙනුවෙන් රජය උපරිම අයුරින් කැප වී අවශ්‍ය සියලු ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ය.

විපක්‍ෂයේ ඇතැම් පිරිස් මේ මොහොතේ දී රණ විරුවන් අපකීර්තියට පත් වන ආකාරයෙන් ප‍්‍රකාශ නිකුත් කරන බවත්, ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ යුද්ධය අවසන් වී ඇති නිසා රණ විරුවන්ගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන බැවින් ඔවුන් ගෙදර යැවිය යුතු යැයි මතයක් ඇති කර, රණ විරුවන් අපහසුතාවට පත් කිරීම බව මෙම අවස්ථාවට එක් වූ වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

එහෙත් අද රටේ ඕනෑ ම පුරවැසියෙකුට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කිසිදු බියක් සැකක් නොමැති ව නිදහසේ ඇවිද යාමේ අවස්ථාව උදා වී ඇත්තේ ජනාධිපතිතුමාගේ සේනාධි නායකත්වය හා රණ විරුවන්ගේ මහත් කැපවීම නිසා බව ද අබේගුණවර්ධන මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න, වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල, පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක ප්‍රියන්ත බණ්ඩාර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, යුධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී, ත‍්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා, යුධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද එක් ව සිටියහ.

HC/NP_pmu
kaluthara War_Heroes_Sheltered_1
kaluthara War_Heroes_Sheltered_2
kaluthara War_Heroes_Sheltered_3
kaluthara War_Heroes_Sheltered_4
kaluthara War_Heroes_Sheltered_4-
kaluthara War_Heroes_Sheltered_5
kaluthara War_Heroes_Sheltered_6
kaluthara War_Heroes_Sheltered_7
kaluthara War_Heroes_Sheltered_8

Share this article with your friends