Chitika Smowtion 468x60


Sunday, March 25, 2012

කටුගේ කඩු සොරකම සෙවීම යට ගහලා


ජාතික කෞතුකාගාරයේ පෞරාණික කඩු සොරා ගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු මේවනවිට අඩා වී ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය චෝදනා කරයි. කෞතුකාගාරයේ ආරක්ෂාව ප‍්‍රමාණවත් නොවන හෙයින් එහි ආරක්ෂාව වැඩි කරන්නයි තමා දිගින් දිගටම අදාළ බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා තිබුණද ඒ පිළිබඳව නොසලකා හැරීම නිසා මෙම සොරකම සිදු කළ පුද්ගලයන්ට වාසි සහගත වූ බව ඇය ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පවසා තිබේ.
කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල්වරියට අනුව මෙම සොරකම වූ දිනයේ ද ආරක්ෂක කැමරා පද්ධතිය හොඳින් ක‍්‍රියාත්මක වී තිබේ. ඇය මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේ එහි දත්ත සටහන් වීඩියෝ පටය පොලිස් පරීක්ෂණ සඳහා ලබා දී ඇති බවයි. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ කොළඹ කෞතුකාගාරයේ සිදු වූ අසිපත් සොරකම සිදුවූ දිනයේ  කෞතුකාගාරය තුළ ආරක්ෂක කැමරා පද්ධතිය ක‍්‍රියාත්මක වූයේද නැද්ද යන්න නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි බවයි. එවන් ප‍්‍රකාශයක්, පැවැත්වෙන පරීක්ෂණවලට බාදාවක් බව ඔහු සඳහන් කළේය.

කෙසේ වුවද ආරක්ෂක කැමරා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා සඳහන් කළේ සොරකමට දින දෙකකට පෙර එම කැමරාව අක‍්‍රීය බවයි.

කෙසේ වුවද, කෞතුකාගාරයේ සොරකමට අදාළ පරීක්ෂණ අඩපන වී ඇත්දැයි අප රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළ පරීක්ෂණ අඛන්ඩව සිදු කරන බවත්, දේශපාලන ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ ප‍්‍රසිද්ධ පුද්ගලයකුගෙන් කට උත්තරයක් ලබා ගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවත්ය. ආරක්ෂක ලේකම්වරයා මේ වනවිට ජපානයේ සංචාරයක නිරත වී ඇති බැවින් ඔහු පැමිණි වහාම අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ සිදු කිරිමට බලාපොරොත්තු වන බවත් එහි දී මෙම සොරකමට අදාළ වැදගත් තොරතුරු හෙළිදරව් කර ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවත් එම පොලිස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.


Source - lankanewsweb.com

Share this article with your friends