තමා ඉදිරි දින කිහිපය තුලදී ඇමරිකාවට එරෙහිව වැඩට බහින බව මර්වින් සිල්වා අමාත්‍යවරයා ඊයේ කැළණිය ප‍්‍රදේශයේ පැවති ආගමික උත්සවයකදී අවධාරනය කළේය.
මර්වින් සිල්වා අමාත්‍යවරයාට මෙන්ම ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ හා චම්පික රණවක යන අමාත්‍යවරුන්ද ජේ.ආර්.පී. සූරියප්පෙරුම මන්ත‍්‍රිවරයාද වෙන වෙනම කැඳවා ඇති ජනාධිපතිවරයා ඇමරිකාවට එරෙහිව පුලූල් ප‍්‍රචාරයක් ගෙන යැන්නැයි දැනුම්දී තිබේ.
තමන්ගේ දරුවන් දෙදෙනා උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට යැවීමට තීරණය කර ඇති බැවින් මෙම අවස්ථාවේදී ඇමරිකාවට එරෙහිව ප‍්‍රකාශයක් නිකුත් කිරීමට තමන්ට ඇති නොහැකියාව පැහැදිලි කර ඇති ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා, තමන්ගේ මාධ්‍ය කණ්ඩායම හරහා ඇමරිකාවට එරෙහිව පුලූල් ප‍්‍රචාරයක් දියත් කිරීමට ජනාධිපතිවරයාට එකඟ වී තිබේ. ඒ අනුව පසුගිය දා ‘ලක්බිම’ පුවත්පතේ නුවන් ගන්කන්ද, ‘ලංකාදීප’ පුවත්පතේ අජන්ත අගලකඩවත්ත සහ ‘දිවයින’ පුවත්පතේ බුලිත ප‍්‍රදීප් කුමාර වෙන වෙනම කැඳවා ඇති අලහප්පෙරුම අමාත්‍යවරයා ඇමරිකාවට පහර ගසමින් යළිත් රටපුරා ‘‘දේශපේ‍්‍රමය අවුලූවාලීම සඳහා උපරිම මැදිහත්වීමෙන් කටයුතු කරන ලෙස’’ ඉල්ලා තිබේ.
එකී මාධ්‍යවේදීන්ට ලඟදීම චීනයේ සංචාරයක් ලබාදෙන බවටද ඇමතිවරයා පොරොන්දු වී ඇත.
අප වෙත වාර්තාවන පරිදි ඇමරිකානු පුරවැසිබාවය ලබා ඇති අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ඇමරිකාවට එරෙහිව කිසිදු ප‍්‍රකාශයක් කිරිමට තමා සූදානම් නැති බව පවසා තිබේ.
Source - lankanewsweb.com