Chitika Smowtion 468x60


Thursday, January 12, 2012

රෙඩ් එපික් තාක්ෂණය හොලිවුඩ් වලින් දැන් ලංකාවටත්


පළමු චිත්‍රපටය "වෛශ්නාවී "

ලෝකයේ ඉහලම තාක්ෂණයක් භාවිතා කර ෆිල්ම් නිපදවන්නේ හොලිවුඩ් වලයි. ඒ සඳහා ඔවුන් යොදාගන්නා නූතන කැමරාව වන්නේ රෙඩ් එපික් සිනමා කැමරාවයි.

මෙම අධි තාක්ෂණික සිනමා කැමරාව පසුගියදා ශ්‍රී ලංකාවටද හඳුන්වා දුන්නා. ඒ ඒෂියා ඩිජිටල් එන්ටර්ටේන්මන්ට් ආයතනය හරහායි.

මේ අනුව රෙඩ් එපික් කැමරාවක් යොදාගනිමින් ඉදිරියේදී ලංකාවේදීද චිත්‍රපට නිෂ්පාදනය කෙරෙන අතර මෙම කැමරාවක් භාවිතා කරමින් නිපදවෙන මුල්ම චිත්‍රපටය වන්නේ සුමිත්‍රා පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන "
වෛශ්නාවී" නම් චිත්‍රපටයයි. එහි මුහුරත් උළෙලද පසුගියදා පැවැත්වුනා.


රෙඩ් එපික් තාක්ෂණය යොදාගගන හොලිවුඩ් සිනමාවේ මෑත කාලයේ ජනප්‍රියත්වයට පත්වූ චිත්‍රපට වන්නේ Pirates of the Caribbean, The Hobbit, Social Network, Angels and Demons, You Don’t Get to 500 Million Friends Without Making a Few Enemies සහ The Girl with the Dragon Tattoo යන ඒවායි

ඇමරිකාවේ නිශ්පාදිත මෙම කැමරාවක් මඟින් ගන්නා වීඩියෝවක තත්පරයකට රූප රාමු 120ක් ලැබෙන අතර එම සෑම රූප රාමුවක්ම මෙගා පික්සල් 14ක ධාරිතාවයකින් යුක්තයි. 




Source: http://www.gossip9.com/2012/01/blog-post_2019.html#ixzz1jGVwau5K

Share this article with your friends