Chitika Smowtion 468x60


Tuesday, March 13, 2012

සුදු වෑන් භීතිකාව රජයේ නිර්මාණයක්ද? (දෙවන කොටස)


කෙටි පණිවිඩ පුවත් වලටත් වාරණයක්
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා විසින් ඊයේ මාධ්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙන්නේ ආරක්ෂක හමුදා, පොලීසිය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ පුවත් ජංගම දුරකතන වෙත කෙටි පණිවුඩ (SMS News Alerts) ලෙස යොමු කිරීමට පෙර ජාතික අරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අනුමැතියට ලක්විය යුතු බවයි. 

පසුගියදා වෙඩි තබාගැනීමෙන් හමුදා සෙබළුන් තිදෙනෙකු මිය යාමත්, සුදු වෑන් වලින් පැහැරගැනීමෙන් පසුව එම පුවත් ක්ෂණිකවම ජනතාව වෙන යන නිසාත් රජය විසින් හදිසියේ මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී තිබෙනවා.

සුදු වෑන් භීතිකාව රජයේ නිර්මාණයක්ද?
මීට පෙර ලිපියකින් අප කියා සිටියේ සුදු වෑන් නිර්මාණය රජයේ ක්‍රියාවක් බව අප ප්‍රශ්න කර සිටියා.ඒ බව කොළඹ දිසාවේ උසස් පොලිස් නිලධාරියෙකු පසුගියදා ලංකාදීප පුවත්පතට පවසා තිබුනේ ඉදිරි කාලයේදී මතුවන උද්ඝෝෂණ වලට මුහුන දීමට රජය මගින් විශාල වශයෙන් මෙරටට කඳුළු ගෑස් ගෙන එන්න ක්‍රියා කරලා අවසාන බවත් ඊට අමතරව අවශ්‍යය තරම් සුදු වෑන් ලංකාවේ තිබෙන බවත්ය.

සුදු වෑන්කරුවන් හෙළිවේ?
රටම භීතියට පත් කරමින් කලක පටන් පුද්ගල පැහැර ගැනීම වාර්තා වුණා. පසුව ඇතමෙකුගේ සිරුරු ගංගා වල පාවෙමින්ද, තවත් පිරිසකගේ සිරුරු පාරවල් වල වෙඩි තබා ඝාතනය කර දමා තිබීමෙන්ද හමුවූණා. තවත් සිරුරු පාරවල් වල දැවෙමින්ද හමුවූ අතර මුහුදට දැමූ සිරුරු ගොඩ ගැසීමෙන්ද හමුවූ නමුත් තවත් පුද්ගලයින්ට සිදුවූ දෙයක් තවමත් වාර්තා වී නැහැ.

අළුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට පසුගිය 13 වෙනිදා පැහැර ගැනීමට ලක්වූ මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි "කුඩු මර්වින්" නොහොත් නෙතියස් චන්ද්‍රපාල නැමැත්තාගේ සිරුර හමුවුනේ හමුවුනේ නාරාහේන්පිට බොතේජු මාවතේ දැවෙමින් තිබියදී.

මර්වින් සිල්වාගේ කැළණියේ බල පරාක්‍රමය බිඳවැටීමට හේතුවූයේද ඔහුගේ සුවච කීකරු ගෝලයෙක් වූ, එසේම ඔහුගේ සම්බන්ධීකරණ ‍ලේකම් ලෙස කටයුතු කළ බව කියන අමල් රොද්‍රිගු සුදු වෑන් කල්ලියේ පැහැරගැනීමට ලක්වීමත් සමඟයි. මර්වින්ගේ කප්පම්, මැර ක්‍රියා අමල් වමාරනු ලැබූ අතර ඔහු පසුවදාම රටින් පැන ගියා 
පැහැර ගත්තේ කුඩුකාරයෝ , පාතාලයේ සාමාජිකයන්
පැහැරගැනීම් වලට ලක්වූ බොහෝ පුද්ගලයින් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයින් වූ අතර තවත් බොහෝ දෙනෙක් පාතාල ක්‍රියාකාරීන් වුණා.

මෙලෙස පැහැරගැනීම වලට සම්බන්ධ සුදු වෑන්කරුවන් කවුරුන්දැයි මෙතෙක් වාර්තා නොවූ අතර පොලිස් බාධක සහිත අධි ආරක්ෂිත කලාපයන්ගෙන්ද මෙවන් පැහැරගැනීම් වාර්තා වූ නිසාත්, අධික හමුදා සෙබළුන් පිරිසක් සිටින යාපනය ප්‍රදේශයේ මෙවන් පැහැරගැනීම් සිදුකර මාර්ග බාධක වලින් බේරී යාම නිසාත් බොහෝ දෙනෙක් විශ්වාස කළේ මෙය රජයේ බලගතු පුද්ගලයෙකු විසින් මෙහෙයවන හමුදා පිරිසකගේ ක්‍රියාවක් බවයි.

සමාජ මතය 
තවද ඇතැම් පිරිස් මෙම පැහැර ගැනීම් අනුමත කලේ සමාජයට පිළියක් වූ මෙවන් පැහැරගැනීම් වලට ලක්වූ පුද්ගලයන්සමාජයෙන් ඉවත්කිරීම සුදුසු බවය.

එලෙස පැහැරගැනීමට පැමිණි පිරිසක් පසුගියදා කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගනය අසලදී කොටුවී තිබෙනවා. ඒ කොළොන්නාව නගරාධිපතිව පැහැරගන්න ආ අවස්ථාවේදීයි. එහිදී හෙළිවී තිබෙන්නේ ඔවුන් හමුදා සෙබළුන් බවයි. කුපිතවූ ප්‍රදේශවාසීන් විසින් සුදු වෑන් රථයට පහරදී දැඩි අලාභ හානි සිදුකර තිබෙනවා.

කොළොන්නාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරාගේ සහෝදරයා වන ජානක ප්‍රභාත් නැමැත්තා සුදුපැහැති වෑන්රථයකින් පැමිණි පිරිසක් විසින් මීට පෙර පැහැරගෙන ගියා. ඔහු වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවරිදි වියේ පසුවූවෙකි. සහෝදරයාගේ පැහැරගැනීමෙන් පසු සුදු වෑන්කරුවන් පැමිණියේ කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා පැහැරගැනීමටයි.

නමුත් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටි ඔවුන් මෙම සුදුවෑන්කරුවන් අල්ලාගන් තිබෙනවා. ඒ පිළිබඳව ඔහු පවසන්නේ මෙලෙසින්.
"මගේ මල්ලි ඝාතනය කළ අයම තමයි ඊයෙ මාව ඝාතනය කරන්න ආවේ. මම ක‍්‍රීඩා සමාජයක් ආරම්භ කරල තියෙනවා ඒකෙ මාස 3 ක ප‍්‍රගතිය සාකච්ජා කරන්න අපි ග‍්‍රවුන්ඞ් එකේ රැස් වෙලා හිටිය. මට විරුද්ධ කෝදාගොඩල ග‍්‍රවුන්ඞ් එකට ආවහම මට සැක හිතුන එතකොට සුදු වෑන් එකක් ඇවිල්ල තියෙන බව ආරංචි වුනා.

මේගොල්ල 4 විතර ඉඳන් රැකගෙන හිටිය. අපිත් පරීක්‍ෂාවෙන් හිටියෙ. 6 ට විතර අපිත් වටකළා. මම වැල්ලම්පිටිය පොලීසියට කතා කරල කීව සුදුවෑන් එකකින් මල්ලි පැහැර ගත්ත වගේ මාවත් පැහැර ගෙන යන්න ඇවිල්ල තියෙනව කියල. පොලීසිය එනකොට වෑන් එක ඇදල යන්න හැදුවෙ. ඒකෙ 4 දෙනෙක් හිටිය. අපේ අය වටකරන කොට එකෙක් මට වෙඩි තිබ්බ. මගේ ලඟ තියෙන නිල පිස්තෝලයෙන් මමත් වෙඩි තිබ්බ. එකෙක් පැනල ගියා.

වෑන් එකේ උන් අල්ල ගත්ත. පස්සෙ ග‍්‍රවුන්ඞ් එකේ කාමරේට දාල දෙකක් තුනක් ගහනකොට කිව්ව ‘අපි ආමි, අපි ආමි’ කියල. මල්ලිව පැහැරගෙන යනකොට දැක්ක අය ඇවිත් එකෙක්ව අඳුන ගත්ත. මල්ලිව පැහැරගෙන ගිය වෙලාවෙ ඌ එතන හිටිය කියල. පස්සෙ පොලීසියට බාරදුන්න. දැන් ආරංචියි ඇවිල්ල බලෙන්ම පොලීසියෙන් උන්ව අරගෙන ගියා කියල. දැන් මගේ ජීවිතය අනතුරේ"


පැහැර ගැනීමට පැමිණි සුදු පැහැති වෑන් රථය හමුදාවට අයත් එකක් බව හෙළිදරව්වී තිබේ. හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජී.වී. රවිප්‍රිය මහතාද ඒ බව තහවුරු කර තිබෙනවා. කෙසේ වෙතත් පොලීසියට භාරදුන් හමුදා සාමාජිකයින් පිරිස එදිනම නිදහස් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පැහැරගැනීමට පැමිණි WP CC 8649 දරණ රථයේ රියැදුරු ලෙස කටයුතු කර ඇත්තේ සිවිල් පුද්ගලයෙකි. මෙම රථය රජයට පවරා ගත් වාහනයක් වන අතර අනිත් හමුදාවේ සිව් දෙනාම කාර්ය භාරයක් නොමැති අය ලෙස කොළඹ යුද හමුදා මූලස්ථානයට අනුයුක්තව සිට ඇති අතර මෑතකදී වවුනියාවේ 13 වන බලසේනා මූලස්ථානයට අනුයුක්ත කර ඇති නමුත් කොළඹ යුද හමුදා මූලස්ථානයේ නියෝග මත ක‍්‍රියා කරන බවයි පවසා තිබෙන්නේ.

මේ පිළිබඳව වැඩිදුරටත් පවසන කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා.

"ආරක්ෂාවට මට පොලීසියේ හතර දෙනෙක් දීලා තියනවා. එහෙත් මේ සිද්ධිය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් නැති බව පැහැදිලියි. මේක යට ගහන්නයි සූදානම. සිංහලයාට දවස් 7න් සියල්ල අමතක වෙනවා කියලා තියෙන්නේ. එහෙත් මට නම් අමතක වෙන්නේ නෑ මම කරපු දේවල්. ඒ නිසා මාව වට්ටන්න බෑ. මටයි අපේ ජනතාවටයි ස්ථිර විසඳුමක් දෙන්න ඕනේ. මේ සිද්ධියට සාධාරණ පරීක්ෂණයක් කර ඔප්පු කරන්න ඕනේ මේ අය කවුරුන්ද කියලා.

මගේ මල්ලිව ඝානය කරන්න සුදු වෑන් වලින් ආව අයව හඳුනගත්තා ඒ නිසා ඒ අය කවුද කියලා රටට හෙළි කරන්න ඕනේ. වැරදි කරලා තියනවා නම් කවුරු හරි නීතිය අනුව අත්අඩංගුවට ගත යුතුයි. නීත්‍යානුකූලව දඬුවම් දිය යුතුයි. එහෙම නැතිව උස්සගන ගිහින් දඬුවම් කරලා අපරාධ නතර කරන්න පුළුන්ද?

එහෙම නැතිනම් මැතිවරණයකින් මැතිවරණයකට අපරාධකාරයෝ බිහිවෙයි. ජන්දයක් ලංවුනාම ලොකු අය ඇවිත් ගමේ කොල්ලෝ ටික ලංකරගන ඒ අයගේ විරුද්ධවාදීන්ට ගහන්න මරන්න පාවිච්චි කරලා ජන්දය ඉවර වුනාම ඒ අය අයින් කරනවා. ඊට පස්සේ ගමේ කොල්ලන්ට වෙන්නේ ලොකු අය නිසා දාගත්ත නඩුවලට උසාවි ගානේ ගිහින් රස්තියාදු වෙන්නයි. නඩු වලට වියදම් කරන්න ඊට පස්සේ උන්ට වෙන්නේ මංකොල්ලකන්නයි, කුඩු විකුණන්නයි"


රජයේ පැහැදිලි කිරීම 
මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය පැහැදිලි කිරීමක් සිදුකොට තිබුන අතර එම නිවේදනයේ සඳහන් වුයේ එම සුදු වැන් රථය පැමිණ තිබුනේ පැනගිය හමුදා සෙබලෙකු අල්ලා ගැනීමට බවයි.






Source: http://www.gossip9.com/2012/03/blog-post_5929.html#ixzz1p0VOrxdR 

Share this article with your friends