දැන් කළ යුත්තේ එම කෘෂි නාශක තොගය වෙළඳපොළ වෙත නිකුත් කිරීම බව තමා පෞද්ගලිකව රේගුව වෙත දැනුම් දී ඇති බවත් පලිබෝධනාශක රෙජිස්ටාර්වරයා කීය.
කෙසේ වෙතත් මේ වනවිට වෙනත් පරිසර කණ්ඩායමක් විසින් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවත්, තමන්ටද අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇතැයි දැන ගන්නට ලැබුණු බවත් රෙජිස්ටාර්වරයා සඳහන් කළේය.
මෙම ආසනික් සම්බන්ධ ප‍්‍රශ්නය මතභේදයකට හා ආන්දෝලනයකට තුඩුදීම නිසා මේ වනවිට ආසනික් ඇතුළු බැර ලෝහ 09 ක් හා සයනයිඞ් මිශ‍්‍ර දැයි වසරකට වරක් කෘෂි නාශක සමාගම්වලින් වාර්තාවක් ගෙන්වා ගෙන විශ්ලේෂනය කරන බවත් රෙජිස්ටාර්වරයා ප‍්‍රකාශ කළේය.
එම ලෝහ අන්තර්ගත විය යුතු ප‍්‍රතිශතය අභිබවා අන්තර්ගතවී ඇත්නම් එම කෘෂි රසායන තහනම් කිරීමටද කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කීය.
- රාවය