Chitika Smowtion 468x60


Sunday, March 25, 2012

වැන්දඹු වූ උතුරේ කාන්තාවන් ගණිකා වෘත්තියට ඇද වැටිලා


ගණිකා වෘත්තියෙන් සිය ජීවිකාව සපයා ගැනීම හැර යුද්ධය හේතුවෙන් සිය සැමියන් හා පුතුන් අහිමි වූ උතුරු නැගෙනහිර කාන්තාවන්ට වෙනත් ජීවනෝපාය මාර්ගයක් ඉතිරි වී නැතැයි ධීවර සහයෝගිතා සංවිධානය පෙන්වා දේ. එම ව්‍යාපාරයේ ගීතා ලක්මිණී මහත්මිය පෙන්වා දෙන්නේ උතුරු නැගෙනහිර කාන්තාවන් 85,000කට වැඩි පිරිසක් යුද්ධය හේතුවෙන් වැන්දඹු භාවටය පත්වී ඇති බවයි.
මෙම යුද්ධයෙන් වැන්දඹු භාවයට පත් කෙරෙනු කාන්තාවන් උදෙසා රජය කිසිදු පියවරක් ගෙන නොමැති බව ඇය සඳහන් කරයි. 

මන්නාරම දිස්ත‍්‍රික්කයට අයත් එක් ගම්මානයක කිසිදු පවුලක පිරිමි සමාජිකයන් නැති තත්ත්වයක් උදා වී ඇති බවත්, ඇය පෙන්වා දේ. සිය දරුවන්ට කෑමට යමක් ලබා දීම සඳහා සිය සිරුර විකිණීමට ඔවුන්ට සිදු වී ඇති බව ඇය වැඩි දුරටත් පවසයි.

යුද්ධය හේතුවෙන් කාන්තාවන් දහස් ගණනක් කායික රෝගවලට හා අවපීඩනය වැනි මානසික රෝගවලට ගොදුරු වී ඇතියිද ගීතා ලක්මිණී මහත්මිය වැඩිදුරටත් පවසන්නීය.

පසුගියදා ‘සමාජ සාධාරණත්වය උදෙසා කාන්තා ව්‍යාපාරය’ සංවිධානය කළ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ‘මානව සම්පත් සංවර්ධනය පිළිබඳව විලූතු මධ්‍යස්ථානය’ විධායක අධ්‍යක්ෂිකා ශාන්තිනි සත්‍යානන්දන් මහත්මිය පැවසුයේ බොහෝ රටවල් යුද්ධයකින් පසුව පීඩාවට පත් කාන්තාවන් මානසික අස්වැසීම සඳහා යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කරන බවයි. වගවීම යනු අප මිනිසුන් බව ලෝකයාට පෙන්වීමට අවස්ථාවක් බවද ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.


Source - lankanewsweb.com

Share this article with your friends