Chitika Smowtion 468x60


Sunday, March 25, 2012

අනූෂගේ රෝහල් ගාස්තු ගෙවීමට ජොනි ඉදිරිපත් වේ


හදිස්සියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා නාරාහේන්පිට ඇපලෝ රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තා වීමත් සමඟ ඊට අදාළ රෝහල් ගාස්තු ගෙවීමට වී.එෆ්.එම්. නාලිකාවේ අධ්‍යක්ෂ රිස්ලි ඉල්ලියාස් නොහොත් ‘මනිලොන්ඩරින් ඩිඩා’ මහතා ඉදිරිපත්වී තිබේ.
ශ‍්‍රී ලංකා රග්බි සම්මේලනයේ මහලේකම්වරයාද වන මනිලොන්ඩරින් ඩිඩා මහතා මේවනවිට ව්‍යාපාරික කටයුත්තක් සඳහා වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා සමඟ මැලේසියාවට ගොස් සිටින අතර, ඔහු වෙනුවෙන් ඇපලෝ රෝහලට ගොස් බිල් ගෙවීමට ඉදිරිපත් වී ඇත්තේ වී.එෆ්.එම්. නාලිකාවේ ප‍්‍රධානියෙකු වන ඩිල්ශාන් හසන් නැමැත්තාය. 

වී.එෆ්.එම්. නාලිකාව මේවනවිට වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් මිල දී ගෙන ඇති අතර එහි පරිපාලන කටයුතු මෙහෙයවනු ලබන්නේ ඇමතිවරයාගේ සමීපතම ජාවාරම්කාර මිතුරාවන මනිලොන්ඩරින් ඩිඩාය. වී.එෆ්.එම්. නාලිකාව පුළුල් කිරීමට අදාළ කටයුතු වලදී අනුෂ පැල්පිට මහතා සමඟ සමීපව කටයුතු කරන ලෙසත්, ඔහු වෙනුවෙන් වියදම් කරන ලෙසත් ඩිඩාට උපදෙස් දී ඇත්තේ වෙළෙඳ ඇමතිවරයාය. 

ඒ අනුව වී.එෆ්.එම්. නාලිකාවට වැඩිපුර ගුවන්විදුලි සංඛ්‍යාත :ඍරුුමැබජැ* දෙකක් ලබා ගැනීම සඳහා අනුෂ පැල්පිට මහතාට රුපියල් කෝටි දෙකක අල්ලසක් දීමට ‘මනිලොන්ඩරින් ඩිඩා’ මහතා ඉදිරිපත් වී ඇති බව මාර්තු 17වන දා අප වාර්තා කළෙමු.


Source - lankanewsweb.com

Share this article with your friends